ගංගොඩවිල සෝම හිමිගේ මාක්ස්වාදය!
ගංගොඩවිල සෝම හිමි ගේ මාක්ස්වාදය!
Posted: 2:10 pm, December 16, 2013
සමනළ සංධවනිය ච්ත්‍රපටිය ගැන කතා කරන්නට දෙයක් නැති නිසා නෙවි ජයන්ත ගැන කියන්න කිසිම දෙයක් නැති නිසා අපි මේ ච්ත්‍රපටිය ගැන කිසිම දෙයක් ලියන එක හිතා මතා මගහැරියා. ඔය අතරේ තමයි ඉසුරු ච්න්තන කියලා කෙනෙක් මේ ගැන බූන්දි වෙබ් අඩවියට ලිපියක් ලියන්නේ අපි පෞද්ගලිකව ඉසුරු චින්තන කියන්නේ කවුද කියන එකවත් එයා අපි ගැන දන්නවද නැද්ද කියන එකවත් දන්නෑ. එයාගේ දේශපාලන මතය මොකක්ද කියන කාරණ ගැනත් අපට වැටහීමක් නැහැ. ඒත් ඉසුරු සමනල සංධවනිය ගැන කියන කතාව නම් අපිට තේරුම් ගන්න පුලුවන්. ඒ ගැන හොදින්ම අපට වැටහෙන්නේ මේ ලිපියට ලැබිලා තිබුන ප්‍රතිචාර දැක්කමයි. ගොඩක් අය මේ ලියමන හරහා ඉසුරුව කුරුසියේ තියලා ඇණ ගහන්න උත්සහ කරනවා අපි දැක්ක. මේ ලියමන ගොඩක් අයට දරා ගන්න අමාරු ඉසුරු අමුවෙන්ම යථාර්ථය නිරුවත් කරලා කතා කරන නිසයි. මේ නිසා කලාව ගැන අතීත වේදනාවක් තිබුන ගොඩක් අයගේ ෆැන්ටසීන් කඩා වැටෙනවා.
ඒ අනුව ඉසුරු කියන්නේ සාමාන්‍ය කලාකාරයෙකු ගේ සිහින ලෝකය බිදදාන රාක්ෂයෙක්.
මේ නිසා තමයි ගොඩක් අය අතීතයේ කලාවේ හිටපු පරමාදර්ශ ගැන කතා කරන්නේ. සංවේදී මිනිස්සු ගැන කතා කරන්නේ මානුෂවාදී විජේ කුමාරතුංග යළි කරළියට ගෙන එන්නට උත්සහ කරන්නේ. හැබැයි මේ මහා මානව හිතවාදී විජේ කුමාරතුංග ච්ත්‍රපට තිරයෙන් පිටුපස ගෑනුන්ට කරපු දේවල් මේ අය දන්නෑද්ද? ඇත්තටම මානුෂික විජේම තවත් විටෙක ස්ත්‍රී පරපීඩාකාමායෙක් ලෙස හැසැරෙන්නේ කොහොමද? ගොඩක් අයට අමතක දෙයක් තමයි මේ මහා මානාව හිතවාදී විජේ කුමාරතුංගගේ බිරිද තමයි ලංකාවේ ජනාධිපති වුනේ කියන එක. ඇය සිය ධූර කාලය තුළ හැසිරුණ ආකාරය සහ විජේ ගේ මානව ප්‍රේමය සමපාත වන්නේ කොහොමද කියන එක කවුරුවත් කතා කරනවද?
ඉසුරැ විසින් බිද හෙලන්නට උත්සහ කරන්නේ ලංකාවේ කලාව සම්බන්ධයෙන් තියෙන මෙන්න මේ යථාර්ථයයි.
මේ කාරණය අපිට දේශපාලන සාධකයක් ඇසුරෙන් තේරුම් ගන්න පුලුවන්. දැන් මේ මෑතක පටන් ගොඩක් අය දේශපාලනය කරන අයගේ සුජාත භාවය හොයන්න උත්සහ කරනව. අපි සමාජයේ යටිබඩ අතගානවා කියලා අපට දෝෂාරෝපණයක කරනව. ඒ නිසා අතීතයේ හිටපු ආදරණීය දේශපාලන චරිත වල අවතාර කැදවලා අපට අභියෝග කරන්නට උත්සහ කරනව. ඒ නිසා මේ කාලයේ වැඩිපුරම කතා කරන්නේ පරාර්ථකාමී සොදුරු මිනිසා බොකුටු කෙස් වැටියේ සැගවුණ මානව වාදී ප්‍රේමය දයා පතිරණ, අප හැර ගිය සදා සොදුරු මාරේ නන්දන මාරසිංහ, මානුෂික කෙලී සේනානායක වගේ චරිත ගැනයි. මේ අයගේ ෆැන්ටසිය මෙහෙම එකක් අපි දේශපාලනයේ දී කරන විවේචනය සමනල සංධවනිය ගැන චින්තන ගේ විවේචනය වගේම හරිම රළු,අමු නරුමවාදී නොවද විවේචනයක් ඒ නිසා තමන් ගේ ඇත්ත ජීවිතය විවේචනයකට ලක් කරවන දේශපාලන භාවිතාවකට ගොඩක් අය බයයි.
ඒ නිසා තමයි සමහරු අහන්නේ අපි දේශපාලනය කරන්නේ ඇත්තටමද?
ඔයාලා කරන දේශපාලනය අපි පිළිගන්නෑ වගේ කතා ඒත් දේශපාලනය කරන්න වාමාංශිකයන් යැයි කියා ගන්නා හොරිකඩයන් ගෙන් එස්.එල්.එස් සහතිකය අපිට අවශ්‍ය නොව නිසා අපි දිගටම අපි යන මාවතේ ගමන් කරනවා. ඒ වගේ වෙලාවක සමහර තක්කඩියන් අහනවා පෙරටුගාමී තමන් බව තමන්ම කියන්නේ කොහොමද ඒක අනිත් අයනේ කියන්න ඕන කියල. මේ විදිහට ලෙනින් වැඩ කළා නම් ලෙනින්ට විප්ලවය නෙවි සිල්ලර බඩු කඩයකත්වත් කරන්න බැරි වෙයි. ඒ නිසා පහත පළ වන විචාරය කියවන්න යැයි අපි ඔබට ආරාධනා කරනව.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….
ජයන්ත චන්ද්‍රසිිරි, නවතම සිනමා නිර්මාණය සමනල සංධ්වනිය මේ දිනවල තිරගත වෙනවා. ලංකාවේ පිරිමි කඳුළු පිහදාගෙන හෝල් එකෙන් එළියට ඇවිල්ල කියනවා. පට්ට Film එක කියලා. ඉතින් මාර ප්‍රශ්නෙ අඩේ මූ (චන්ද්‍රසිරි) මොකාටද එන්නෙ, මොකක්ද කියන්නෙ කියලා. හැබැයි Film එක අන්තිම අවසානයේ හරිය එද්දි, මුල මැද අග ගලපගත්තට පස්සෙ තේරෙනව, නෑ මේ පරණ එකාම තමයි එන්නෙ කියලා. නමුත් ඔය පිළිවෙළ පටලව ගත්තට පස්සෙ චිත්‍රපටිය අන්තිමට සාවධානව බලන් හිටපු එකෙක් කියනව යකෝ මූ (මචං චන්ද්‍රසිරි, ‘මූ’ කිව්වහම වැරදියට තේරුම් අරගෙන නඩු දාන්න නම් එපා මම, Me, මා ඔක්කොම උත්තම පුරුෂ මයන්නෙන් නිසා ‘මූ’ත් ඒ කුළේම තිබ්බ හැකියි මචං) පට්ට පොරක්නෙ, ඇඬෙනවා. Film එක අන්තිමට මූ අර පට්ට කියන පොර අඬවන අර්ථ සම්පාදනයක් (දෙබසක්) එකතු කරනවා.
බීතෝවන්ද කවුද මන්ද පොරක් කලාකරයන්ට මේ වගේ සියුම් සංවේදනයන් ලැබෙන්නෙ දේවානුභාවයෙන්ද මොකක්ද මගුලකින් කියල කිව්වට නෑ එහෙම නෙවෙයි මෙවැනි විශිෂ්ට නිර්මාණ බිහිවෙන්නෙ සංවේදි කලාකාරයන්ගෙ හදවත් පතුලෙ තැන්පත් වෙලා තියන මෙවැනි අතීත වේදනාවන් නිසා තමයි කියල මූ එතනදි කියද්දි. (සංවේදි චන්ද්‍රසිරි, සංවේදි මිනිස්සුන්ට, සංවේදි කලාව ගැන පාඩමක් කියල දෙනව..!) එතකොට මතක් වෙන්නෙ කලාව ගැන කඩ කඩ ඉන්න වෙලාවක අපිත් එක්ක ඉන්න කඩප්පුලියෙක් කියපු කතාවක්. අංකුර කලාකාරයෙක් ප්‍රතිභා සම්පන්න කලාකාරයෙක් කරන්න නම් තියෙන්නෙ හොයා ගෙන ගිහිල්ල ඌට boot එකක් තියන එක කියලා. ඒ නිසා මොකාටද එන්නෙ, මොකද කරන්නෙ කියල ලෙහාගන්න සංධ්වනියෙ එන මේ පද පෙල දෙක සුළු කරගන්න වෙනවා, මේ විදිහෙ අර්ථ සම්පාදනයක් එකතු කරගන්න වෙනව.
