ගබ්සාවට_එරෙහිවෙමු!

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගබ්සාවට_එරෙහිවෙමු!

    ගබ්සාවට එරෙහිවෙමු !

    මේක මට ඊ-මේල් එකකින් ආවේ, වටිනා දෙයක් නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා . . .

    dli99v.jpg


    අනේ අම්මෙ මටත් දෙන්න . . .
    ලෝකයේ ලස්‌සන බලන්න . . .
    මාස දෙකයි තවමත් මට . . .
    අනේ එපා මා මරන්න . . .

    ඔය දෙන්නගෙ රහස්‌ කතා . . .
    මගෙ හදවත සිදුරු කලා . . .
    මාව මරන්නට කියලා . . .
    තාත්තා මගේ රන්ඩු කලා . . .

    ඔයා අඩන විට හිමිහිට . . .
    මටත් ඇඩේනවා නොදැනිම . . .
    ඔයා අම්මෙ මොන වගේද . . .
    ආසයි මට බලා ගන්න . . .

    කොහෙ ඉදලද මු ආවේ . . .
    තාත්තා කියනවා ඇසුනා . . .
    මොනවා කලත් එයා මගේ . . .
    තාත්තානේ... මට සිතුනා . . .

    දොස්‌තර මාමා කීවත් . . .
    ''අනේ ඕක මහා වැඩක්‌ද?'' . . .
    අනේ අම්මෙ තව සිතන්න . . .
    තාත්තාට කියලා දෙන්න . . .

    කල පින් මගේ මදි හින්දද . . .
    මට ඔය ලෝකය දකින්න . . .
    ආයෙත් මට පින් කරන්න . . .
    ඔය ලෝකෙන් ඉඩක්‌ දෙන්න . . .

    කල පින් මගේ ඇති වේවා . . .
    මම ලෝකේට බිහි වේවා . . .
    ඔය දෙන්නම බුදු වේවා . . .
    මගේ ලෝකය මගේ වේවා . . .