ගත්තා G4 එකක්. පොඩි Review එකක් දන්න විදිහට.

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ගත්තා G4 එකක්. පොඩි Review එකක් දන්න විදිහට.

    ඔන්න මචන්ලා සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ගත්ත LG G4 එකක්. කියන්න වටිනවා ෆෝන් එක නම් සුපිරි. :yes:

    ගත්තේ LG G4 Leather Black එකක්. 32GB H815 International Version එක.

    DSC_0654.jpg

    DSC_0653.jpg


    Design එක නම් සුපිරි. ලෙදර් කෙස් එක හින්ද ෆෝන් එකට පට්ට Premium ගතියක් එනව. හීනියි ෆෝන් එක. ෆෝන් එක දෙපැත්තේ කොහෙවත් Buttons නැහැ. LG ලගේ ක්‍රමේට ඒවා තියෙන්නේ පිටිපස්සේ. අතට මාර පහසුයි ඒ ක්‍රමේ. අනික් ක්‍රම අපහසුයි කියනවා නෙමේ හොඳේ. ;)
    පිටිපස්සෙන් පොඩි වක්‍ර ගතියක් තියෙනවා.

    Display එකට එන්නේ 5.5" Quad HD Display එකක්. Quantum IPS Display එකක් තමා තියෙන්නේ.
    2560 x 1440 Resolution සහිත Pixel Density එක 530ppi වෙනවා.
    Display එකේ Experience එක නම් නම් පාවිච්චි කරලම තමා එකිනෙකට අදහස් දක්වන්න පුළුවන්. මට නම් පට්ට. :yes:

    G4 එකේ එන්නේ Qualcomm Snapdragon 808 Processor එකක්. Cores 6කින් සමන්විතයි. 64bit Architecture එකකින් සමන්විත Processor එකක් තමයි 808 එක.
    Graphics Process කරන්නේ Adreno 418 GPU එකකින්.
    3GB Ram එකක් තියෙනවා.

    කියන්න දෙයක් තියෙනවා මචං ෆෝන් එක නම් පොඩ්ඩක්වත් හිර වෙන්නේ නම් නෑ. එක කියන්නම ඕනි දෙයක්.


    LG G3 එකේ ආවේ UX UI එක Laggy ගතියක් තිබ්බට LG G4 එකට අලුතෙන් අවේ UX UI 4.0 Version එක. ඒක පට්ට Smooth.

    Apps ගොඩක් use කරන්න පුළුවන් එක පාර. කිසිම අව්ලක් නෑ.
    මම Run කරපු Benchmark Apps කීපයක Scores ඔන්න පහල තියෙනවා.

    Antutu - 50127
    Geekbench 3 : Single Score - 1120 Multi - 3543


    3000mAh බැටරි එකක් තියෙනවා 4n එකට. බැටරි එක නම් දවසක් වගේ තමයි අදින්න පුළුවන්. මගේ වැඩිම Usage එක තියෙන්නේ :
    48 Hours - Standby Time
    4 Hours - Screen On Time


    Screen එක QuadHD හා Pixel ගැන වැඩි හින්ද ඔය වගේ Usage එකක් තමා පුළුවන්. දවසක් අව්ලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. Facebook, WiFi, Data, Camera නොර්මල් use කරලා.

    LG G4 එකේ වැදගත්ම දේ තමයි Camera එක. ලෝකේ පලවෙනි වතාවට Smartphone එකක f/1.8 Aperture එකක් අපු Smartphone එක. :D
    මේ Aperture එක f/1.8 කියන්නේ කැමරා එකේ සිදුර ඇරෙන ප්‍රමාණය. ඒ අගය අඩු වෙන්න අඩු වෙන්න තමයි ඇරෙන ප්‍රමාණය විශාල. හුඟක් Smartphone වල එන්නේ f/2.0 , f/2.2 වගේ තමයි. ඉතින් මේ අගය අඩු අගයක් කියන්නේ කැමරාවට ඇතුල්වෙන ආලෝකය වැඩියි. ඒ නිසා Low Light Photography වලට පට්ට. කළුවරේ උනත් අනික් කැමරා ෆෝන් වලට වැඩ පට්ටෙට Perform කරනවා. ඒ අගය අඩු වෙන්න අඩු වෙන්න ලැබෙන තවත් වාසියක් තමයි Macro වැඩි shot වලදී Background එක බොඳ වෙන ප්‍රමාණය වැඩියි. Professional DSLR එකකින් ගැහුවා වගේ නිකම්.
    Laser Autofocus එකක් තියෙන හින්ද Focus කරන්න screen එක ටච් කර කර ඉන්න ඕනි නෑ. පට ගාල Focus කරගන්නවා.
    Colour Spectrum Sensor කියල අලුතෙන් හඳුන්වා දීපු Sensor එකක් තියෙනවා කැමරා එකේ Flasher එකට යටින්. Brown පාටට. එකෙන් කරන්නේ අදාළ පින්තූරය ගන්නකොට පරිසරයේ තිබෙන details අනුව White Balance කරන එක. තව කිව්වොත් මේකෙන් RAW වර්ගයේ පින්තූර ගන්න පුළුවන්. එවැනි RAW වර්ගයේ ඒවා වල Size එක වැඩියි. 20MB වගේ. ඒ file වල පින්තූරය ගන්නකොට තියෙන Details ඔක්කොම වගේ ඇදල ගන්නවා. ඒවා ගොඩක්ම වැදගත් වෙන්නේ Photography කරන අයට තමා. Adobe Lightroom , Adobe Photoshop වගේ Software වලින් මේ පින්තූර Edit කරන්න පුළුවන්. Mobile එකෙන්ම Edit කරනවනම් RAW වලට Snapseed , Adobe Photoshop Express විශේෂයි.
    තව Optical Image Stabilization, 4K Recording, 120FPS Slow-Motion වගේ features තියෙනවා.
    Colby Brown කියන්නේ LG G4 එකකින් Professional Photography කරන කෙනෙක්. මේකේ ලොකුම වාසිය තමා Manual කැමරා එක පාවිච්චි කරන්න පුළුවන්. එකට ටිකක් ඉගෙන ගන්න වෙන්වා. DSLR use කරන කෙනෙක්ට නම් පට්ට ලේසියි. එහෙම නැත්නම් Auto Mode, Simple Mode කියල තියෙනවා පහසු ක්‍රම.


    මේකෙන් ගත්තු මගේ ඇසට වැදුණු පින්තූර කීපයක් මම දාන්නම්කො.

    PSX_20151209_190342.jpg


    PSX_20151113_124117.jpg


    PSX_20151220_114417.jpg


    PSX_20151220_184149.jpg


    PSX_20151220_191146.jpg


    කාලය වෙන් කරලා බැලුවට බොහොම ස්තුතියි ! ;)









     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    elazzz
    price ? gaththa place ekath danna danaganna :D

    Gatte adurana kenekgen machn. Bangkok wala idan 4n genwana kenekgen. Aragen 2 Months witra wenwa. 70ta tamai gatte.. Thread ekak danna hitha hitha hitiyata ada tamayi welawa labune .. :yes::yes:
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    කඩ්ඩ බැරි එකා;19624312 said:
    mage yaluwekuth gaththa danata masekata withara udadi. patta phone eka except battry tikak withara awl.


    Ow machn.. Battery eka nm One Day wage tama puluwan. 3 Hours SOT sure.
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    patta wage..LG nam use karalama na.. bump.. :yes::yes::yes:

    Math muladi hithuwe na meka me kiyana tharam hoda athi kiyala. matath Use karapu kenek thamai kiwwe. ethakm mama use kale Apple iPhone 5s ekak. Phone ekanm supiri.. Use karanakota hodata danenawa eka.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොදයි මචො deen සහොත් කාලෙකට කලින් g සිරිස් ගැන ත්‍රෙඩ් එකක් දැම්මා එයත් අරන් දැන් නම් මාකට් එකෙ යන්නෙ v10 එක නෙද :)
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    fatta bn.. ai machan v10 eka try kare naththe ?

    Gaththa gaththa kiyala dammata aragena danata 2 Months walata wadi macho. Thread ekak danna oni kiya kiya hitha hitha hitiyata time ekk thibbe na. podi Rest ekk hambuna wele thama pata gaala kotala damme... :rolleyes:
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    සොහොන;19627773 said:
    හොදයි මචො deen සහොත් කාලෙකට කලින් g සිරිස් ගැන ත්‍රෙඩ් එකක් දැම්මා එයත් අරන් දැන් නම් මාකට් එකෙ යන්නෙ v10 එක නෙද :)

    Ah ow machan. V10 ekath supiri. Size eka poddak lokui eke. Barai. Eke Video walath Manual Settings thiyenwa. Finger Print Sensor tynwa. Tawa hoda Protection ekak thiyenwa. Owa thama special fetures G4 ekath ekka balankota. Dekema Cam eka ekamai machn.