අද අපේ කතාව අපේ රටේ ගම්පොල රාජධානියේ පිහිටී සුන්දර තැනක් ගැන.කවුරුහරි කෙනෙක් ඔබෙන් ඇහුවොත් සෙංකඩගල පිහිටි ගඟසිරිපුරයේ ගිහින් තියෙනවද කියලා.. ගත් කටටම කියයී නෑ කියලා.
එදා ගඟසිරිපුරය කියලා හැදින්වුයේ අද අපි දන්න ගම්පොලටම තමා.එයට හේතුව මහවැලි ගගෙන් මේ ප්‍රදේශය සාරවත්ව පිරී තිබුණ නිසා මෙම ප්‍රදේශයට ඒ කාළේ කියලා තිබ්බේ ගඟසිරිපුරය කියලා..
ඔයාලා අන්නවද අම්බුළුවාව කියන්නේ ශ්‍රී ලංකාවේ පළමු බහු ආගමික මධ්‍යස්ථානය හා ජෛව විවිධත්ව සංකීර්ණයයි.
අම්බුළුවාව කන්ද ආශ්‍රිත ජෛව විවිධත්ව මධ්‍යස්ථානය 2007 සැප්තැම්බර් 18 වන දින දිවංගත ගරු දී. මූ. ජයරත්න මහතා විසින් ජනතාවට විවෘත කර තිබෙනවා...
අක්කර 457 ක පමණ භූමිය පුරා විවිධ ඉදිකිරීම් මේ භූමියේ දැක ගන්න පුලුවන්.ඔයාලා දන්නවද මේ ඔබ ඉහළට නගින අම්බුළුවාව කුළුණ දි.මු. ජයරත්න මහතා නම් කර ඇත්තේ ගොවිජන චෛත්‍ය ලෙසයි.
අඩි 223ක් උස එම චෛත්‍යයේ මුල් කොටස වී බිස්සාකාරයට නිර්මාණය කර ඇති බවත් එමඟින් වී ගොවියන් සංකේතවත් කරන බවද,
චෛත්‍යයේ දෙවන කොටස වටිටක්කා ගෙඩියක ස්වරෑපයෙන් නිමවා ඇත්තේ එළවළු ගොවියන් සංකේතවත් කීරිම සඳහා බවද දී.මූ. ජයරත්න මහතා සඳහන් කර තිබෙනවා..
මෙරට පළතුරු ගොවියන් සංකේතවත් කීරීම සඳහා චෛත්‍යයේ තුන්වන කොටස කොකෝ ගෙඩියක හැඩයෙන් නිර්මාණය කර තිබෙනවා..
චෛත්‍යයේ හතරවන කොටසේ සර්වඥ ධාතු තැන්පත් කර ඊට ඉහළින් කරඞුව පිහිටුවා තිබෙන බව සදහන් වෙනවා.ඔන්න ඔයා ආකාරයට තමා මේ අපූරු නිර්මාණය ඉදිවෙලා තියෙන්නේ.
අපිට මෙය කුළුණක් වගේ පෙනුනට මෙයද පූජනීය භූමියක් බව අමතක නොකරන්න.හැබැයි මුදුනම කොටසට දැන් යන්න බෑ.. එතැන හරස් කරලා තියෙන්නේ.
ඒ මුදුනෙහී එක් අයෙකුට වඩා රැදෙන්නත් බෑ...සති අන්තේ නම් මෙහි නගින්න වෙන්නේ තෙරපි තෙරපි තමා....
මේ කුළුණට වම් පසින් තාරකා මන්දිරය ඉදිකර ඇත්තේ රාත්‍රි කාලයේ අහස නීරීක්ෂණය කරන පාසැල් සිසුන් මෙන්ම විශ්ව විද්‍යල සිසුන්ට පහසුකමක් ලෙසිනි.
ඒ වගේම මෙහි බෞද්ධ විහාරස්ථානයක් හින්දු කෝවිලක් හා කතෝලික මෙන්ම ඉස්ලාම් ආගමීක ස්ථානයන් ද මේ පරිශ්‍රය ආශ්‍රිතව දකින්න ලැබෙනවා..
අම්බුලුවාව පිහිටලා තියෙන්නේ.. ගම්පොල සිට හේම්මාතගම දක්වා යන මර්ගයෙහි ගම්පොල සිට කි.මී. 3.9 ක් දුර්කින් පිහිටා ඇත.
උදේ 8 සිට අම්බළුවාව නැරඹීමට ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලබනවා..මේ වන විට අම්බුලුවාව නඩත්තු කටයුතු සිදු කරන්නේ අම්බුලුවාව සංවර්ධන හා සංරක්ෂණ අධිකාරිය විසින්... මෙම කුළුණ මුහුදු මට්ටමේ සිට අඩි 3567 ක් පමණ ඉහළින් තමා පිහිටලා ඇත්තේ..
අම්බුළුවාව ශ්‍රී ලංකාවේ ඉහළම සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සැලකෙනවා.. මෙම සුන්දර පන්සල හා උද්‍යානය නැරඹීමට සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා..
මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
Original Article Click Here