“ඉකි ගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා”
චන්ද්‍රසිරිගේ මුළු චිත්‍රපටියම තියෙන්නෙ මේ සින්දුවේ. චන්ද්‍රසිරිගේ මුළු කතාවම තියෙන්නේ මේ පද දෙකේ. ඇත්තටම චන්ද්‍රසිරි මුකුත් (වැඩකට ඇති දෙයක්) කියන්නේ නැති නිසා චන්ද්‍රසිරිට කියන්න වෙන කතාවත් මේ පද දෙකේ තියෙනවා. ඒත් ඊට කලින් Film එක ගැන මුකුත් කිව්වේ නැතත් අසාධාරණයක් නේ.
[DailyNews]
හෝල් එකෙන් එළියට ඇවිල්ල පිරිමි කියද්දි පට්ට Film එක කියලා මම හිටියේ පට්ට අප්සට් එකක, (වදීෂට වගේම මටත් කෙල්ලට Kiss එකක් වත් දෙන්න බැරි වුණු එකට) චන්ද්‍රසිරිත් එක්ක පට්ට තරහක මේ දවස්වල චෝගම් නිසා ශ්‍රී ලංකාව ලෝකයේ හිනිපෙත්තට නැගපු එක ගැන හදවත සංවේදි වෙලා තියෙද්දි අධිවේගී මාර්ග, සී ප්ලේන්, නෙළුම් පොකුණු, සංවේදි කාලාකාරයෝ අස්සට චිත්‍රපටියේ ආරම්භයෙ ඉඳන් අවසානය වෙනකම්ම දාන පච සින්දුවක් හින්දා Sex ඔක්කොම ඉවරයි. මූ උත්තම Love එකක් ගැන කතා කරනවා (-Sex කරන්න Room එකට ගියාම කෙල්ල Love ගැන කතා කරනවා වගේ-) හැබැයි මේ දෙක අතර කඩල වෙන් කරන්න බැරි මාර සම්බන්ධයක් තියෙනවා. (ඒ කිව්වෙ Love & Sex අතරද? නෑ නෑ මෙතන කිව්වෙ අර පච සින්දුවයි, අර පච පරපුරයි, පච නිර්මාණයි ගැන) ඒක නිසා ලංකාවේ පිරිමි තුරුල්වෙලා ඉන්න කෙල්ලව අතෑරලා (තුරුල් වෙලා ඉන්න ගමන්, ඉඹින ගමන්, මිරිකන ගමන්) පුණ්‍යට love කරනවා (ආනන්ද භවන් එකෙන් තෝසෙ කාල දෙමළට බනිනව වගේ), පුණ්‍යත් එක්ක ස්වයං වින්දනයේ යෙදෙනවා. (චෝගම් නිසා ලංකාවේ මිනිස්සු මේ දවස්වල ස්වයං වින්දනයේ යෙදෙන එක වැඩිවෙලා). ඉතිං මම කඳුළු පිහදාගෙන, විරෝගෙන හෝල් එකෙන් එළියට ඇවිල්ල තොල විකාගෙන කෙල්ලට කියනවා පට්ට සින්දුව නේද කියලා… මාර කතාව… පට්ට Film එක… කියලා, කෙල්ල කියනව මාර Music නේද, පව් නේද වදීෂ (අනේ පව් ඔයා) මට (ඔයා ගැන) ගොඩක් දුක හිතුණ කියලා කොල්ලගේ පපුවට තුරුළු වෙනවා. අපි තුරුළුවෙලා ඇතුළට යනව, තුරුළු වෙලා එළියට එනව (ඇතුළෙදි අපි හිටියේ වෙන වෙනම ඒ වුණාට බැල්කනියෙයි, Box වලයි මීට වෙනස් කොටින්ම හතර වටේම හිටියේ තුරුළු වෙලා, මිරිකගෙන, ආසන දෙක එකක් වෙලා හැබැයි එළියට යද්දි සමහර අය වෙන වෙනම ගියා) ඉතින් මේක තමයි සංධ්වනියෙ පුර්ව හා අපර කතාව ඔන්න දැන් පුළුවන් චන්ද්‍රසිරි ගැන කතාකරන්න. (ඉතින් චිත්‍රපටිය ගැන මුකුත් කියලා නෑනේ එහෙනම් ඉතින් චන්ද්‍රසිරිත් මුකුත් කියලා නෑනේ ඒ නිසා තියෙන්නේ හිතාගන්න එක.)
“ඉකි ගසා හඬන අතීතයක කඳුඟ එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා”
චන්ද්‍රසිරි හිතනව SMS යුගයට කලින් තිබුණ පට්ට Love එකක් ගැන (71 ඉඳන් 90 විතර වෙනකන් දකුණේ කොල්ලො ඇඩ්රස් නැති මළ මිනී වෙන කාලේ, උතුරට බෝම්බ පත්තු වෙන්න පටන් ගත්තු කාලේ, දකුණේ උත්තම සිංහලයෝ කර්ම කාරක දෙමෙල්ලු පුච්චන කාලේ, උතුරේ කොල්ලොයි, දකුණේ කොල්ලොයි මි.මි. 9 උන්ඩ වලින් පපුව හාරන්න පටන් ගත්ත කාලේ) මේ කාලෙ චන්ද්රසිරිල ගොළු හදවත කියවනව- පට්ට ආදරයක් ගැන සංවේදි වෙනවා, ඊට පස්සේ (89න් පස්සේ) උතුරේ යුද්දෙට ගියපු හමුදාකාරයන්ගේ ගෙවල් වලට වටේ එවුන් කොටු පනිද්දි සුගත් ඇවිල්ල චන්ද්‍රසිරිගේ පපුවට පිහියෙන් අනිනවා. ඒ නිසා සුගත්ට සාධාරණයක් ඉෂ්ට කරන එක එකපැත්තකින් චන්ද්‍රසිරිගෙ මගේ නොවන මගේම ආදරය වෙනව, වැඩේ මගේ නොවන මගේම ආදරයට බාරදෙනව පුණ්‍යට( යශෝධට). මේක තමයි අතීත වේදනාව. මේ ගනුදෙනුවට ලංකාවේ පරපීඩක පිරිමින්ට හොඳට Market කරන්න පුළුවන් Fantasize වෙච්ච ගැනීයෙක් ඕන. (ලංකාවේ ස්ත්‍රීවාදීන් ගෑනි කියන වචනයට කැමැති නැති නිසා මෙතනට ස්ත්‍රී කියලා දාලා පිරිමි කියන තැනට පුරුෂ කියලා සංස්කරණය කරගන්න වෙනවා, ගෑනු-පිරිමි, ස්ත්‍රී-පුරුෂ) ලංකාවේ ගෑනුන්ටත් පිරිමින්ගේ කැමැත්ත ඒක නිසා පුණ්යව(යශෝධව) හොදටම Market. කොච්චර කොටු පැන්නත්, මොන මගුලේ ගියත්, කෑලි කැපුවත්, කොටින්ම පිස්සන් කොටුවේ හිටියත් (බලන්න ගරිල්ලා මාර්කටින්) ආගමානුකූලව හැදුනු වැඩුනු පතිවත රකින සංවර ගෑනියෙක් පිරිමින්ට ඕන වෙනවා. මොන මඟුල කරත්, අම්බානක පිට ගියත්, සමාජය ඉස්සරහ පතිවත රකින, මිනිහා මළත් මිනිහා වෙනුවෙන් සති පූජා කරන පුණ්‍යා වගේ ගෑනියෙක් පෙන්නන්න පිරිමින්ගේ කැමැත්ත ඇතුළෙ ලංකාවේ ගෑනු කැමතියි. පුණ්‍යගේ අති උත්තම රණවිරුවා පුදුකුඩුඉරිප්පුවෙදි මැරෙන තරමට, පුදුමාතලන්වලදි සිංහලයා දිනන තරමටම, පුරණ්යත් තාර්කික වෙනවා. ඒ නිසා ලංකාවේ සිංහල සමාජයට පුණ්‍යා, පුදුකුඩුඉරිප්පු, පුදුමාතලන් කියන වේදනාවන් නැතුව වින්දනය කරන්න බැරිවෙන තරමට, චන්ද්‍රසිරිත් අසරණ වෙනවා. ඔන්න ඕක නිසා ලංකාවේ පිරිමි සමාජයට බඩු ගහන ගමන්, කොටු පනින ගමන්, Sex කරන්න අසංවර ගෑනියෙක් හොයන ගමන්, කොටට ගහගෙන යන කෙල්ලන්ට ‘ෂා’ කියන ගමන්, මට ඉන්නේ පුණ්‍යා වගේ ගෑනියෙක් කියලා කියනවා. පුණ්‍යා වගේ ගෑනියෙක් හොයනවා කසාද බදින්න. දෙමළට ගහනව, හලාල් එලවනව ඉතින් ඔය විදිහට කඳුළට, වේදනාවට, ගනුදෙනුව ගොඩයනවා. ලංකාවේ සමාජයේ කඳුළට චන්ද්‍රසිරිගේ ගනුදෙනුව (චිත්‍රපටිය) ගොඩයනවා.

Last edited: