ගඩාෆි ගැන දුක් වන්නෝ !

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ගඩාෆි ගැන දුක් වන්නෝ !



Uploaded by admin asia, Chitral Perera, feature, interviews, Janasansadaya, Weeklya 1:07 PM




ගඩාෆි බලයෙන් පහවීම හා ඔහුව ඝාතනය කිරීම ගැන තවමත් ලතවෙන පිරිසක් අප අතර සිටිති.


අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ඔහු කළ අපරාධ පිළිබඳව විනිවිද හා පිළිගත් යුක්තිය පසිඳලීමේ ක්රිනයාදාමයන්ට අනුව විවෘත නඩු විභාගයක් පවත්වා, කරුණු කාරණා ඔප්පු වුවහොත් දඬුවම් පැමිණවීම කළ යුතුය. එහෙත් එය මරණ දඬුවම නොවිය යුතුය.


අත්අඩංගුවට ගත් ගඩාෆිව මරා දැමීම හා ඔහුගේ සිරුර කුණුවී යන තුරු ප්ර දර්ශනයට තැබීම, හෙලා දැකිය යුතුය. එය ම්ලේච්ඡ ක්රිකයාවකි. එය සිදුකළ සියල්ලටම එරෙහිව නීතිමය පියවර ගත යුතුය. ඒ සඳහා උපරිම බලපෑම් වත්මන් ලිබියානු පාලකයින්ට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කලය යුතුය. එම කාර්යයෙන් බැහැරව, ගඩාෆි ගැන කඳුළු සලන්නේ ඇයි.


ඔහු බලය ලබාගත්තේ හමුදා කුමන්ත්රුණයකින්ය. බලය ලබා ගැනීමෙන් පසුව, ඔහු ජනමත විමසුමකට ඉඩ තිබ්බේ නැත.


හිටපු රජ සමයටත් වඩා සංවිධානාත්මකව ජනතාව මර්දනය කළේය. එය පටන්ගත්තේ අදහස් ප්රුකාශ කිරීම වැළැක්වීමෙන්ය.


මෙම මර්දනය හමුවේ, වධහිංසාවට ලක්වූවන්, අතුරුදහන්වූවන්, සිරභාරයට පත්වූවන් කොපමණද? වෙනත් ආකාරයේ පළිගැනීම්වලට ලක්වූවන් කොපමණද?
මේ ගැන, මේ දුක්වන්නෝ ප්රගශ්න නොකරති.


සෑම පාලකයෙක්ම, මර්දනය දියත් කිරීමට සමගාමීව සංවර්ධනය ගැනද කතා කළෝය. ඇත්තටම, ඔහු තෙල් සල් වලින් කළේ මංමාවත්, ගොඩනැගිලි ඉදිකිරීමය. ඔහුගේ පවුල් රජ කරවීමය.


තම අවට සිටින්නන්ට, ගැත්තන්ට හිතේ සැටියට සංවර්ධනය වීමට ඉඩ හැරියේය.


ඒ අතර, ඔහු අන් සියලු මර්දනකාරී, දූෂිත නිදහස අහිමිකළ නායකයින් මෙන්ම චින්තනයක්ද ඉදිරිපත් කළේය.


ආගම මුල් කරගෙන චින්තනය ගොඩ නැගුවේය.




අධිරාජ්ය වාදි විරෝධියෙකු ලෙසට ලොවේ ප්ර,සිද්ධියට පත්විය.


මේ අධිරාජ්යග විරෝධියා, තම පුතුන්ට ඉගැන්වූයේ හිරු නොබසින අධිරාජ්යයයට යවාය. යුරෝපයේ පාපාදන් කෙළිවලට යවාය. අධිරාජ්යුවාදීන්ගෙන් සියලු අති සුඛෝපභෝගී දෑ ලංකරගෙනය.


මේ අතර, ජනතාව මර්දනය කළාට තමන්ට ප්රයශ්නයක් කර නොගත්, සෑම බලවතෙකුම, බොරදියේ මාලු බාති. එය එදත්, අදත්, හෙටත් කරනු ඇත.


“සමාජවාද” ලිබියාව, “අධිරාජ්යය විරෝධි” ලිබියාව සෝවියට් දේශයට හා චීනයට තෝතැන්නක් විය. තම ගුවන් යානා, යුධ අවි, රිසිසේ විකුණා ගන්නට හොඳ වෙළඳපොළක් බිහිවිය. ලිබියාවට තෙල් සල්ලි තිබිණ. ඒ නිසා ණයට දෙන්නටද අවශ්යො නොවීය.


රටතුළ ගඩාෆිගේ දූෂණයට, මර්දනයට එරෙහිව බුර බුරා නැගුණු ජන විරෝධයට, ඇමරිකාව හා යුරෝපය තෙල් දැම්මේය.


රුසියාව, චීනය කටින් විරෝදය පලකරමින් ගාඩාපිව අත හැර දැම්මේය. ගඩාෆි සමග ගසපු ආර්ථික ගිවිසුම් රැක ගැනීමට නව පාලකයින් ඔවුන්ට දැන් අවශ්යාව ඇත. අද සිරියාවේ වෙන්නේත් ඒ දේමය. ඊජිප්තුවේ මුබාරක්ට වූයේත් ඒ දේමය.


අන්ත ඉස්ලාම් මූලධර්මවාදයෙන්, ජනතාව මර්දනය කරන, විශේෂයෙන් ලිබරල් මතවාදීන් හා ස්ත්රී්න් මර්දනය කරන අධිරාජ්ය් විරෝධී සටන් පාඨ කියන ඉරානයටද මේ තත්වය උදා වුවහොත්, පුදුම විය යුතු නැත.


සමාජවාදි හා අධිරාජ්යම විරෝධී සටන්පාඨ වලින් අන්ධව, ජනතාව මර්දනයට ඉඩ හැරිමවෙචනයෙන් හෝ දායක වී‍මෙන් ඇතිවිය යුතුය.


අපේ රටම උදාහරණයට ගන්න.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද ලිබියාව එදා නොතිබිචිච අදුරැ අගාදයකට වැටිල,
    "ගඩාෆි කියන්නෙ ලිබියාවෙ හිටිය හොදම පාලකය"ඒක දැටමත් ලිබියාවේ මෝඩයන්ට තේරිලා ඇති :yes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අද ලිබියාව එදා නොතිබිචිච අදුරැ අගාදයකට වැටිල,
    "ගඩාෆි කියන්නෙ ලිබියාවෙ හිටිය හොදම පාලකය"ඒක දැටමත් ලිබියාවේ මෝඩයන්ට තේරිලා ඇති :yes:
    ගඩාපි ලිබියාවේ හිටපු හොඳම පාලාකයා කියන්නේ කුමන පදනමක් උඩද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගඩාපි ලිබියාවේ හිටපු හොඳම පාලාකයා කියන්නේ කුමන පදනමක් උඩද?

    1 අද ලිබියාවේ පාලනය යන්නෙ අල්කයිඩා පැත්තට,ලගදිම අලිකයිඩා කාරයො ලිබියාව අල්ලනව ඇෆ්ගනිස්ථානයවගේ.
    2 අද ලිබියාවේ ගෝත්‍ර ගැටුමි ආරමිබය වෙන්ඩ යන්නෙ,ඒ කියන්නෙ ලගදිම එකමරටේ මිනිස්සු මිනි මරා ගන්නව
    3 ලිබියාවේ මිනිස්සුන්ට අයිති සමිපත් බටහිර කොල්ල කන්ඩ පටන් ගත්ත,හොදම උදාහරනය තෙල්, දන්නවනේ අද අදිනව බටහිරට.
    4 අද බලන්න ගඩාෆි මරලත් ඇතුලෙ ගැටුමි සාමාන්‍යය මිනිස්සු කොචිචර මැරෙනවද කියල තාම වාර්තාවක් නැ
    ඔය වගේ කාරනා ගොඩකින් අද ලිබියාව අස්ථාවර වෙන්ඩ යන්නෙ.බලපන් තව අවුරැද්දකින් ජමිබු හමිබෙලා තියෙන හැටි අන්තයටම පිරිහෙනව රට :yes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    1 අද ලිබියාවේ පාලනය යන්නෙ අල්කයිඩා පැත්තට,ලගදිම අලිකයිඩා කාරයො ලිබියාව අල්ලනව ඇෆ්ගනිස්ථානයවගේ
    මේ අය ඉස්ලාමීය නීතිය අනුව රට කරන්න යන්නේ.නමුත් ඒක මුස්ලිම් විප්ලව වල තියෙන ප්‍රාථමික තත්වය.අල්කයිඩා වගේ මේ රටේ අධ්‍යාපනය, සන්නිවේදනය තහනම් කරලා නෑ.ඒ වගේම පක්ෂ දේශපාලනය මේ අය පිලි අරගෙන තියෙන්නේ. ජනප්‍රිය චන්දය සහ මැතිවරණ මේ අය භාවිතා කරනවා.ඒක නිසා අල්කයිඩා කියලා කියන්න බෑ.නමුත් ඔය එකක්වත් පූර්ණ විප්ලව නෙවෙයි. ඒක ඒ අයගේ ආගමෙන් ඒ අයව නොමේරු පසුගාමි සංකල්ප වල ඔබාගෙන ඉන්නවා.
    2 අද ලිබියාවේ ගෝත්‍ර ගැටුමි ආරමිබය වෙන්ඩ යන්නෙ,ඒ කියන්නෙ ලගදිම එකමරටේ මිනිස්සු මිනි මරා ගන්නව
    හැම මුස්ලිම් රටකම වාගේ ගෝත්‍රිකයන් ඉන්නවා.පකිස්තානය කියන්නේ ප්‍රජාතාන්ත්‍රික රටක්.නමුත් මහ ලොකු ගෝත්‍රික ගැ‍ටුම් නෑ.අනිත් එක ගෝත්‍රික ප්‍රශ්න වලට විසදුම ඒකාධිපතියෙක් යටතේ නිදහස වලලාගෙන ජීවත් වෙන එක නෙවෙයි කියලා තේරුම් ගන්න.තවම ගෝත්‍රිකයන් අතරේ විශාල යුද්ධයක් නෑ .නමුත් ගඩාපිගේ ගෝත්‍රයට අඩන්තේට්ටම් ටිකක් වෙනවා.මේක ටික කාලෙකින් නැතිව යාවි.
    3 ලිබියාවේ මිනිස්සුන්ට අයිති සමිපත් බටහිර කොල්ල කන්ඩ පටන් ගත්ත,හොදම උදාහරනය තෙල්, දන්නවනේ අද අදිනව බටහිරට.
    ගඩාපි තෙල් ඇද්දෙත් බටහිර ප්‍රමුක විදේශ රටවලට තමයි.ගඩාපි තෙල් සල්ලි ඩොලර් බිලියන 100ක් විතර හොරකම් කරලා විදේශ රටවල ආයෝජනය කරලා තියෙනවා.ඒ වගේම ගඩාපි භාණ්ඩාගාරයෙන් කෙලින්ම ඔහුගේ පවුලට සල්ලි ගත්තා කියලා මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා.
    නමුත් ලිබියන් ජනතාවට පුලුවන් තෙල් සමාගම් වලට නොදී රට තුලින්ම ඒක පාලනය කරන්න.ඒ එහෙම කරන පිරිසක් පත් කර ගැනීමෙන්.
    4 අද බලන්න ගඩාෆි මරලත් ඇතුලෙ ගැටුමි සාමාන්‍යය මිනිස්සු කොචිචර මැරෙනවද කියල තාම වාර්තාවක් නැ
    තවම විප්ලවයෙන් පසු ලිබියාවේ ස්ථාවර හමුදාවක්, පොලිසියක් නෑ. ඒ වගේම කැරලිකරුවන්ගේ විනය හුඟක් අඩුයි.ඒ අය ගඩාපිගේ පක්ෂපාති අයගෙන් පලිගන්නවා.නමුත් ගඩාපි ඔහුට විරුද්ධය අය සෑහෙන්න මරලා තියෙනවා.මේ තත්වය දිගටම වෙන එකක් නෑ.මේක පසු විප්ලවීය තත්වයක්.
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    විශේෂයෙන්ම ගඩාපිලා, මහින්දලා අපේ රටේ මුග්දයන්ට විශිෂ්ඨ පාලකයන් වුනාට , මේ අය බටහිර රටවල හිටිය නම් මේ වෙන කොට හිරේ දාලා.මෙහෙ කරනවා වගේ මාධ්‍ය වේදීන් මරන්න, කෝටි ගනන් කොමිස් ගහන්න, සුදු වෑන් යවලා මිනිස්සු මරන්න ඒ රටවල ගියා නම් මේ අය මේ වෙනකොටත් අල්ලගෙන හිරේ දාලා.
    නමුත් අපේ රටේ නිවට මිනිස්සු නිසා ඒ අය වීරයන්.බටහිර රටවල අපේ වගේ මිනිමරුවන්, දූෂිතයන් කියන්නේ අපරාධකරුවන් මිසක් දේශපාලන නායකයන් නෙවෙයි.