A ගේ පඩියෙන් 3/10 ක් කෑමටද 1/5ක් ගෙවල් කුලී සඳහාද 3/16ක් ඇඳුම් පැළඳුම් වලටද 1/20 පුන්‍ය කටයුතු සඳහාද වියදම් වේ. ඉතිරි මුදල ඔහු බැංකුවේ දමයි. A මාසයකට රුපියල් 26.00 බැංකුවේ දමයි නම් ඔහුගේ මාසික ආදායම සොයනු.
.
.
.
.
.
.
.
.
.
.
.
A මහා පුදුම මිනිහෙක් විය යුතු යයි මට සිතේ. ඔහු අකුරටම ගණන් බලා පඩියෙන් 3/16 ක් වියදම් කර මාසයක් ගානේ ඇඳුම් ගනී. මාසයක් ගානේම පඩියෙන් 1/20 ක් පිනට දෙයි. තාත්තා සරමක් ගන්නේ හත් අට මාසයකට වරකි. හිඟන්නෙක් ආවොත් සතයක දෙකක හාල් ටිකක් දෙනවා මිස මේ විදියට ගණන් බලා මාස් පතා ගෙදර දන් දීමක් නැත. A මහා පෝසතෙකු යැයි ඊළඟට මට සිතේ. ඒත් එච්චර පෝසතෙකු නම් පඩියෙන් 1/5 ක් ගෙවල් කුලී ගෙවා ගෙන අනුන්ගේ ගෙයක ඉන්නේ කුමකටද? ඇත්ත වශයෙන්ම මේ මිනිහාගේ මාසික ආදායම කීයක් විතර වේ දැයි සොයා බැලීම වටී.
"සිරිසේන මොකද කල්පනාව. තෙරුනාද ගණන හදන හැටි. කොහෙද ඔලුව තියෙන්නෙ. මෙහෙද වෙන ලෝකෙක ද"?
Last edited:




එකනෙ 99 කට කොහොමද මෙච්චර කරන්නෙ 
