ගන්න අපේ දේ…

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    eat-right-03.jpg


    දේශීය ආහාර සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණෙන් විකල්ප දේශපාලනයක අවශ්‍යතාවය ප‍්‍රබලව පවතින බවත් එසේ නොවුණොත් එය රටේත් මහජනතාවගේත් සෞඛ්‍යයට එතරම් හිතකර නොවන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. සම්ප‍්‍රදායික දේශපාලනය තුළ හැමවිටම කතාවෙන්නේ විදේශ රටවලින් ආනයනය කෙරෙන බඩු මිල පහත හෙළීම යන සටන් පාඨය ගැන පමණක් බවත් දේශීය නිෂ්පාදන ඉහළ නංවමින් දේශීය ආහාර සංස්කෘතියක් ඇතිකිරීම සදහා විකල්ප දේශපාලන වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ සහල් පිටි ආහාර ඇතුඵ දේශීය ආහාර ප‍්‍රචලිත කිරීමේ අරමුණෙන් දීපව්‍යාප්තව ස්ථාපනය කෙරෙන ඊට රයිට් (eat rite) ආපන ශාලාවල ප‍්‍රථම ආපන ශාලාව බත්තරමුල්ල පැලවත්තේදී විවෘත කළ අවස්ථාවට සහභාගී වෙමිනි.

    මෙම අවස්ථාවට එක් වූ මව්බිම ලංකා පදනමේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ ජනාවාස සංවර්ධනයේදී ආහාර සංස්කෘතිය වෙනස් කළ යුතු බව විමල් වීරවංශ අමාත්‍යවරයා පිළිගැනීම ඉතා වැදගත් බවයි. වසරකට විදේශ රටවල ආහාර ආනයනය කිරීම සදහා රුපියල් මිලියන හතළිස් දහසක් පමණ වැයකර ලෙඩ රෝග හදාගැනීමේ පුරුද්දෙන් වහාම ඉවත්විය යුතු බවද වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

    සහල්පිටි සමග දේශීය ආහාර ප‍්‍රචලිත කිරීමේ ආපන ශාලා ඊට රයිට් (eat rite) නමින් අද සිට දිවයින පුරා ස්ථාපනය කෙරේ. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක වන මෙම වැඩසටහන සදහා මව්බිම ලංකා පදනමේ සහයෝගය හිමිවෙයි. මෙම ඊට් රයිට් ආපන ශාලා වල ආහාර සැපයීමේ කටයුතු සිදුකරනු ලබන්නේ දේශීය ආහාර ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා අතින් සූර්ය සිංහ ස්වර්ණ හස්ත සම්මානයෙන් පිදුම් ලැබූ සුසිකෝ බේකර්ස් අධිපති විමල් රූපසිංහ මහතාය.

    දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති සාහිත්‍යශූරි ගුණදාස අමරසේකර, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික‍්‍රමනායක, නීතීඥ ඩග්ලස් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුඵ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ
    .

    eat-right-02.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරු කළත් මේක විශිෂ්ඨ වැඩක්.....!!! පිටරට වලට සල්ලි දිලා කාලා ලෙඩ හදා ගැනීමේ සංස්කෘතියෙන් අනිවාර්යයෙන් ම අත්මිදිය යුතුයි අපි රටක් විදියට ඉදිරියක් දකින්ට නම්......!! අනිත් එක මේ මුදල් අපේ රටේ ම ඉතිරිවෙන එක ලොකු දෙයක්.....!!!!!!:yes::yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැඩේ තියෙන්නෙ තිරිඟු පිටි, අටා පිටි, හාල් පිටි, කුරක්කන් පිටි, මේ ඔක්කොම ආනයනය කරන ඒවානෙ! රට ඇතුලෙ හඳන ප්‍රමාණය හොඳටම අඩුයි නෙ.
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    කවුරු කළත් මේක විශිෂ්ඨ වැඩක්.....!!! පිටරට වලට සල්ලි දිලා කාලා ලෙඩ හදා ගැනීමේ සංස්කෘතියෙන් අනිවාර්යයෙන් ම අත්මිදිය යුතුයි අපි රටක් විදියට ඉදිරියක් දකින්ට නම්......!! අනිත් එක මේ මුදල් අපේ රටේ ම ඉතිරිවෙන එක ලොකු දෙයක්.....!!!!!!:yes::yes::yes:

    ඒක නම් සහතික ඇත්ත....:yes::yes::yes: