ගඩාෆිගේ නෑසු කතා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගඩාෆිගේ නෑසු කතා

    29-page-11-s2-5.jpg


    29-page-11-s2-6.jpg



    ලිබියාවේ සර්ට් නුවරට නුදුරින් පිහිටි කාසා අබු හාඩි නැමැති ග‍්‍රාමීය කෘෂිකාර්මික ප‍්‍රදේශයක 1942 ජූලි මාසයේ මුඅම්මර් මුහම්මඞ් අබු මින්යාර් අල් ගඩාෆි උපත ලැබුවේය. පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු බෙන්ගාසිහි පිහිටි රාජකීය ලිබියානු හමුදා ඇකඩමියට ඇතුළු වූ ගඩාෆි 1966 දී හමුදා උපාධිය හිමිකැරගත්තේය. ඉන්පසු යුරෝපයට ගොස් වැඩිදුර අධ්‍යාපනය ලබාගත් හෙතෙම ලිබියා හමුදාවේ ලෙෆ්ටිනන් වරයකු ලෙස සේවය කළේය.
    එවකට ලිබියාවේ පාලකයා වූ ඊද්‍රිස් රජු ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා තුර්කියට ගොස් සිටියදී 1969 සැප්තැම්බර් මස 01 දින කණිෂ්ඨ හමුදා නිලධාරින් කුඩා කණ්ඩායමක් මෙහෙයවමින් හමුදා කුමන්ත‍්‍රණයක් දියත් කළේය. ඊද්‍රිස් රජුගේ ඥාති පුත‍්‍රයකු වූ ලිබියාවේ කිරුළ හිමි කුමාරයා වූ සයියිද් හසාන් ආරිදා අල් මාධ අසානුසි නිවාස අඩස්සියට පත්කළ ගඩාෆි ප‍්‍රමුඛ හමුදා නිලධාරීන් තම කුමන්ත‍්‍රණය සාර්ථක කරගනිමින් ලිබියාවේ රාජ්‍යත්වය අහෝසි කොට ලිබියානු අරාබි සමූහාණ්ඩුව ප‍්‍රකාශයට පත්කරන ලදී.
    එතැන් පටන් තමන් කර්නල් වරයකු ලෙස හඳුන්වාගත් මුඅම්මර් ගඩාෆි ලිබියාවේ අසහාය පාලකයා වූවේය. 1976 දී අරාබි සමාජවාදී ජාතික කොංග‍්‍රසයෙන් ඔහුට මේජර් ජනරාල් තනතුරක් ප‍්‍රදානය කළ ද හෙතෙම එය පිළිගත්තේ නැත. ගඩාෆි කියා සිටියේ තමා කර්නල් යන නමින් පමණක් හැඳින්විය යුතු බවයි. මියයන තුරුම ගඩාෆි කර්නල් වරයකුට අදාළ නිල ඇඳුමින් පමණක් සැරසී සිටියේය.
    1977 දී ලිබියාවේ පදිංචි ඉතාලි ජාතිකයන් සියලූ දෙනාම ගඩාෆි විසින් පලවා හරින ලද අතර එවකට පැවති කි‍්‍රස්තියානි දින දර්ශනය වෙනුවට ලිබියාවට නිල වශයෙන් ඉස්ලාමීය දින දර්ශනයක් හඳුන්වාදෙන ලදී. එම දින දර්ශනයේ අගෝස්තු මාසයේ ඔගස්ටස් සීසර් යන නම වෙනුවට ඔහු හනිබාල් යන නමත් ජූලි මාසයේ ජුලියස් සීසර්ගේ නම වෙනුවට ගමාල් අඞ්බල් නසාර් යන නමත් හඳුන්වාදෙන ලදී. අරාබි ලිබියා සමූහාණ්ඩුව ඔහුගේ මෙම කි‍්‍රයාකලාපය ඒකමතිකව ස්ථිර කර ඇත.
    ලිබියාව යනු ඉතා විශාල ස්වභාවික සම්පත් වලින් අනූණ වූ දේශයකි. ගඩාෆි විසින් මේ අසාමාන්‍ය සම්පත් සියල්ල තම දේශය සංවර්ධනය සඳහා යොදාගන්නා ලදී. ගඩාෆි පාලන බලයට පත්වන විට එරට සාක්ෂරතාව සියයට දහයකි. ගඩාෆි මියයන අවස්ථාව වනවිට සාක්ෂරතාව සියයට 90 දක්වා ඉහළ ගොස් තිබිණි.
    ලිබියාවේ සියලූම වැසියන්ට නොමිලයේ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ලබාදෙන අතර තම රටේ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ප‍්‍රමාණවත් නොවේයැයි සිතන අයකුට විදෙස් රටකට ගොස් එම සේවා ලබාගැනීම සඳහා ලිබියාවේ රජය ඇමරිකන් ඩොලර් 2,300 ක දීමනාවක් ලබාදෙයි.
    වර්තමානයේ ලිබියා ජනගහණයෙන් සියයට 25 ක් විශ්ව විද්‍යාල උපාධි හිමිකරගෙන ඇති අතර සියලූම උපාධිධාරීන්ට රැකියාවක් ලබාදීමට ලිබියාවේ ගඩාෆි රජය කටයුතු කළේය. උපාධි හා රැකියා පුහුණු ලබාගැනීම ශිෂ්‍යත්ව ක‍්‍රම රැසක් ද ස්ථාපිත කැර තිබේ. උපාධියක් ලබාගත් අයකුට රැකියාවක් දීමට යම් අවස්ථාවක රජය අපොහොසත් වන්නේනම් උපාධියට නියමිත රැකියාවට අදාළ වැටුප රජය විසින් ඔහුට හෝ ඇයට ගෙවනු ලබයි.
    ගඩාෆි බලයට පත්වන විට ලිබියාවේ වැසියකුගේ පරම ආයුෂ වර්ෂ 57 ක් වූ අතර සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වැඩි පහසුකම් ඇතිකිරීම හේතුවෙන්ම වර්තමානයේ ලිබියාවේ පරම ආයුෂ මට්ටම වර්ෂ 77 දක්වා ඉහළගොස් තිබේ.
    ලිබියාවේ රාජාණ්ඩු පාලනය බිඳ දැමූ ගඩාෆි එරට ජනතාවට සමානාත්මතා අයිතිවාසිකම් තහවුරු කරමින් ගැහැනුන්ට සහ කළු ජාතිකයන්ට රැකියා අවස්ථා ඇතිකිරීමට ද කටයුතු කළේය. ලිබියාවේ යම් වැසියකු කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය ලෙස තෝරාගන්නේනම් ගඩාෆිගේ රජය ඔහුට වගා කිරීමට ඉඩමක්, කෘෂිකාර්මික නිවසක්, උපකරණ පමණක් නොව අවශ්‍යකරන බීජ වර්ග පවා නොමිලයේ ලබාදෙයි.
    සෑම ලිබියන් වැසියකුටම නිවසක් හිමිවිය යුතුය යන දැඩි මතයක සිටි ගඩාෆි වරක් ලිබියාවේ ජනතාව ඉදිරියේ සපථ කැර සිටියේ සියලූ ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමාපියන්ට නිවසක් ලබානොදෙන බවයි.
    ජීවත් වීමට නිවසක් තනාගැනීම සඳහා මුදල් ආධාර ලබාදීමේ ව්‍යාපෘති රටතුළ ඇතිකළ ගඩාෆි මඩ ගොහොරු සහිත ප‍්‍රදේශ වල ඔටුවන් ලගින කූඩාරම් මෙන් පෙණුනු කුඩා නිවාස වෙනුවෙන් සහරා කාන්තාරය සහ ඒ අවට ප‍්‍රදේශයන්හි ඉදිකළ නවීන පන්නයේ නිවාස, විදුලිය, ජලය සහ සැටලයිට් රූපවාහිනී සේවා ද ලබාදීමට කටයුතු කළේය. අලූතින් විවාහපත් වන අය සඳහා රජය විසින් ඩිනාර් 60,000 ක් හෙවත් ඇමරිකන් ඩොලර් 50,000 ක් ලබාදෙයි. එය ඔවුන්ට නිවසක් ලබාගැනීම වෙනුවෙනි. නිවසට එලෙස ආධාර කරන ගඩාෆි දරුවකු බිහිකරන සෑම මවකටමට ඇමෙරිකන් ඩොලර් 5,000 ක දීමනාවක් රජයෙන් ලබාදෙයි.
    මෙලෙස නිවාස වෙනුවෙන් ගඩාෆි කොතෙක් ආධාර ලබාදුන්න ද රටේ නැගෙනහිර ප‍්‍රදේශයේ යම් ප‍්‍රමාණයක් දරිද්‍රතාවෙන් පෙළෙන අය තවමත් දක්නට ලැබේ. ගඩාෆි මියයන අවස්ථාව වනවිට ලිබියාවේ මෙම නැගෙනහිර ප‍්‍රදේශ වල ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයක් පැවති බව පැවසේ. බංගාසි නුවර කැළි කසළ පරිවහන පද්ධතීන් අවුරුදු 40 ට වඩා පැරණි වූ බවත් පැවසේ.
    කාන්තාරවලින් බහුල ලිබියාවේ ජනතාවට පානීය ජලය ලබාගැනීම අතිශය අසීරු කරුණක් බැවින් ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ ගඩාෆි ලොව විශාලතම ව්‍යාපාරය කරමින් කෘති‍්‍රම ගංගා නිර්මාණය කළේය. එහි ප‍්‍රතිඵලය වූයේ ලිබියාව පුරා ජලය සුලභ වීමයි.
    ගඩාෆි ලිබියාවේ ආර්ථිකය මැනවින් සැලසුම් කැර තිබේ. ගඩාෆිගේ සමාජවාදී අදහස් වලින් පෝෂණය වී තිබූ එම ආර්ථික සැළසුම් අතර ප‍්‍රධාන තැනක් ගත්තේ තෙල් සම්පතින් වැඩි ලාභ ලැබීමට කටයුතු කිරීමයි. 2000 සිට 2011 අතර කාලයේ ලිබියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 10.6ක් වූ අතර සිවිල් යුද්ධය පැවැති 2011 වර්ෂයේදීද ආර්ථික වර්ධනය සියයට 10 ඉක්මවා තිබිණි. ලොව කිසිදු රටකට ණය නැති ලිබියාවේ ගඩාෆි මියයන විට සංචිත ප‍්‍රමාණය ඩොලර් බිලියන 150 ද ඉක්මවා තිබිණි.
    ලිබියාවේ සියලූම බැංකු රජය සතුවන අතර බැංකු ණය ලබාදීමේදී කිසිදු පොලියක් අයනොකිරීම ද විශේෂත්වයකි. එරට තෙල් විකිණීමෙන් ලබන ආදායමෙන් කොටසක් සියලූම ලිබියන් වැසියන්ගේ බැංකු ගිණුමට බැරවන ක‍්‍රමයක් ද ගඩාෆි විසින් හඳුන්වාදී තිබිණි.
    ලිබියාවේ සෑම නිවසකටම විදුලිය සම්පූර්ණයෙන්ම නොමිළයේ ලබාදීමට ද ගඩාෆි කටයුතු කැර ඇත. තෙල් සම්පත සිය ප‍්‍රධාන අපනයන ආර්ථිකය බවට පත්කැරගත් ලිබියාවේ වැසියකු මෝටර් රථයක් මිලදී ගන්නේනම් එහි මිලෙන් අඩක් රජය දැරීම විශේෂත්වයකි. ලිබියාවේ පෙට‍්‍රල් ලීටරයක් මෙරට මුදලින් රුපියල් 15.40 කි.
    ලිබියාවේ පාන් රාත්තල් 40 ක මිල මෙරට මුදලින් රුපියල් 16.50 කි.
    ආර්ථික වර්ධනය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ ගඩාෆි විශාල වශයෙන් ගිනි අවි මිලදී ගනිමින් සිය රටේ යුද ශක්තිය වැඩි දියුණු කිරීමට ද දැඩි වෙහෙසක් ගත්තේය. ඒ 1972 සිටයි. චීන මහජන සමූහ ආණ්ඩුවෙන් ගඩාෆි න්‍යෂ්ඨික අවි ඉල්ලා සිටියේය. එම වර්ෂයේදීම පකිස්ථානයෙන් එවැනි අවියක් නිෂ්පාදනය කැර දෙන ලෙස ඉල්ලා සිටි අතර එම අවි නිෂ්පාදනය කිරීමටත් පෙර පකිස්ථානයත් ලිබියාවත් අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා බිඳ වැටුණි.
    එම සම්බන්ධතා යළි ගොඩනගාගත් ගඩාෆි ඉන්දියාවෙන් න්‍යෂ්ඨික අවි මිලදී ගැනීමේ උත්සාහයක ද නිරත වූවේය. තම රටේම රසායනික අවි ව්‍යාපෘතියක් ආරම්භ කළ ගඩාෆි තමන්ට හිතවත් රටවලින් ඒ සඳහා උදව් ඉල්ලා සිටියේය. මෙහි ප‍්‍රතිඵලය වූයේ ගඩාෆිගේ රසායනික අවි වැඩපිළිවෙලට සහය දැක්වූ විදේශ ජාතිකයන්ට ඒ ඒ රටවලින් අධිචෝදනා ගොනුකොට නඩු පැවරීමයි.
    බටහිර රටවල් යම් දේශයකට හෝ පාලකයකුට එරෙහි වන්නේනම් ගඩාෆි නොබියව පීඩාවට පත්වන්නා වූ රටට හමුදාමය සහයෝගය ලබාදීමට ඉදිරිපත් වූවේය. පිලිපීනයේ සමාජවාදී සන්නද්ධ අරගල වලට සහයෝගය දුන් ගඩාෆි මොරෝ ඉස්ලාමීය ගලවාගැනීමේ හමුදාවට ද සහයෝගය දීමට කටයුතු කළේය. ඉන්දුනීසියාවේ පැපුවා මර්ඬේකා යන සංවිධානය ද ලිබියාවේ උපකාරය ඇතිව වර්ධනය වී තිබේ.
    නමුත් බටහිර රටවල් සහ ලිබියාවේ අන්තවාදී කණ්ඩායම් දිගින් දිගටම කියා සිටියේ ගඩාෆි යනු බල උන්මාදයෙන් මත්වූ කෲර ආඥාදායකයකු බවයි. ගඩාෆි ට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට ඕනෑම දෙයක් කළ හැකි ඕනෑම දෙයක් විකිණිය හැකි සහ ඕනෑම දෙයක් අයිතිකැරගත හැකි බවට ද ඔවුහු චෝදනා එල්ල කළහ.
    තම දේශයේ ආර්ථිකය ශක්තිමත් කරද්දී ගඩාෆි ද සුඛෝපබෝගී ජීවිතයක් ගත කළ බවත් රජකුගේ පාලනය පෙරළා දමා බලයට පත්වූ ඔහු තවත් ඒකාධිපති රජකු සේ ජීවත් වූ බවටත් චෝදනා එල්ලවිය.
    ඉතාලි සමාගම් ලිබියාවේ දැඩි ස්ථාවර තත්ත්වයක පසුවෙති. ඉතාලි සමාගම් ලිබියාවේ තෙල් සම්පත හා ස්වභාවික ගෑස් වෙළඳෙපොළේ වැදගත් මෙහෙවරක් ඉටුකරයි. ඉතාලි ඔයිල් සමාගම, ෆියට් මෝටර් රථ සමාගම සහ යුනි ක්‍රෙඩිට් සමාගම මේ අතර ප‍්‍රධාන වේ.
    2002 ජනවාරි මාසයේදී ගඩාෆි විසින් ඉතාලි පාපන්දු සමාජයේ කොටස් සියයට 7.5 ක් මිලදී ගන්නා ලද අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 21 ක වටිනාකමකින් යුතුය. එක්සත් ජනපද භාණ්ඩාගාරය ගඩාෆිගේ වත්කම් පරීක්ෂාකැර බැලීම සඳහා බි‍්‍රතාන්‍යයේ විශේෂ ඒකකයක් පිහිටුවන ලද අතර ගඩාෆි අන්තර්ජාතික කළු සල්ලි ජාවාරමේ ප‍්‍රධාන කොටස් කරුවකු බව එම ඒකකය නිවේදනය කැර තිබේ.
    ගඩාෆි හට ඒ 340 පුද්ගලික එයා බස් ජෙට් යානාවක් ඇති අතර එය ඔහු මිලදී ගත්තේ සෞදි අරාබියේ අලි වලීඞ් බින් ටලාල් යුව රජුගෙන් වන අතර එය ඇමෙරිකන් ඩොලර් මිලියන 120 කට මිලදීගෙන ඇත්තේ 2003 වර්ෂයේදීය. ටි‍්‍රපෝලියන් වල ඇති අපි‍්‍රයා නැමැති ගුවන් සේවය ගඩාෆි සතු ගුවන් සේවයකි. එය විචිත‍්‍ර වර්ණ වලින් සමන්විත සේවාවකි.
    1977 න් පසු හුදු සංකේතාත්මක චරිතයක් පමණක් වූ ගඩාෆි හට එල්ල වූ විවේචන වලට අනුව ඔහු තත්ත්වාකාරයෙන් කි‍්‍රයාත්මක වූ ආඥාදායකයෙකි. එහෙත් ඔහුගෙන් රාජකාරීමය වශයෙන් ලිබියාවේ පාලනයක් සිදුවූයේ නැත. නමුත් 2011 වර්ෂයේ ලිබියාවේ කැරලි ආරම්භ වූයේ ගඩාෆි පලවා හැරීමේ අරමුණෙනි. මෙයට නේටෝ සංවිධානය ද උපකාර කළේය.
    මෙතෙක් ලොව රටවල් පාලනය කළ පුද්ගලයන් අතරින් රාජ්‍ය ආණ්ඩු ක‍්‍රමයෙන් හෝ රාජ්‍යත්වයෙන් තොරව දීර්ඝතම කාලයක් රටක් පාලනය කළ පුද්ගලයා වන්නේ කර්නල් මුවම්මර් ගඩාෆි ය. එමෙන්ම ඔහු දීර්ඝතම කාලයක් අරාබිය පාලනය කළ නායකයාය.
    බටහිර හමුදා ස්ථාවරයන්ට අනුව කිසිදු රටක් කර්නල් වරයකු විසින් පාලනය කරන්නේ නැත. රටක් පාලනය කළ හැක්කේ එම රටේ සේනාධිනායකයාට පමණි. නමුත් ගඩාෆි කියා සිටියේ තමන් සහෘදයන්ගේ නායකයකු බවයි. තමන් විප්ලවයට මගපෙන්වන්නකු පමණක් බවත් ලිබියානු සමාජය පාලනය කරන්නේ ලිබියානු ජනතාව බවත් ගඩාෆි නිතර පැවසීය. ඒ නිසාම තමන්ට තනතුරු ගරු නම්බු නාම අවශ්‍ය නැතැයි ජනරාල් තනතුර පිරිනැමූ අවස්ථාවේ එය ප‍්‍රතික්ෂේප කරමින් හෙතෙම කියා සිටියේය.
    2008 අපි‍්‍රකානු රාජ්‍ය නායක හමුවකදී සම්ප‍්‍රදායික අපි‍්‍රකානු පාලකයන් ඔහුට රජුන්ගේත් රජු යන ගෞරව සම්මානය ප‍්‍රදානය කරන ලදී.
    ලිබියාවෙන් බිහිවූ රජුන්ගෙත් රජු එරට වැසියන් විසින් ඇති කරනලද කැරැල්ලකදී මියගොස් තිබේ. දරිද්‍රතාවයේ පත්ලේ සිටි ලිබියාව ඔහුගේ පාලන කාලයේදී සංවර්ධනය වී ඇති බව බටහිර ජාතීන් ද පිළිගන්නා කරුණකි. ගඩාෆි නොමැති ලිබියාවේ හෙටදවස ගැන දැන්ම තීරණයක් ගැනීමට හැකියාවක් නැත. නමුත් ගඩාෆිගේ චරිතයේ ඇතුලාන්තයත් ඔහු කළ කී දෙයත් සොයා බලන විට පෙනෙන්නේ පසුගිය කාලයේ බටහිර රටවල් ගඩාෆිගේ චරිතය පිළිබඳ මවා ඇති චිත‍්‍රය කොතරම් සාධාරණද යන්නයි. එය අනාගතය විසින් තීරණය කරනු ලබනු ඇත.


