පද රචනය - අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සංගීතය - කසුන් කල්හාර ජයවර්ධන මුල් ගායනය - ඉෂාර වික්‍රමතුංග ගායනය - ශ්‍රද්ධා ගාන්ධර්ව මණ්ඩපයේ දරු දැරියන්
ගඟුලක් විලස සැනසුම ගලනා මොහොතේ
සුවදක් දිදී සිත දැවටෙයි නැත ශෝකේ
පැහැපත් දිවි මඟට දෙන මුදු ආලෝකේ භගවත් බුදුසරණ ම ය මට මේ ලෝකේ
පැතුමක් හදේ රැව්දෙයි සොඳුරු ය සිහිනේ සිසිලක් දැනේ ඇවිදින ලෙස හඳපානේ
නිවනක් මට ලැබෙන දා අඳුරක් නෑනේ
භගවත් බුදුසරණම ය මට සුව සහනේ
වෙහෙසක් කොයිද විල් දිය බැස සිටින විට
දහසක් එළි කුමට හිරු නැගි අහසකට
පහසක් ලැබේ නම් සැනසිලි දෙන සිතට
භගවත් බුදුසරණම ය ඇති සැපය මට