ගන්නවා නම් මේක තමයි පෑන

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගන්නවා නම් මේක තමයි පෑන

    Livescribe%2BEcho%2BSmartpen3.jpg
    Livescribe%2BEcho%2BSmartpen2.jpg
    Livescribe%2BEcho%2BSmartpen.jpg

    තමන් සහභාගීවන දේශනවල සටහන් තබාගැනීම සිසුන් විසින් කළ යුතු දෙයක්. මේවා ලියා ගැනීම ඇතැම් විට කරදරයක් සේ දැනෙන නිසා බොහෝ දෙනෙක් දැන් ඒවා පටිගත කොට පසුව සටහන් බවට පත් කරගන්නවා. මේ ගැන කල්පනා කළ එක් ලයිව්ස්ක්‍රයිබ් කියන ලෝක ප්‍රසිද්ධ සමාගම අමුතු ආකාරයේ පෑනක් ( ) නිෂ්පාදනය කළා. මේක බැලූ බැල්මට සාමාන්‍ය පෑනක් නමුත් හැකියාවන් නම් අසාමාන්‍යයි. මේ පෑනේ ගිගාබයිට් 2 සිට ඉහළට මතක ධාරිතාවයක් තියෙනවා. ගිගාබයිට් 2 ක ධාරිතාව තුළ පැය 200 ක කාලයක් ශබ්දය පටිගත කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික් උපාගංයක් වුණත් මෙයින් සාමාන්‍ය පෑනක් වගේ ලියන්නත් පුළුවන්. තීන්ත සහිත කාට්‍රිජයක් මාරු කරමින් භාවිත කරන්න පුළුවන් ආකාරයෙන් සකස් කොට තිබෙනවා. මෙහි ඇති සුවිශේෂීතම හැකියාව තමයි ඔබ මේ විදිහට ලියන සියල්ල සටහන් ආකාරයෙන් පෑනේ මතකයේ තැන්පත් වීම. ඒ වගේම සටහන් ලියන අතරේ අඳින රූපසටහන් පවා ඒ ආකාරයෙන්ම මෙහි මතකයේ තැන්පත් වෙනවා. දේශනය අවසන් වීමෙන් පසු ඔබ කළ යුතු වන්නේ මේ පෑන් පරිගණකයට සම්බන්ධ කොට අදාල සටහන් ටික එයින් ලබාගැනීමයි. මෙම සටහන් ලිවීම සඳහා විශේෂයෙන් සකස් කළ සටහන් පොත් තිබෙන අතර ඒවා පහසුවෙන් සාමාන්‍ය මිලක් යටතේ ලබාගන්ට පුළුවන්. මෙය ආරෝපණය කිරීම සඳහා මයික්‍රෝ යූඑස්බී පෝර්ට් එකක් තිබෙනවා. හෙඩ්ෆෝන් එකක් සවිකිරීම සඳහා වෙනම පෝර්ට් එකක් තිබෙනවා. කුඩා ස්පීකරයක් තිබෙනවා. මිල ඇමරිකානු ඩොලර් 199.95 ක් (රු. 28,655 ක්) වෙනවා.
     
    • Like
    Reactions: hackerzero