ගජමෑන් චිත‍්‍රපටය

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ගජමෑන් චිත‍්‍රපටය

    මිලියන 75කට වඩා වියදමකින් ලංකාවේ නිර්මාණය වන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය​
    ”ගජමෑන්”​
    හැත්තෑව දශකයේ අතිශය ජනප‍්‍රිය හා ප‍්‍රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ”ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය කාටූන් චරිත සමූහයක් පාදක කොට ශ‍්‍රී ලංකාවේ තැනෙන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය නොබෝ දිනකින් රට පුරා ප‍්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙනවා.

    ”ගජමෑන්” චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ චානක පෙරේරායි. ත‍්‍රිමාණ සජීවිකරණය, තොරතුරු තාක්ෂණය හා වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නියුතු චානක පෙරේරා ශාන්ත පීතර විදුහලේ අධ්‍යාපනය ලබා පසුව ඕස්ට්‍රේලියාවේ, ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන් බහුමාධ්‍ය පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබූවෙකි.

    ශ‍්‍රී ලාංකික සිනමාවේ මෙන්ම සමස්ත මාධ්‍ය ක්ෂේත‍්‍රයේම ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් මෙම චිත‍්‍රපටිය හඳුන්වා දීමේ හා මෙහි පූර්ව ප‍්‍රචාරක පටය ප‍්‍රදර්ශනය කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වුණා.

    Gajaman-16.jpg

    Gajaman-15.jpg

    Gajaman-14.jpg

    Gajaman-13.jpg

    Gajaman-12.jpg

    Gajaman-11.jpg

    Gajaman-10.jpg

    මෙරට රට පුවත්පත් කලාවේ අසීමිත ජනාදරයට පාත‍්‍ර වූ අතිප‍්‍රබල ප‍්‍රකාශනාත්මක චරිතයක් නූතන සන්නිවේදන ලෝකය හමුවේ තැබෙන ”ගජමෑන්” ත‍්‍රිමාන සජීවීකරණ චිත‍්‍රපටය නිර්මාණය කොට ඇත්තේ ජේම්ස් කැමරන්ගේ ”ඇවටාර්” හා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ”ටිං ටිං” වැනි ලෝ සුපතල දැවැන්ත බටහිර සිනමා කෘති නිර්මාණය කරන ලද ”මෝෂන් කැප්චර්” (Motion Capture තාක්ෂණය යොදා ගනිමිනි).

    ”චලන ග‍්‍රහණය” යනුවෙන් අර්ථ ගැන්වෙන මෙම මෝෂන් කැප්චර් තාක්ෂණය සිනමා මාධ්‍යයට එක් වන්නේ මෘදුකාංග ආධාරයෙන් සජීවීකරණය කළ චරිතවල ක‍්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කෙරෙන නව සජීවීකරණ විධික‍්‍රමය වශයෙනි. මෙම මෝෂන් කැප්චර් ක‍්‍රමවේදය සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ දසුන් පතිරණ, චාමර ප‍්‍රියදර්ශන සමග කසුනි. ප‍්‍රදීප්, ටිරාන්, ශරදා යන අයයි, මෙහි හඬ රංගනයෙන් දායක වන ප‍්‍රධානතම රංගන ශිල්පීන් දෙපළ වන්නේ මෑත යුගයේ නිර්මාණාත්මක හාස්‍යෝත්පාදක නිරූපනයේ අතිශය ජනප‍්‍රිය චරිත ද්විත්වය වන චූටි මල්ලි සහ පොඩි මල්ලී යන චරිත යුගළට පණ පෙවූ සුනෙත් චිත‍්‍රානන්ද හා ගාමින්ද ප‍්‍රියවිරාජ් යන රංගන ශීල්පීන්ය.

    ගජමෑන් චිත‍්‍රපටයේ තිරරචනය ලියන ලද්දේ ද ඔවුන් දෙදෙනා විසිනි. ඔවුන් සමග රෂී ප‍්‍රබෝධා, යුරේනි නොෂිකා සහ සුනිල් පෙරේරා යන අය ද මෙහි හඬ රංගනයෙහි නියැලෙති.

    රු. මිලියන 75කට අධික වියදමක් දරා 2010 වසරේ පටන් නිෂ්පාදන කටයුතු සිදු කරන්නා වූ මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2010 වසරේ පටන් නිෂ්පාදන කටයුතු සිදු කරන්නා වූ මෙම චිත‍්‍රපටය :rolleyes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හොර කොපි කීයක් ආවත් මේක නම් බලන්නේ ෆිල්ම් හෝල් එකේ. මැක්සා
     
    • Like
    Reactions: thusitharhm