ඛේදවාචකය

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ප්‍රාදේශීය සභාපති රණසිංහ ළමා පාසලකට පැමිණියේ උත්සවයේ ආරාධිතයා ලෙසටයි. උත්සවය අවසානයේ දී එම පාසලේ දරුවන්ගේ පන්තියේ පැවැත්වූ සාකච්ඡාවකට සහභාගී වීමට ඔහුට ඇරයුම් ලැබිණි.

ගුරුතුමී : අපි අද සාකච්ඡා කරන්නේ “ඛේදවාචකය” කියන වචනයයි. සභාපතිතුමනි, ඔබතුමා සාකච්ඡාව පටන් ගන්නවා නම් හොඳයි.

සභාපති : ඛේදවාචකය කියන වචනයට උදාහරණයක් කියන්න.

අත් එසවූ ළමයෙක් : මගේ හොඳම මිත්‍රයා ගොවිපොළකයි ජීවත් වෙන්නේ. එයා සෙල්ලම් කරමින් ඉන්න කොට ට්‍රැක්ටර් එකක් එයාව යට කරනවා. එයා මැරෙනවා. ඒක මහා ඛේදවාචකයක්.

සභාපති : නෑ දරුවෝ. ඒක ඛේදවාචකයක් නෙවෙයි. ඒක අනතුරක් හැටියට හඳුන්වන්න පුළුවන්.

තවත් ළමයෙකු අතක් ඔසවා : ළමයින් පුරවා ගත් බස් රථයක් කන්දෙන් පහලට වැටී කුඩු පට්ටම් වෙලා ළමයි සියලු දෙනාම මැරෙනවා. ඒක ඛේදවාචකයක් නේද ?

සභාපති : නෑ දරුවෝ ඒක අපිට විශාල පාඩුවක් හැටියට කියන්න පුළුවනි.

ප්‍රශ්න ඇසීමට නැතිව කාමරය පුරා නිශ්ශබ්දතාවය පැතිර ගියේය.

සභාපති : මේ දරුවන් අතරෙන් එක් කෙනෙක්වත් නැද්ද ඛේදවාචකයකට උදාහරණයක් දෙන්න ?

කාමරයේ අග පේලියේ සිටි දරුවෙකු නැගිට “සභාපතිතුමෝ ! ඔබතුමයි, විපක්ෂ නායක ජයසිංහ මහත්තයයි, අහස් යානාවක ගමන්කරමින් සිටියදී නාඳුනන පිරිසකගේ මිසයිල් ප්‍රහාරයකට ලක්වී අහස් යානාව කඩා වැටී ඔබ දෙදෙනා මරණයට පත් වුණොත් ඒක ඛේදවාචකයක් හැටියට ගණන් ගන්න පුළුවන් නේද ?

ප්‍රීතියන් ඉපිල ගිය සභාපතිවරයා “හරියට හරි පුතේ. ඔයා ඉතාම ගැලපෙන උත්තරයක් තමයි දුන්නේ. ඒත් ඒක ඛේදවාචකයක් වෙන්න හේතුව මොකක්ද ?”

දරුවා : ඒක ඛේදවාචකයක්ම වෙන්න ඕනේ. ඒ මොකද ඔබ දෙදෙනා මිය යාම විශාල පාඩුවක් හැටියට ගන්න බෑ. ඒ වගේම මේ සිද්ධිය අනතුරක් හැටියට ගන්නත් බෑ. ඒ හින්දා ඒක ඛේදවාචකයක්ම තමයි කියල කියන්න පුළුවන්