ගංජා ,බොබ් මාර්ලි සහ නූතන තරුන පරම්පරාව !!

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගංජා ,බොබ් මාර්ලි සහ නූතන තරුන පරම්පරාව !!

    bob-marley-could-you-be-loved_18i4a_e389b.jpg


    මාලි බොබ් මාලි ඔබයි රෙගේ රජු.......

    රස්තල ලොව රජ වෙනවා......

    බස් එකකට ගොඩවුනොත්, ලොතරැයි කූඩුවක් ලඟට ගියොත් එහෙම නැතිනම් ගෙදර රේඩියෝව ක්‍රියාත්මක කරොත් මෙවනි බබ් මාලි හා ගංජා කොලය සම්බන්ධ සිංදු ඕනෑ තරම් අපිට අහන්න පුලුවනි.

    මොකක්ද ඇත්තටම මේ සිංදුවල තේරුම.. එතකොට අද තරුන පරම්පරාව පාට තුනේ කොඩි හැම තැනම අලවාගෙන සිටින්නේ මන්ද?


    මම මුලින්ම පටන් ගන්නන් බොබ් මාලි කියන චරිතයෙන්.නෙස්ටා රොබර්ට් මාලි ,1945 පෙබරවාරි 6 වෙනිදා උපත ලබන්නේ ජමෙයිකාවෙදි සුදු ජාතික පියකුට හා කලු ජාතික මවකට දාවයි.නෝර්ව සින්ක්ලෙයා මාලි කියන්නේ බොබ්ගෙ තාත්තා.ජමෙයිකාව යටත් විජිතයක් වෙලා තිබුන කාලෙ රාජකීය මැරීන් සේනාංකෙ කපිතාන් කෙනෙක් විදියට සේවය කලා.


    බොබ් මාලිගෙ ගොඩාක් ගීත වලින් කියවෙන්නෙ අහිංසක දුප්පත් ජනතාවගෙ ජීවන තත්වය හා ඔවුන් විඳින දුක් ගැහැට ගැනයි.ඔබ නියමාකරව ඔහුගේ "I Shot the Sheriff", "No Woman, No Cry", "Get Up Stand Up",යන ගීතයන්ට සවන් දුන හොත් ඔබට ඒ ගැන හොඳින් අවබෝද වේවි.තවද ඔහු ආදර ගැනත් ගීත ගායනා කරා.මුලින්ම රේගේ සංගීතය ලොවට හදුන්වා දීමේ ගෞරවයත් හිමිවන්නේ ඔහුටයි.


    බොබ් මලිගේ "one love"ගීතයට සවන්දීමේදී ඔබට ඇතිවනුයේ කුමන ආකාරයේ හැඟිමක්ද? එහි හරය ගත් කල සියලම මනුශ්යන් එකහා සමානව එකට වාසය කල යුතුබව ඔහු කියයි .එමෙන්ම එහි සංගීත තනුව ගත් කල එහීදී ශ්‍රාවකයාට ගීතය අසා සිටීමට අසා හිතෙන ආකාරයට ඔහු තනුව යොදා ඇත.ඔහු විසින ගායනා කරන ලද අනෙකුත් සියලුම ගීත වල මේ ආකරයට සාමාන්‍ය මිනිසකුට රසවිදීමට හැකි අයුරින් පද සහ තනු නිමවා ඇත.


    ඒ මා සඳහන් කලේ බොබ් මාලි කියන චරිතයේ හොද පැත්ත හා ඔහු විසින් සමාජයට සැපයූ ආදර්ශයයි.නමුත් නිව්ටන්ගේ 3 වන නියමය පරිදි මිනිසකුගේද හොද පැත්තක් මෙන්ම අඳුරු පැත්තක්ද පවතී.

    බොබ් මාලි සතු වූ දුර්වලතාවය නම් ඔහු ගංජා පනයට ඇබ්බහි වී සිටීමයි.කෙතරම් සමාජ සේවය කලත් ඔහු හැදීවැඩුන ජමෙයිකානු පරිසරය තුල මත් රකුසාට බිලි නොවී සිටීමට ඔහුටද නොහැකි විය.ඔහු කෙතරම් එයට ඇබ්බැහි උනාද කිව්වොහොත් අවසානයේදී ඔහුට ගංජා පානයට නීත්‍යානූකූල අවසරය පවා ලැබිණි.එහෙත් අවසානයේදී එම මත් රකුසාම ඔහුව ජීවිතයෙන් ඩැහැගෙන යන්නට සමත් විය.ඒ 1981 දීය.ඒ වනවිට බොබ්ගේ වයස අවුරුදු 36ක් තරම් විය.

    බොබ් මාලි වැනි අසහාය කලා කරුවකු මේ ලෝක තලයට අහිමි කල ඒ මත් උවදුරම අද ඔහුව යොදාගෙන තම ප්‍රචාරනය සිදුකරමින් පැවතිම ඉතාමත් කනගාටු දායකය.


    ගංජා ,මාර්ජුවානා,Cannabis,...තවත් විවිධ නම් වලින් හදුන්වන මේ මත් රකුසා එදා මෙන්ම අදත් ලෝකයේ තරුන පරම්පරාව බිලිගනිමින් පවතී.කොලයේ සිට මුල දක්වාම භාවිතයට ගතහැකි මෙය අපේ පැරැන්නෝ ඖෂධයක් වශයෙන් භාවිතා කලහ. අතිතයෙ කංසා නමින්ද හදුන්වා ඇත්තේ මෙයයි.


    වර්තමානයේ තරුන පරපුර ගංජා කොලය,බොබ් මාලි රුව,පාට තුනේ කොඩිය වැනිදේ තම පොරත්වය හුවා දැක්වීමට භාවිතා කිරීම සුලභ දසුනක් වී හමරය.බොබ් මාලිගේ එකදු ගීතයක් වත් අසා නැති එවුන් බොබ් මාලිගේ රුව පච්චයක් විලසින් තම සිරුරේ කොටාගෙන සිටී.තවත් සමහරු බොබ් විසින් භාවිතා කල අකාරයේ හිස්වැසුම භාවිතා කරති.එමෙන්ම බොබ්ගේ රුව සමඟ ගංජා කොලයද එකට ඈදා ගෙන සිටී.


    හුදු යථාර්තය මෙය වුවත් මෙය කවුරුන් විසන් පටන් ගත්තාද කොතනින් ඉවර වේවිද යන්න තවම කාටවත් නොතේරෙයි.මේ ලොකයේ නරක දේ පැතිරීම ඉතා වේගයෙන් සිදු වූ වත් ඒ දේම සිදුකල තැනැත්තා ලොවට කියා දීමට උත්සාහ කල හොද දේ පැතිරිම සිදුවනූයේ ඉබි ගමනිනි.


    කෙදිනකවත් බොබ් මාලි කොල්ලන්ට ගංජා ගසන්නට කියා කියා නැත.නමුත් මනුස්සකම ගැන කියවෙන ගීතයේ ඇති වීඩියෝවේ ඇති ගංජා බොන දර්ශනයෙන් ඔහු නොකියා එහි රස ලොවට කීවාද කියා සැකයක් පවති.කෙසේ වුවත් බොබ් මාලි ලෝකයට කීවේ හොඳ පනිවිඩයක්ය.එහෙත් අද බොබ් මාලි අනුගාමිකයන්ගෙන් 99.9%ක්ම කරනුයේ ඔහු කල එක් වැරදි දෙයක් හරි දෙයක් ලෙස හුවා දක්වාගෙන කටයුතු කිරීමයි.


    අවසානයේදි මා හට කීමට ඇත්තේ එදා ගංජා බී බොබ් මාලිට සිදුවූ දෙය ඔබට සිදු නොවි සිටීමට ඔබ දෙවියකු හෝ එවැනි බලවතකු නොවන බවය.

    bob_marley.jpg


    Code:
    http://magewijithaya.blogspot.com/2012/06/blog-post_17.html
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    පැණි බයිට් එක්ක මල් කලේ athithaya මට දෙන්න
    මල් පාවිච්චි කරයි කියල මැරෙන්නෙ නැ බොලව්
     
    Last edited: