ගන්ටාරේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිරීපාදේ ඝන්ඨාරේ...

    ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවේ නව ඝන්ඨාරයක් සවි කිරීමේදී එහි තිබූ ඉපැරණි අමිල ඝන්ඨාරය ගෝඨාභය රාජපක්ෂ මහතා ගලවාගෙන ගිය ගිය බවත්, එය පසුව ඇමරිකාවට විකුණා දැමු බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවේ දී ප්‍රකාශ විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු කළ මේ චෝදනාවට සමාජ මාධ්‍ය මගින් සහ පසුව විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලැබිණි.

    මේ සම්බන්ධයෙන් මා මුහුණ දුන් අත්දැකීමක් නිසා සිරීපාදේ ඝන්ඨාරේට සිදු වූ දේ හරියටම දැන ගත හැකි විය.

    පෙර යොදා ගත් කටයුත්තක් සඳහා සුප්‍රකට සිංහල ව්‍යාපාරිකයකු වන තුසිත විජේසේන මහතා (කැන්ඩි සිටි සෙන්ටර් සහ තවත් ව්‍යාපාර ගණනාවක හිමිකරු) හමුවීමට මම ඔහුගේ කාර්යාලයට ගියෙමි.

    අප හමු වූ කටයුත්ත පිලිබඳ කතාබස් කරන අතරේ විජේසේන මහතා ප්‍රකාශ කළේ

    "බලන්න ඩොක්ටර් මුන්ට හෙණ ගහනවනේ, බලන්න දැන් අර සිරීපාදේ ඝන්ඨාරේ ගැන කියන කතාව" යනුවෙනි.

    //ඒ ඇයි ? //

    “ඔය අලුත් ඝන්ඨාරේ මමනේ පූජා කළේ. මම පේ වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් කරපු පින්කමක්. මට ඕකට මිලියන 100කට වඩා ගියා”.

    //ඇයි එච්චර වියදමක් ගියේ?//

    “ඝන්ඨාරේ හැදුවේ මොරටුවේ. ඒක ශ්‍රී පාදස්ථානේ උඩ මළුවට අරන් ගියේ ගුවන් හමුදාවෙන්. හෙලිකොප්ටර් යොදා ගෙන කරපු ඒ වැඩේ විශ්වකර්ම වැඩක්. ඒ හෙලිකොප්ටර්වලට ගිය වියදමත් මම ගෙව්වේ. ඒ ඇරුනම උඩ මලුව සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළා”.

    //එතකොට මේක ආණ්ඩුව මුල් වෙලා කරපු වැඩක් නොවේද?//

    මොන පිස්සුද ඩොක්ටර්. මේක සම්පුර්ණයෙන් මම කරපු පිංකමක්.

    //එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ සම්බන්ධෙ මොකක්ද?//

    "මේ වැඩේට ගුවන් හමුදා සහාය ලබා ගන්න එතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස අනුමැතිය දුන්නා. උඩමළුව ප්‍රතිසංස්කරණය කරලා විවෘත කරන උත්සවේ ප්‍රධාන අමුත්තා විධියට සහභාගී වුනේ එතුමා. එදාට මහින්ද සර් එන්න හිටියට එන්න බැරි උනා".

    //එතකොට අර පැරණි ඝන්ඨාරේට උනේ මොකක්ද?//

    “හඃ හඃ, උඩ මළුවේ තිබුනු කිසිම වටිනා දෙයක්, පෞරාණික දෙයක් අපි අයින් කළේ නැහැ. පැරණි ඝන්ඨාරේත් ප්‍රමාණයෙන් පොඩි එකක්. ඒක උඩ මලුවේම නැවත සවි කළා. ඕන කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන් ඒ ඝන්ඨාරේ තාම තියෙනවා”.

    //එක රත්තරන් ද ?//

    “රත්තරන්වලින් ඝන්ඨාර හදනවද? සද්දේ එනවද? “

    //එහෙනම් කියන්නේ ඒක රත්තරන් ඝන්ඨාරයක්, ගලෝගෙන ගිහින් ඇමරිකාවට විකුණුවා කියලා//.

    “ඒකනේ මම කිව්වේ මුන්ට හෙණ ගහන්න ඕන කියලා”.

    සමනල කන්දට අධිගෘහිතව වැඩ වසන සමන් දෙවියෝ සෝවාන් ඵල ලැබූ උතුමෙකි. උන්වහන්සේ හෙණ ලබා නොදුන්නද මේ කතා පවසන පිරිසට සුදුසු දඬුවමක් ලබා දෙනු නිසැකය.

    චන්න ජයසුමන
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya case eka paththu une bomba case ken passe .sinuwa na sinuwa na kiyala ekek sri pade kittuwa ka gahala. e ka gahuwe JVP sinuwa dan naha kiyla. unge saddayak tibune nane bomba gahapu dawas wala. anuraya punchi ammage redda asse hangila hitiyane ibrahimwa ussan yaddi:D:D:yes::yes::D:D:D ekai ara kolla sinuwa na kiyala ka gahuwwe. oka ahan hitapu acchci kenek wade gini tibba sri pade sinuwa na kiyala. okai une:D:D:yes::yes::D:D
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    oya case eka paththu une bomba case ken passe .sinuwa na sinuwa na kiyala ekek sri pade kittuwa ka gahala. e ka gahuwe JVP sinuwa dan naha kiyla. unge saddayak tibune nane bomba gahapu dawas wala. anuraya punchi ammage redda asse hangila hitiyane ibrahimwa ussan yaddi:D:D:yes::yes::D:D:D ekai ara kolla sinuwa na kiyala ka gahuwwe. oka ahan hitapu acchci kenek wade gini tibba sri pade sinuwa na kiyala. okai une:D:D:yes::yes::D:D

    Adeee ela uba
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේ වගේ හරක් කතා වලින් මිනිස්සු බහුතරයක් අන්දන්න බැරි බව මුන් තේරුම් ගන්න ඕන ගිය සැරේ වගේ රත්තරං අශ්වයෝ මිනී මෝරු ලැම්බොගිනි ඩුබායි ගෙවල් වගේ කතා කියලා මිනිස්සු රවට්ටන්න බෑ වෙන්නේ තියන ඡන්ද ටිකත් නැතිවෙන එක.