ජුන්ඩාලේප බන්දුගේ 'යුක්තිය' රෙද්ද පල්ලෙන් බේරේ...! මොනරාගල ගංජා එස්එස්පී යළි සේවයේ පිහිටුවලා..!
-විශේෂ වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.ජුනි.09, ප.ව.9.30 මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කරමින් සිටියදී ජාවාරමක් සඳහා සූදානම් කර නිල නිවසේ සඟවා තිබූ ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට පත් කුප්‍රකට SSP සිසිල කුමාර හේරත් යළි සේවයේ පිහිටුවා ඇතැයි වාර්තාවේ.
මේ වන විට ඔහු පොලිස් මූලස්ථානයේ රාජකාරි භාර ගෙන ඇත.
පසුගිය වසරේ ජනවාරි මස 08 වැනිදා විශේෂ කාර්ය බළකා කණ්ඩායමකගේ මෙහෙයවීමෙන් අත්අඩංගුවට ගන්නා ලද මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මොණරාගල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබුණි. විශේෂ කාර්ය බළකාය කළ මෙම මෙහෙයුමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ තිබී පුරාවස්තු කැනීම සඳහා භාවිතා කරන උපකරණ ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන තිබුණු බව වාර්තා විය.
මෙම නිලධාරියා සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධව බොහෝ අපැහැදිලි තැන් ඇති බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සහරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයකු මීගමුවේ කටුවාපිටිය පල්ලියට බෝම්බ ප්‍රහාරය එල්ල කරන 2019 අප්‍රේල් 21 වැනිදා වන විට ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළේ මේ සිසිර කුමාර හේරත්ය. පාස්කු ප්‍රහාරය ගැන රාජකාරී පැහැර හැරි පොලිස් නිලධාරීන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නම ද තිබේ. ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ලබා දෙන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකය ද නිර්දේශ කර තිබිණි.
පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහකාර පොලිස් අධිකාරී සිසිල කුමාර ගැන මෙසේ සඳහන් වේ.
" ඔහු ආගමික අන්තවාදයට හා අල් කයිඩා සම්බන්ධයෙන් තුර්කියේ පාඨමාලාවක් සඳහා සහභාගී වූ පළපුරුදු නිලධාරියෙකි. සී 365 සහ 375 සමග සී4 අ,ආ,ඇ තොරතුරු ඔහුට ලැබිණි. කෙසේ වෙතත් ඔහු තොරතුරු ස්ථානාධිපතිවරුන්ට යවා නැත. ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට ඔහුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරලගෙන් ඇමතුමක් ලැබිණි. ඔහුට ලැබුණු තොරතුරු වලට අනුව ඔහු යටතේ ඇති පොලිස් ස්ථාන නිසි ලෙස පාලනය කර නොතිබිණි. එබැවින් ඔහුට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි.
(පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ සිංහල පිටපතෙහි 355 වැනි පිටුව)
එසේ තිබියදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දකින්නට ගොස් ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කළේද මේ නිලධාරියාය.
-විශේෂ වාර්තාකරුවෙකු විසිනි
https://len-official.blogspot.com/2024/06/blog-post_9.htmlකොහොමද රනිලගෙ නීතිය
