ගංජා දුමින් විමුක්තිය සොයා යන රස්ටාෆාරියානු දහම

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,658
    7,001
    113
    United States
    ගංජා දුමින් විමුක්තිය සොයා යන රස්ටාෆාරියානු දහම

    ගංජා උරමින්, ගංජා දුමින් තම දෙවියන් පුදන්නට අවසර දී ඇති ලොව එකම ආගම බොබ් මාලේගේ ආගම හෙවත් රස්ටාෆාරියන් දහම බව කවුරුත් වටින් ගොඩින් අහලා තිබුනට හුදෙක් කංසා භාවිතය පිළිබඳව මෙම දහම හා බැඳුණු නොයෙකුත් ප්‍රවාද හැරෙන්නට මෙම දර්ශණය පිළිබඳව එහි ආරම්භය, සිරිත් විරිත් හා වටිනාකම් පිළිබඳව අදහසක් වැඩි දෙනෙකුට නෑ.

    8936977acbd6bc049bb1c.png


    ඉතින් අපි හිතුවා මේ රස්ටෆාරියන් දහම ගැන සම්පුර්ණ විස්තරයක් ඔබ වෙත ගෙන එන්න. මේ දහමේ සැඟවුණු දේ වගේම ඔබ කවදාවත් නොඇසූ රසවත් විස්තර නම් බොහෝමයි. ඉතින් කියවලා බලන්න.

    බයිබලයට නව අරුතක් දුන් රස්ටාෆාරියන්හි උපත​

    01-7-e1485511995739.jpg



    හේල් සෙලාසි (Makonnen Sankofa)

    ලෝකයේ ප්‍රබල ආගම් වසර දහස් ගණන් තිස්සේ විකාශනය වෙමින් ජනතාව අතර පවතින නමුත් රස්ටාෆාරී, රස්ටාස්, රසාස් ලෙස හදුන්වන මෙම ධර්මය 1930 නම් මේ මෑත කාලය තුළ ඉතියෝපියාවේ උපත ලබා රෙගේ වැනි සංගීත සම්ප්‍රදායන් ලොවට උරුම කර දෙමින් මහද්වීප හරහා පැතිරී යන්නේ බයිබලයේ සදහන් කිරීම් වලට නව අරුතක් එක් කරමින්.

    බයිබලයේ චරිතයක් වන එබ්‍රහම්වාදී විශ්වාසයන්ගෙන් සමන්විත මෙය 1930දී (ඉතියෝපියාව බ්‍රිතාන්‍යට යත්ව පැවති සමයේ)එහි අධිරාජ්‍යයා බවට පත් වීයැයි සැළකෙන හේල් සෙලාසිගේ අභිශේකයත් සමඟ ඉතියෝපියාවේ හා ජැමෙයිකානු දූපත් වලදී ආරම්භ වෙනවා. ක්‍රිස්තියානි දහමේ දෙවියන්ගේ වහන්සේගේ පුත්‍රයා ජේසුස් වහන්සේ ලෙස හදුන්වනවා සේම මොවුන් දෙවියන්ගේ පුත්‍රයා ලෙස සලකන්නේ හේල් සෙලාසිවයි.

    බයිබලය ලියවුණු අමිරික් බසින් “රාස්” යන්නෙන් ප්‍රධානියා යන අර්ථය ගැන්වෙන අතර ඉතියෝපියානු බසින් කුමාරයා යන අර්ථය ගෙන එයි. ටාෆාරී යන්නෙන් අදහස් වන්නේ “පූජනීය පුද්ගලයා”බව. ජේසුස් වහන්සේ මරණයෙන් නැවත පැමිණෙන බව බයිබලයේ සදහන් වන ආකාරයට තමන් පොළවට පැමිණි දේවදූතයා බව “යාහ් රස්ටාෆාරි” ලෙස සෙලාසි තමන් විසින්ම හදුන්වා ගන්නා ලදී. යාහ් ලෙස හදුන්වන්නේ බයිබලයේ සදහන් යෙහියා යන නාමය කෙටි කිරීමෙන්. බයිබලයේ බොහෝ කරුණු පිළිගන්නා රස්ටාෆාරියානු දහම එහි ඇති පණිවුඩ හා අර්ථ නිරූපණ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ එමඟින් අර්ථය දුෂණය වන බව පවසමින්.

    මෙම ආගම සමඟ කොණ්ඩා මෝස්තර , ඇදුම් පැලඳුම්, ආහාර පාන හා විවිධ වූ විලාසිතා ඔවුන්ටම අනන්‍ය වී පවතිනවා. රස්ටාෆාරි දහමේ ගංජා භාවිතා කිරීම තිබුනද සමහර රස්ටාෆාරී බැතිමතුන් එය භාවිතා කරන්නේ නෑ.

    තමන් කිසිඳු වර්ගයකට හෝ නීතියකට අයත් නොවන බව සිතන මොවුන් විශ්වාසය හා භක්තිය තමන් තුළින් සොයා ගන්නා ලෙස එකිනෙකා උනන්දු කරවනවා. නමුත් ඔවුන් රස්ටාෆාරි මන්දිර ලෙස හඳුන්වන නයාහ් බිග්නි, බොබෝ අයන්ති හා ඊශ්‍රායලයේ කුල දොළහ යන නිකා තුනෙන් එකකට අයිති වන බව තවත් රස්ටාෆාරියන් වරුන් සිතනවා. ඒකදේවවාදීන් වන ඔවුන් වන්දනාමාන කරනු ලබන්නේ යාහ් රස්ටෆාරි දෙවියන්ව පමණයි.

    අනාගත පොළවේ ස්වර්ගය – ෂියොත් හෙවත් ඉතියෝපියාව​

    02-8-e1485512335518.jpg



    රස්ටාෆාරියානුවන් පිරිසක් (diGJamaica)

    ස්වර්ගය අහසේ හෝ මරණින් පසුව පවතින එකක් යැයි යන්න දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන රස්ටාවරුන් එය පවතින්නේ ෂියොන් හෙවත් ඉතියෝපියාවේ බව විශ්වාස කරනවා. ධාර්මිකව මිනිසුන් මෙහෙයවන හේල් සෙලාසි අනාගතයේදී මානව වර්ගයේ ආරම්භක භූමිය වූ ෂියොත් නම් අංග සම්පුර්ණ රාජ්‍ය බිහිකරවන බව ඔවුන් පවසනවා. ඒ වෙත සැබෑ ලෙසම යාමට වඩා මනසින් යාමද මෙහි ගැබ් වී තිබෙනවා. එය අනාගත රස්ටාෆාරියන් නිවහන ලෙස ඔවුන් හඳුන්වනවා.

    බයිබලයේ සදහන් අනාගත වාක්‍යන්ගේ පීඩාවට පත්වූවන්ගේ ගැලවුම්කරුවා වන “මේසා රජු” ඉතියෝපියාවේ ජීවත් වන බවත් ගංගා වලින් එතෙර ජිවත් වන මිනිසුන් අවසානයේදී ෂියොත් වලට ළඟා වෙන බව ඔවුන් අර්ථනිරූපණය කරනවා. ලෝක සාමය උදෙසා කැපවෙන බවත් එහි සදහන්.

    රස්ටාෆාරියානුවන් හා බැබිලෝනියානුවන්​

    03-8-e1485512411115.jpg



    රස්ටාෆාරියන්වරුන්ටම අනන්‍ය ටර්බැන් හිස් වැසුම (Shutterstock)

    රස්ටාෆාරියන්වරුන් විසින් බැබිලෝනියානුවන් ලෙස හදුන්වන්නේ බටහිර සමාජයයි. තමන්ගේ ඉගැන්වීම් මෙන්ම බයිබලයේ ඉගැන්වීම් බැබිලෝනියානුවන් විසින් විනාශ කර ඇති බව රස්ටාෆාරියන්වරු පවසනවා. බටහිර සමාජ බලවතුන් හා ලෝක ජනමාධ්‍ය ඉදිරියේ කෙලින් සිටි පුද්ගලයෙක් ලෙස හේල් සෙලාසිව හදුන්වන ඔවුන් ඒ හේතුවම ඔහුව අනුගමනය කිරීම උදෙසා ප්‍රමාණවත් බව පවසනවා. බැබිලෝනියානුවන් තමන් ආගමක් අදහන්නන් ලෙස නම්කර තිබුනත් තමන් ආගමක් නොව දර්ශණයක් ප්‍රගුණ කරන බව ඔවුන් තරයේ කියාපානවා.

    රස්තාවරුන්ට අනුව ලෝකයේ බොහොමයක් රටවල ගංජා භාවිතය නීති විරෝධී කර ඇත්තේ මෙම බලවත් ද්‍රව්‍ය මඟින් මිනිස් මනස සත්‍යට විවෘත කර, ඒ මඟින් ජනයා සමාජ ප්‍රකෘතිය තේරුම් ගැනීම හේතුවෙන් එය බැබිලෝනියානු පාලන තන්ත්‍රයට ඉමහත් තර්ජන එල්ලවීමට ඉඩ කඩ නිර්මාණය වීමට අවකාශයක් ඇති බැවින්. ඔවුන් බැබිලෝනියානුවන්ගේ මත්පැන් වලට විරුද්ධ වන්නේ එම ද්‍රව්‍ය මිනිස් මනස විකෘති කරන බව පවසමින්.

