ගඩා‍ෆි ලංකාවට එයි

westminster

Member
Dec 4, 2010
145
41
0
ගඩා‍ෆි ලංකාවට එයි

ලිබියාවේ ඒකාධිපතිට ලංකාවේ ඒකාධිපතිගේ රැකවරණ

Posted by epuwath on February 22nd, 2011
මේ දිනවල ලිබියාවේ ඒකාධිපති පාලනය නතර කිරීම සදහා වන උද්ඝෝෂණ දියත් වෙමින් පවතින අතර ඒ සදහා දහස් සංඛ්‍යාත ජනතාවක් මහ මගට බැස උද්ඝෝෂණයේ නිරත වේ. මේ වන විට ලිබියානු නායක ගඩාපිගේ ආණ්ඩුව විසින් උද්ඝෝෂණ කරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීම් 90කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතර මෙම ඝාතනයන්ගේ ම්ලේච්ඡුත්වය ප‍්‍රදර්ශනය කරනු ලැබූවේ උද්ඝෝෂකයන්ට හෙලිකොප්ටර් යොදා වෙඩි තැබීමෙනි.
මේ අතර ලිබියානු ජනාධිපති ගඩාෆි රටින් පැනගියේයැයි ප‍්‍රචාරය වන ආරංචි මාර්ග වැරදි බව පවසමින් ඔහු රජයේ රූපවාහිනිය මගින් ජනතාව ඇමතූ අතර කෙසේ නමුත් පවතින ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් හිතවත් රටවල් සමග සාකච්ඡුා පවත්වමින් පසුවන බවද වාර්තාවේ. මේ අතර ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට එක්වෙමින් ගඩාපිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් පවසා සිටියේ රටේ පවතින තත්ත්වය සිවිල් යුද්ධයකට දක්වා මගපාදවන බවයි.
මේ වන විට ලෝකයේ රාජ්‍යයන් ගණනාවක ලිබියානු තානාපතිවරුන් එම තනතුරුවලින් ඉවත් වීමට කටයුතු කරමින් සිටින අතර ඊයේ (21) දින එක්සත් රාජධානියේ ලිබියානු තානාපතිවරයා තම ධුරයෙන් ඉවත්ව ගියේය. එසේම මේ වන විට ලිබියාවේ සේවය සදහා ගොස් සිටින වෙනත් රටවල විදේශ ශ‍්‍රමිකයන් රට හැරයාමට පටන් ගෙන ඇති බවත් එසේ රට හැරයන්නන්ගෙන් ගුවන් තොටුපල පිරී ඇති බවටත් වාර්තාවේ. .
අරාබිකරයේ රටවල් ගණනාවක පැවැති ඒකාධිපති වියරුව විසින් ජනතාව පීඩාවට පත්කරමින් තම බලය පමණක් රැුකගැනීමට උත්සුක වූ ඒකාධිපතීන් ක‍්‍රම ක‍්‍රමයෙන් බලයෙන් පහකරමින් පවතින අතර එහි මීලග පියවර වන්නේ ලිබියාවේ ගඩාපිගේ 40 වසරක පාලන කාලය බිඳවට්ටවා ගඩාපිගේ ඒකාධිපති වියරුව පැරදවීමයි. පැරදවී යන ගඩාපිට රැුකවරණය සැලසීමට රටවල් මෙතෙක් ඉදිරිපත් නොවූවත් ඒකාධිපතීන්ට සැලකීමට මුලින්ම ඉදිරිපත් වනුයේ ඒකාධිපතියෙක්ම බව පෙන්වා දෙමින් ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත්වී ඇති බව විදෙස් අමාත්‍යංශය මගින් ගඩාපිට දැනුම්දී ඇත. අවශ්‍ය ඕනෑම මොහොතක රැුකවරණ සැලසීමට තමන් සූදානම් බව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගඩාපි පාලනයට දැනුම්දීමත් යම් කිසි හේතුවක් මත ලංකාවට ගඩාපිට රැුකවරණ ලබාදුනහොත් ලංකාවේ ඇතිවන මෙවැනි තත්වයක දී එයට මුහුණ දීමට මහින්ද රාජපක්‍ෂට මෙන්ම ගඩාපිටද සූදානමින් සිටිය යුතු බව පමණක් අප සටහන් කර තබමු.

 

westminster

Member
Dec 4, 2010
145
41
0
2068Namal_Gadafi_J.jpg