ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

Jul 26, 2011
8,378
730
0
no sinhala land
දුර්දාන්ත පාලකයන්ට රට අවුරුදු 42ක් නෙවෙයි, අවුරුදු 60ක් වුනත් ගෙනියන්න පුලුවන්.
හමුදාව සහ ආරක්ෂක අංශ මිනිහත් එක්ක ඉන්නවනම් ඒක සුලු දෙයක්.
ඉතිහාසයේ දරුනු පාලකයන් දීර්ඝ කාලයක් රජ කරලා තියෙනවා. ලිබියාව කියන්නේ ලක්ෂ 40 ක ජනතාවක් ඉන්න රටක්.පවුල් ඇත්තේ ලක්ෂ 6-7ක් විතර.
නමුත් මෙච්චර තෙල් සම්පතක් තිබිලා, මේ පවුල් ලක්ෂ 7ක් සුභ සාධනය කරන්න නොහැකි වීම පෙන්වන්නේ තිරිසන් දූෂිතත්වයයි.
සවුදියේ රජා ඉන්නෙත් ජනතා කැමත්තෙන්ද? බෲනායි රජා ඉන්නේ ජනතා කැමත්තෙන්ද?
ගඩා‍ෆි නිදහස් අධ්‍යාපනය, නිදහස් වෛද්‍ය සේවයක් හදලා තියෙනවා.නමුත් ලෝකේ මේ පහසුකම දැන් හුඟක් රටවල තියෙනවා.ඇමරිකාවේ විතරයි නිදහස් සෞඛ්‍ය සේවයක් නැත්තේ.
තෙල් කියන්නේ ඕන රටකට විකුනන්න පුලුවන් සම්පතක්.ඒක නිසා මේකා වසර 42ක් රට කාපු එකට දුන්න දඩුවම නියමයි. හැබයි ගහලා උසාවියට දැම්මා නම් ඉවරයි.
ගඩාපි කියන්නේ විප්ලවවාදියෙක් නෙවෙයි.කුමන්ත්‍රන කරුවෙක්.හමුදා ජුන්ටෙක්. පවුල් පෝෂකයෙක්.බලය අතහරින්න අකැමති පිස්සු බල්ලෙක්.
මුස්ලිම් රටවලට දියුනුවක් විමුක්තියක් ලැබෙන්නේ ඉස්ලාම් ආගමෙන් ඉවත් වුනොත් විතරයි.ඔය ආගමත් එක්ක කිසිම මානව නිදහසක් එන්නේ නෑ. බොරු මායාවෙන් ඉවත් වෙලා යථාර්තය වෙත පිය නගන්න ඕනී.

:yes::yes::yes:
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇත්තටම මේ අදහස් එක්ක එකඟ වෙන්න පුළුවං............
    මුළු ලෝකෙම දන්නවා ඇමරිකානු දිගුකාලීන යුධ සැලසුම්................
    ඒවට යන උපායමාර්ග...............
    ඒත් ඒවටම අහුවෙනවා..............
    මොනවා වුනත් ගඩාෆිව මැරුව එක අනුමත කරන්න පුළුවංද...............
    ගඩාෆිගෙ වැරදි තියනවා ඒක වෙනම දෙයක්...............
    ඒත් රටම වෙන අතකට හරවපු නායකයෙක්ව බල්ලෙක් වගේ මෙහෙම මහ පාරේ මරලා දැම්මේ කොහෙමද........
    වෙන කවුරුත් නෙමේ ඒ එ‍් රටේම මිනිස්සුයි එහෙම කලේ..............
    ඊටත් වඩා ලොකුම දේ පොඩි දේටත් මේවයේ ත්‍රෙඩ් දාගෙන දඟලන මිනිස්සු.........
    මේවාදැක්කේ නැහැ වගේ ඉන්න එක.................
    ගඩාෆි ගැන ශෝකය පල කරන්නෙත් දැන් අපිමයි..............
    මෙහෙමත් කල ගුණ අමතක කරන මිනිස්සු..........
    මොනවා වුනත් මොකක්ද හරි මොකක්ද වැරදි කියලා හිතාගන්න බැහැ...............
    මොකද ගඩාෆි කියන්නේ හිතුන දේ කරපු ඒකාධිපති පාලකයෙක්..............
    ඒක නිසා එයා අතිනුත් ගොඩක් වැරදි සිද්ධවුනා..............
    ඒත් එහෙම කියලා මේ මනුස්සයම මෙහෙම මරලා දාපු එක හරිද.............
    අපිට අපේ කෙනෙක්ට මෙහෙම වෙනවා බලං ඉන්න පුළුවංද..............
    මටනං ගොඩක් දුක හිතුනා...............
    මොකද රටක් සෞභාග්‍ය කරා ලං කරපු කෙනෙක් මේ................
    මිනිස්සු කොච්චර තිරිසන්නු වෙලාද.................
    කොයි කවුරුත් වපුරන දේ නෙලාගන්න බලාගෙන ඉන්න ඕනේ................
    ගඩාෆිට වුනෙත් ඒකමයි................
    මේ අනික් අයට වෙන්නෙත් ඕකමයි................
    මොනව වුනත් ඒ මනුස්සයගේ ආත්මයට සැනසීමක් ලැබේවා............!!!

    ඇත්තටම මචන් , ගොඩක් දුක හිතෙනව ඒ මිනිහව මරන විදිහ දැක්කම , ඒ තමන්ගෙම මිනිස්සු අතින් , මෙහෙමත් කාළකන්නි ජාතියක්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,684

    :yes:
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    ඇත්තටම මචන් , ගොඩක් දුක හිතෙනව ඒ මිනිහව මරන විදිහ දැක්කම , ඒ තමන්ගෙම මිනිස්සු අතින් , මෙහෙමත් කාළකන්නි ජාතියක්
    තොපි වගේ පොන්සියෝ ලිබියාවේ හිටපු නිසා තමයි ගඩාපි වසර 42ක් තෙල් හොරකම් කරේ.
    අවුරුදු 42ක් රට කන කන් පොන්සියෝ වගේ ඉඳලා, අන්තිමට ඒකා නාකි වෙලා මැරුනම අල්ලා හුකබාර් කියනවා.
    අල්ලෙක් ඉන්නවනම් ඌ කොහෙද අවුරුදු 40 ක රජ සැප විඳින්නේ.

    :frown::frown:
    .
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    ගඩාපිගේ මේ ඉරනම රටවල් හොරා කන හැම නායකයටම අත් විය යුතුමයි. මම මේක සම්පූර්නයෙන්ම අනුමත කරනවා. මොකද වසර 42 ක් රටේ සම්පත් අපහරනය කරපු බල්ලෙක්ට මීට වඩා මොනවද කරන්න තියෙන්නේ.
    රාජපක්ෂට කඩේ යන එවුන් ගඩාපිටත් නිකන් කඩේ දුවනවා කියලා පේනවා.
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    හොදම පාලකයා කියල මම කියන්නේ නෑ මචං...මොකද සංසන්දනය කරන්න වෙන පාලකයෝ හිටියේ නෑ නේ ලිබියාවේ......
    නමුත් අපි තේරුම් ගන්න ඕන එකක් කියනවා......
    මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලටත් තියන්නේ........!!!!!

    :yes:
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    Quote:
    Originally Posted by dath kimbula
    හොදම පාලකයා කියල මම කියන්නේ නෑ මචං...මොකද සංසන්දනය කරන්න වෙන පාලකයෝ හිටියේ නෑ නේ ලිබියාවේ......
    නමුත් අපි තේරුම් ගන්න ඕන එකක් කියනවා......
    මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලටත් තියන්නේ........!!!!!

    ලබ්බ තියා ගත්ත කියලා ලිබියාවට වැඩකුත් නෑ.පුහුල තියා ගත්ත කියලා ලංකාවට වැඩක් වෙන එකකුත් නෑ.ලබ්බයි පුහුලයි ඒ අයගේ පවුල් පෝෂනයටයි, කුඩු ජාවරමටයි විතරයි හොඳ. ලබ්බෙනුයි, පුහුලෙනුයි ලිබියාවටයි ලංකාවටයි වැඩක් නැත.
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මෙම ඝාතනය හා සම්බන්ද දේශපාලන ව්‍යාකූලත්වයන් කෙසේ වෙතත් මිනිසෙක් අමු අමුවේ මහ පාරේ ඝාතනය කර බල්ලේ
    ක් වගේ පාර දිගේ ඈදගෙන යාම කිසිසේත් අනුමත කල නොහෑක. ගඩාෆි මොන වෑරදදක් කලත් ඔහු දශක ගනනක් රටේ නායකයා වශයෙන් තමන්ගේ රටේ සුභසිද්දියට කිසිවත්ම නොකලා යෑයි කාටවත් කිව නෝහෑක. අපේ සිරිත නම් මොන මනුස්සයෙක් උවත් ඔහුගේ මල මිනියට දෑත් එක්කර ආචාර කිරීමයි, පාරේ බස් එකක ගියත් කනත්තට යන පෙරහෑරක් දුටු විට අප අසුනින් නෑගිට ආචාර කරන්නේ පුක කසනවාට නොව මනුශ්යත්වයේ නාමයෙක් තවත් මිනිසෙකුට ගරු කිරීමක් වශයෙනි. නමුත් ඔබ ගඩෆිගේ අවසන් වීඩියෝ කිහිපය දුටුවානම් උන් කොතරම් තිරිසන් ජාතියක්ද කියා පහදා දිය යුතු නෑත. ලෝක සන්විදාන මේ අවස්ථාවේ උනන්දු විය යුත්තේ ඝාතනය වු එකාගේ හොද නරක සොයනවාට වඩා, නීතියක් සාදරනත්වයක් නොමෑති මෙවන් තිරිසන් ජාතියක් සමග අප ලෝකය ගෙනයන්නේ කොතෑනටද කියා තීරනය කිරීමටය.

    බුදුන් වහන්සේ - සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සෑමට මය්තිරි කරමු
    ජෙසුස් වහන්සේ - සියලු දෙනාට ප්‍රේම කරන්න
    ඉස්ලාමය - අල්ලා හුකබාර් කියා ඕන තිරිසන් වෑඩක් කරන්න, පවු නෑත

    මදක් සිතන්න... මෙලොව තිබුනේ එකම ආගමක් නම්... ඒ ඉස්ලාමයනම්, අද ලොව කොතනද....
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    ela maxa

    මම එළකිරි එකෙ දැකපු හොදම විමර්ශණාත්මක විචාරය කියල කියන්න පුළුවනි.
    අද අපි බොහෝ දකින ලිපිවල තියෙන්නෙ හුදු අන්මත නොඉවසන සුළු ද්වේෂය වපුරන තමන්ගෙ කණ්ඩායමේ කොලුවන්ටම කියල චියර් දම්මවගන්න අන්තර්ගතයන්.
    තාර්කිකව තම අදහස් දක්වන ලිපියක් අද හොයාගන්නත් අමාරුයි.
    ඒ අනුව බලන විට මෙහි තිබෙන් තවත් වටිනාකමක් වන්නේ දේශපාලනමක විවරනයක් සකස් කරග්න්නෙ කෙසේද යන්නත් ආදර්ශනය්ක් ලෙසද ඉදිරිපත් කළ හැක්කක් වීමය.
    ඔබගේ මෙම ලිපිය ඉතා ඉහල වෘත්තීය විමර්ශනාත්මක ලිපියක් බව මගෙ අදහසයි.
    මෙවැනි විචාරයකින් එලකිරිය පෝෂණය කිරීම පිළිබදව ස්තූතියි.

    :yes::yes::yes:
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    Quote:
    Originally Posted by dath kimbula
    හොදම පාලකයා කියල මම කියන්නේ නෑ මචං...මොකද සංසන්දනය කරන්න වෙන පාලකයෝ හිටියේ නෑ නේ ලිබියාවේ......
    නමුත් අපි තේරුම් ගන්න ඕන එකක් කියනවා......
    මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලටත් තියන්නේ........!!!!!

    ලබ්බ තියා ගත්ත කියලා ලිබියාවට වැඩකුත් නෑ.පුහුල තියා ගත්ත කියලා ලංකාවට වැඩක් වෙන එකකුත් නෑ.ලබ්බයි පුහුලයි ඒ අයගේ පවුල් පෝෂනයටයි, කුඩු ජාවරමටයි විතරයි හොඳ. ලබ්බෙනුයි, පුහුලෙනුයි ලිබියාවටයි ලංකාවටයි වැඩක් නැත.
    Thanks GT about chase out this man .
    dear commenter,
    if you are come again to elakiri with another account please don't select other ones important threads to spread around the hate.please.
    thankyou f
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මචන් බටහිරයන් අලුත් විදියකට යටත්විජිත වාදය නැවත කරලියට ගෙන එක ඇත්ත.ඒත් ඒ ගොල්ලන්ට නිකන් රටවල ප්‍රශ්න ඇති කරන්න අමාරුයි.ඒකට රටේ පාලකයෝ වැරදි නොකර ඉන්න දැන ගන්න ඕන.රටට ඇත්තටම ආදරේ නම් රටේ නීතිය ආර්ක්ශා කරල රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න ඕන.එහෙම උනා කියල මම කියන්නේ නෑ බටහිරයන්ට අනිත් රටවලට අත දාන්න අයිතියක් තියෙනවා කියල.ඒත් උන්නේ බලවත් යුද ශක්තිය,ආර්තික අතින් .ඉතින් ඒ හින්දා අපි ප්‍රායෝගීක වෙන්න ඕන.ඉස්සෙල්ල තමන්ගේ රටවල් වල ප්‍රශ්න විසඳා ගෙන ඒ ගොල්ලනට අත දාන්න බැරි වෙන විදියට කටයුතු කරන්න ඕන.

    හොඳම උදාහරණයක් මම කියන්නම්.අපේ රටේ යුද්දේ තියෙන කාලේ මොන තරම් බලපෑම් ආවත් ඒවා ලත් තැනම ලොප් උනා මිනිස්සුන්ගේ සපොර්ට් එක නැති නිසා.ඒක නිසා ආණ්ඩු තමන්ගේ රටේ මිනිස්සුන්ට දැනෙන විදියේ යහ පාලනයක් අරන් ගියොත් අනිත් අයට අත දාන්න බෑ කියන එක තමයි මම නම් කියන්නෙ.ඔය උද්ගෝශන රැල්ලට මුහුණ දුන්න හැම රටකම රට ඇතුලේ ප්‍රශ්න තිබ්බා.
     
    absolutely right.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් බටහිරයන් අලුත් විදියකට යටත්විජිත වාදය නැවත කරලියට ගෙන එක ඇත්ත..........
    උඹ තියන කතාව ඇත්ත...නමුත් මේ යටත්විජිත කරණයට අහුවෙන්නේ භූ භෞතික සම්පතින් ආඩ්‍ය රටවල්.....අන්න ඒකයි කොස්ස........
    ඒ වගේ ම මිනිස්සුන් ගේ සහයෝගය තිබ්බ රටවල පවා මොවුන් තමන් ගේ ගැත්තන් මුල් පුටුවලට ගෙන එන්න කටයුතු කරා.....
    පැට්ට්‍රික් ලුමුම්බා ඝාතනය වුණේ කොහොමද? පෝල් ජූලියස් නියරේරේ ඝාතනය වුණේ කොහොමද? ඒව ඔක්කම යැංකි වුවමනාවන්ට කරපු දේවල් නෙවෙයිද?
    පහල කොටස මම වෙන තැනක දාපු එකක්.....මෙතනත් දාන්නම්.....

    ගඩාෆි මොන වගේ මිනිහෙක් වුණත් ඔහු ඉවත් කිරීමට නෙවෙයි මේ ක්‍රියාවලිය වුණේ. හේතුව එහෙනම් අවුරුදු 42ක් මක් කලාද??? මිනිහට ලොකර්බි ගුවන් යානා පුපුරවා හැරීම ගැන චෝදනා ආවේ හුග කළකට කළින්. ඇයි ඒ කාලෙදී මේක නොවුනේ.....??
    හේතුව "feeding point" එකක් අමෙරිකාවට ඕන වුණා, ලිබියාවට කෙළින්න. ඒක හැදුනේ මේ වසරේ මුල..ඊජිප්තුවේ හොස්නි මුබාරක් ල වගේ මිනිස්සු ජනාධිපති පුටුවෙ ඉන්නකං අමෙරිකාවට මේක කරන්න බෑ......ඊජිප්තුව හෙල්ලුණා විතරයි ලිබියාවට කෙළියා........
    අමෙරිකාවට කොහොමත් ඕන වෙලා තිබුණේ මේ හාදයව පන්නන්න. හේතුව ඔහු "නරක පූර්වාදර්ශයක්" අමෙරිකානු හා බටහිර විරෝධින්ට. ඒ එක්කම හේතුව තෙල්........ආයෙ මොනවද වෙන ඉෂූ......
    ප්‍රජාතන්ත්‍රවිරෝධි ඒකාධිපතියන්ව පැන්නීම නම් අමෙරිකාවෙ මුඛ්‍ය පරමාර්ථය, ඉස්සර වෙලාම ගහන්න ඕන මියන්මාරයට. ඊළගට චීනයට. මියන්මාරයට ගහල වැඩක් නෑ හම්බ වෙන උලව්වක් නෑ හිලව්වට. චීනයට ගැහුවොත් අමෙරිකාව පු* ටිංකිරි ගාගන්නවා.......
    දැං අර අතින් හෙළුව වහගන්නව වගේ වෙන වෙන නපුංසක ආතල් කතා කියයි......නමුත් ඇත්ත ඔබාම ගේ කටින් ම පැන්නනේ.....
    "මැද පෙරදිග ඒකාධිපතියන් හට මෙය හොද පාඩමක්"-කොහොමද තර්ජනයේ සයිස් එක......
    නමුත් ඒකාධිපතියන් ඉන්න සෞදි ආරාබියට මේ තර්ජන නෑ. ක්වෙයිට් වලට මේව නෑ. මොකද රජවරු අමෙරිකන් ගැත්තෝ.
    මම විරුද්ධ ගඩාෆි මරපු එකට නෙවෙයි. වෙන රටක තෙල් වලට තියන පෙරේත කමට රටක පාලකයෙක් ඒ රටේ ම පිස්සු බල්ලො උසි ගන්නලා මරපු එකට. ඒක විප්ලවයක් වත් කැරැල්ලක් වත් නෙවෙයි.....
    තනි කරම දඩයමක්.....!!!!