    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/11110
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    29-page-11-s2-6.jpg
    ඔය තියෙන්නෙ ඇත්ත
    ඔක අපි කියද්දි අපේ එවුන් මොනවද කියුවෙ සුද්ද කියපු දේ අහගෙන ඔව බොරැ කියල කොචිචර නමි මෙතන කැ ගැහුවද ඔය එන්නෙ එළියට පත්තර විලින්ම අනික ලංකාදිප වලින් :)

    අපි එදත් හිටියෙ හරි තැන අදත් ඉන්නෙ හරිතැන.ඇත්තටම මේවා අපි කියපුව හරියටම ඔප්පු වෙන තැනක් :):)
    දැන් මොක දන්නෙ නැ කියන්නෙ සුද්දට කඩේ ගියපු ‍අපේ මෝඩයො ටික :baffled::P

    "ගඩාෆි කියන්නෙ ලිබියාවේ හිටිය හොදම පාලකය, ලිබියාවේ මෝඩයන්ට ඒක ලගදිම තේරෙයි" :yes::(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    අපි නිකන් කිව්වාම සොර්ස් එකක් ඉල්ලුව , ඒක ලංකාදීපෙන්ම ගත්තාම දැන් හිනාවෙනවා , හෙන පොරවල් නේ උබලා


    :rolleyes::rolleyes::rolleyes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    අපි නිකන් කිව්වාම සොර්ස් එකක් ඉල්ලුව , ඒක ලංකාදීපෙන්ම ගත්තාම දැන් හිනාවෙනවා , හෙන පොරවල් නේ උබලා


    :rolleyes::rolleyes::rolleyes:

    අෆොයි මන්නම් සෝර්ස් ඉල්ලුවෙ නෑ බන්ස්..:no:

    අනික ගඩාපිය මලාට අපි ඇරගන්නෙ මක්කටෙයි...
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අෆොයි මන්නම් සෝර්ස් ඉල්ලුවෙ නෑ බන්ස්..:no:

    අනික ගඩාපිය මලාට අපි ඇරගන්නෙ මක්කටෙයි...

    ඉල්ලුවෙ නැත්නම අව්ලක් නෑ , උඹ හිනා වුනු නිසා කිව්වේ
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඉල්ලුවෙ නැත්නම අව්ලක් නෑ , උඹ හිනා වුනු නිසා කිව්වේ

    මට ගඩාව අල්ලන්නෙ නෑ මචන් වැඩිය... ඒකයි..:dull:
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    ගඩාෆි කියන්නෙ ලිබියාවේ හිටිය හොදම පාලකය
    ekama palakaya machan
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    a yako mu ratata karala thiyena wedatikata malmala danna epei ..... balayata thanhawen inna eun thamai gadaffiwa mara gaththe nethuwa ratata adarayakata nam nemei..... ekane theltika denamama dila thiyenne....ai ithin libiyawa pallehatama bahinawa
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    a yako mu ratata karala thiyena wedatikata malmala danna epei ..... balayata thanhawen inna eun thamai gadaffiwa mara gaththe nethuwa ratata adarayakata nam nemei..... ekane theltika denamama dila thiyenne....ai ithin libiyawa pallehatama bahinawa

    ලිබියාවට විතරක් නෙමේ , අපිටත් කෙලවෙනවා , ඔය මුස්ලිම් රටවල් වලින් අපිට තෙල් අඩුවට හම්බුනාට , ඇමරිකන් කාරයා ඔය තෙල්ටික අරගෙන අපිට වැඩිමිලට විකුණයි. ඊට පස්සේ ඇමරිකාවට හුරේ දාපු උන් රටේ ආණ්ඩුවට බැන බැන ඉදී.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ වගේ මිනිස්සු පහල වෙන්නේ අඩුවෙන්. වැරදි තියෙනවා. නෑ කියන්නේ නෑ. ඒත් මිනිස්සුන්ට මේ වගේ සේවය කරපු කෙනෙක්, මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් රටක් වටිනවා. තේරුම් යනකොට පෙරහැර ගිහිල්ලා...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ වගේ මිනිස්සු පහල වෙන්නේ අඩුවෙන්. වැරදි තියෙනවා. නෑ කියන්නේ නෑ. ඒත් මිනිස්සුන්ට මේ වගේ සේවය කරපු කෙනෙක්, මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් රටක් වටිනවා. තේරුම් යනකොට පෙරහැර ගිහිල්ලා...


    :yes::yes::yes: