ගඟුලක් විලස සැනසුම ගලනා මොහොතේ

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,464
    5,570
    113


    පද රචනය - අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සංගීතය - කසුන් කල්හාර ජයවර්ධන මුල් ගායනය - ඉෂාර වික්‍රමතුංග ගායනය - ශ්‍රද්ධා ගාන්ධර්ව මණ්ඩපයේ දරු දැරියන්

    ගඟුලක් විලස සැනසුම ගලනා මොහොතේ
    සුවදක් දිදී සිත දැවටෙයි නැත ශෝකේ
    පැහැපත් දිවි මඟට දෙන මුදු ආලෝකේ භගවත් බුදුසරණ ම ය මට මේ ලෝකේ

    පැතුමක් හදේ රැව්දෙයි සොඳුරු ය සිහිනේ සිසිලක් දැනේ ඇවිදින ලෙස හඳපානේ
    නිවනක් මට ලැබෙන දා අඳුරක් නෑනේ
    භගවත් බුදුසරණම ය මට සුව සහනේ

    වෙහෙසක් කොයිද විල් දිය බැස සිටින විට
    දහසක් එළි කුමට හිරු නැගි අහසකට

    පහසක් ලැබේ නම් සැනසිලි දෙන සිතට
    භගවත් බුදුසරණම ය ඇති සැපය මට