    අධ්‍යාත්මික ගංජා භාවිතය​

    04-7-e1485512462787.jpg

    ගංජා උරන රස්ටාෆාරියානුවෙක් (www.pinterest.com)

    බයිබලයේ හෙළිදරව්ව පොතේ 22:2 හි සදහන් වන “ඒ ජිවන වෘක්ෂයේ කොළ තිබුණේ ජාතීන්ට සුවයක් ගෙන ඒම සඳහාය” යන පාඨය හුවා දක්වමින් මොවුන් ගංජා භාවිතය සලකන්නේ අධ්‍යාත්මික ක්‍රියාවලියක් ලෙසයි. කය මනස සංවර වීම, සිහිබුද්ධිය හා සතුට වර්ධනය වීම තුළින් දෙවියන් වහන්සේ වෙත ළඟා විය හැකි බව ඔවුන් තරයේ විශ්වාස කරනවා. මෙම ක්‍රියාව කොතරම් බලවත්ද යන්න පවසනවානම් ජැමෙයිකාවේ රස්ටාෆාරි ආගමික උත්සවයන්හිදී ගංජා භාවිතය නිත්‍යානුකූල වෙනවා.

    ගංජා භාවිතය බයිබලයේ ප්‍රකාශ හයකින් සාධාරණිකරණය කරන ඔවුන් එය භාවිතය මඟින් භාවනා කිරීමට හා ආගමික මෙනෙහි කිරීම් වලට රුකුලක් වන බව කියා සිටිනවා. ඔවුන් සාමාන්‍යයෙන් එළවළු හා පළතුරු පමණක් ආහාරයට ගන්නා අතර පාවහන් භාවිතය ප්‍රතික්ෂේප කරන අතරම සෞඛයට අහිතකර බව පවසමින් මත්පැන් භාවිතයෙන් වැළකී සිටිනවා. මෙම දහමේ කොණ්ඩය කැපීම නොකළ යුතු යැයි පවසන අතර ශරීරය දේවස්ථානයක් ලෙස තබාගත යුතු යැයි සදහන් වෙනවා. එබැවින් ඔවුන් තම ශරීරය කිසිදු ස්ථානයක් විච්ජේදනය කිරීමට කැමති වන්නේ නෑ. අඩුම තරමින් ශල්‍යකර්මයකට පවා ඔවුන් කැමති වන්නේ නෑ. අවිහිංසාවාදී බව ඉතා ඉහළින් අගය කරන ඔවුන් සීමාවකින් තොරව ලොවට ආදරය කිරීම මූලික අරමුණක් කරගෙන සිටිනවා. “ආදරයට ආදරය කිරීම”රස්ටාවරුන්ගේ මුලික පාඨයක් වනවා.

    සම්භාෂණ හා සැණකෙළි​

    05-7-600x338.jpg

    සැණකෙළියක් (IReggaeNation)
    රස්ටාවරුන් එක්රැස් වී ගංජා උරමින් සාකච්ඡා පවත්වන සරළ අවස්ථාවක් “සම්භාෂණයක්” ලෙස හදුන්වනවා. ගංජාවැටිය දැල්වීමට අවසර ලැබෙන්න ඔවුන් අතර සිටින ගෞරවණිය පුද්ගලයාටයි. අනතුරුව වක්‍රාකාරව වාඩි වී සිටින ඔවුන්ගේ අතින් අතට මෙය යවනු ලබන්නේ ඔරලෝසුවේ කටු කැරකෙන අතටයි. එම කාලයේ තමන්ගේ රටේ යුද්ධයක් පවතීනම් එය ඊට විරුද්ධ දිශාව ඔස්සේ අතින් අත ගමන් කරනවා.

    “සැණකෙළි” පවත්වන්නේ බින්ගි නමින් හදුන්වන කළු ජාතිකයන්ගේ ජයග්‍රහණ සිහිකරන දිනයන් වලදී පමණයි. රස්ටාෆාරි නායකයන් විසින් දෙවියන් පිදීමෙන් පසුව දින ගණනක් පුරා පැවැත්වෙන මෙම උත්සවයේදී ඔවුන් කමින්, ගංජා උරමින් හා නටමින් කල් ගත කරනවා.

    රස්ටාෆාරියන් වර්ණ​

    06-5-e1485512582694.jpg



    ප්‍රධාන වර්ණයන් සමඟ ඔවුන්ගේ ධජය (Rastafarianism)

    රස්ටාවරු වස්ත්‍රාභරණ නිමවා ගැනීමේදී උපයෝගී කරගන්නා වර්ණයන් ලෙස රතු, කොළ, රන්පැහැ හා කළු වර්ණයන් හදුන්වා දෙන්නට පුළුවන්. මෙම වර්ණයන්හි අර්ථය වන්නේ,

    රතු පැහැයෙන් – ජැමෙයිකානුවන් විමුක්තිය උදෙසා හෙළූ රුධිරයද,

    කොළ පැහැයෙන් – නිර්මාංශ බවද,

    රන් පැහැයෙන් – ඉතියෝපියාවේ ඇති ධනය හා සමෘධිමත් බවද,

    කළු පැහැයෙන් – දෙවියෙන්ගේ ආශිර්වාදය ලබන කළු ජාතිකයන්ගේ වර්ණයද නිරූපිතයි.

    මේ සමඟම ඔවුන්ටම ආවේණික කොණ්ඩා මෝස්තර, ඇඳුම් පැළදුම්, ආහාර පාන ඇතුළු විවිධ විලාසිතාද ප්‍රචලිත වූයේ නිරායාසයෙන්. රස්ටාෆාරි ආගමිකයන්ගේ සංකේතය වන්නේ සිංහයායි. ධජය වන්නේ හේල් සෙලාසිගේ පාලන සමයේ ඉතියෝපියාවේ භාවිතා වූ සිංහ කොඩියයි.

    රස්ටාෆාරියන් හා බැඳුණු රෙගේ​

    07-4-e1485512666530.jpg



    රෙගේ ලොවේ රජු – බොබ් මාලේ (Bob Marley)

    බොබ් මාලේ හා පීටර් ටෝෂ්ගේ ජනප්‍රියත්වය හේතුවෙන් දිගු කාලයක් තිස්සේ රස්ටාවරුන් හා සංගීතය අතර තිබෙන්නේ ඉතා දැඩි සම්බන්ධතාවයක්. යුරෝපීය අධිරාජ්‍යවාදයට එරෙහිව 1950 දක්වා සටන් කළ නැගෙනහිර අප්‍රිකානු රටවල සටන්කාමීන් නයාහ් බිග්නි නිකායට අයත් වන රස්ටාවරුන් වන අතර එම සටන් අතරතුරදී පීඩකයන්ට එරෙහිව සටන් කිරීමට ආත්මශක්තිය හා දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගැනීම උදෙසා ඔවුන්ගේ සංගීතය ආරම්භ වූ බව පැවසෙනවා. ජැමෙයිකානු සංගීතය උපත ලබන්නේ ඔවුන්ගේ දේශ වැසියන්ගේ හා යුරෝපිය වහල් හිමියන්ගේ බලපෑම හේතුවෙන්.

    රස්ටාෆාරියානු සාමාජිකයන් වන ජැමෙයිකානු සංගීතඥයන් විසින් ජැමෙයිකානු ජන සංගීතය, බෙර වැයුම්, ඇමරිකානු රොක් සංගීතය, ජෑස් සංගීතය හා ජැමෙයිකානු ස්කා සංගීතය හා මුසු කරමින් රස්ටාෆාරියානු ආත්මීය බැදීම වන රෙගේ සංගීතය 1970 දශකයේදී නිර්මාණය කරනවා.

    ලොව පුරා ඉතාමත් ඉක්මනින් ජනප්‍රියතාවයට පත් වුණු රෙගේ සංගීතයේ ගෞරවය හිමි විය යුත්තේ බොබ් මාලේටයි. ඒ ඔහු රස්ටාෆාරියන් ගීතිකා තම ගීත ඇල්බම් වලට එකතු කරමින් උද්යෝගිමත් හා ධාර්මික ලෙස රස්ටාෆාරියන් දහම පිළිබඳව දේශනා කිරීමයි.

    රස්ටාෆාරි දහම මුල් කරගෙන පළමුවෙන්ම ලොව පුරා ප්‍රචලිත වූ ගීතය වන්නේ ලිට්ල් රෝගේ නම් වූ “බොන්ගෝ මෑන්” ගයන ගීතයයි. බොබ් මාලේට අමතරව රස්ටාෆාරී දහම මුල් කරගෙන රෙගේ ගීත ගයනා කළ රස්ටාෆාරියානුවන් ලෙස පීටර් ටොෂ්, බනි ටේලර් හා කොන්ගෝඩි හදුන්වා දෙන්නට පුළුවන්.

    මෙතෙක් කල් හරි හැටි නොදැන සිටි රස්ටාෆාරියන් දහම පිළිඹදව යම් දෙයක් ලිපිය තුළින් දැන ගන්නට ඇතැයි අප විශ්වාස කරනවා.එමගින් ඔවුන්ගේ ආගම ගංජා භාවිතයෙන් එහා ගිය දෙයක් බව ඔබට වැටහෙනු ඇත.

    Credit : https://roar.media/sinhala/main/health-lifestyle/the-rasta-voyage-to-freedom