ගබ්සාව දැන් BUSINESS එකක් වෙලා

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ගබ්සාව දැන් BUSINESS එකක් වෙලා

දරුවා මෙලොව එළිය දකින්නත් කලින් ගබ්සාව ව්‍යාපාරයක් වෙලා


attachment.php




මව් කුස තුළ කලලයක් නිර්මාණය වීමට ඩිම්බ කෝෂ හා ශුක්‍රාණු එක්වීම සිදුවිය යුතුයි. එලෙස එක්වීමේදී ඇතිවන ගැටලූද ගබ්සා ( Abortion ) වීමට බලපෑ හැකියි. එහිදී එක්වන වර්ණදේහවල සංඛ්‍යාවේ හෝ රටාවේ අඩු වැඩි වීමක් නිසා දරුවකු බිහි නොවීමට හෝ ගබ්සා වීමට හේතු විය හැකියි. නමුත් දැන් ගබ්සාව ව්‍යාපාරයක් බවට පත් වී ඇත.


මුලින්ම චීනය දරු උපත් පාලනය පිලිබඳව වඩාත් අවධානයක් දක්වමින් පවුල් සංවිධානය වඩාත් අවධාරණය කරන ලදී. එහෙත් දැන් ඔවුන්ගේ කතා බහ ගොඩ නැගී ඇත්තේ පවුලක් වෙනුවෙන් දරුවන් අවශ්‍යය යන සංකල්පයටයි. මේ නිසා දෙවැනි තුන්වැනි දරුවා වෙනුවෙන් චීන රජය විසින් නිදහස ලබා දීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා ලදී.



ජනගහනය රටට සම්පතක් වුනත් දැඩි සේ මේ වෙනුවෙන් සීමා බන්ධන පැනවීම එක් පැත්තකින් සිදුවෙන විට තවත් පැත්තකින් චීන රජය ලිංගික අධ්‍යාපනය පිලිබඳව ප්‍රසිද්ධියේ කතා බහ ගොඩ නැගුවේ නැත. මේ අතර පසුගිය දිනක මාධ්‍ය මගින් ඉස්මතු කරන පෙන්වන ලද " ෆුජියාන් " ප්‍රදේශයේ චීන දැරියක් ගැබ් ගැනීමේ පුවත බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. ඒ සිද්ධිය පාදක කර ගෙන බොහෝ දෙනා අනේ අපොයි කිව්වේ නැත. බොරදියේ මාළු බෑමට සූදානම් පිරිසක් නොදැනීම බිහිවිය.



attachment.php



1980 දශකයේ පටන් චීනයේ සිදු වුන ආර්ථීක පරිවර්තනය සමග චීනයේ ජනජීවිතය හා ආර්ථීකය දැඩි සේ වෙනස් විය. මේ නිසා සමාජ ආකල්ප නිසා ඇති වුන වෙනස්වීම සමග ලිංගිකත්වය පිළිබඳව සමාජ වෙනස්වීම් පවා සිදු විය. සමලිංගිකයන් හා සංක්‍රාන්ති ලිංගිකයන් පිළිබඳව නොවෙනස්ව සිතීම සිදු විය. ඒ අතරම අවිවාහක තරුණියන් ගැබ් ගැනීම සහ එච්. අයි. වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහල යෑම මෙහි අහිතකර ප්‍රතිඵල විය.


කලල ගබ්සාව ( Abortion ) යනු කුමක්ද...?
තමන්ට අනවශ්‍ය දරු උපත් වලක්වා ගන්නැයි කොතෙක් උපදෙස් දුන්නත් අහඔු ලෙසින් සිදු වෙන ගැබ් ගැනීමේදී එවන් දරු උපත් කලල අවස්ථාවේදී ගබ්සා කර ගැනීමට නීතියෙන් අවසර නැත. ස්වභාවික ලෙසින් ගැබ් ගත් කළලයක් තමන්ගේ අවශ්‍යතාවය මත විනාශ කිරීම ගබ්සාවයි. එහෙත් ජීවියෙකු ලෙසින් උපත ලබන්නට තිඛෙන අවස්ථාව උපන්ගෙයි වල දමන්නට අවස්ථාව සලසා දීම සදාචාරාත්මක නොවන බව ලෝකයේ පිලිගැනීමයි. මේ නිසාම දරු ගැබක අයිතිකරුට වුනත් එය විනාශ කිරීමට අයිතියක් නැත. මෙම ගැබ්ගැනීමට පිරිමින්ගේ දායකත්වය ඇතැත් ගබ්සාව ඉදිරියේ කතා බහ ගොඩ නැගෙන්නේ කාන්තාව මුල් කර ගෙන පමනි. සාධාරණ හේතුන් අනුව ගබ්සාවට ඉඩ ලබා දුන් විට අනවශ්‍ය දරුවන් කාණු පල්ලේ දමා යෑම වලකින බවට සාධාරණීයකරණය කරමින් ගබ්සාව නීතිගත කිරීමට 1995 වසෙරේ පනතක් ඉදිරිපත් කළද, එයට බොහෝ විරෝධතාවයන් පැන නැගුනේ එවන් අවසරයක් ලද තැනක කාන්තාව අනාචාරයේ හැසිරීමට යොමු වෙන බව කියමින්ය. තවමත් සමාජයේ පවතින ආකල්පය වන්නේ අවසර කල් රහස් තැන- ගැහැණු කවුරුද වරදෙ නොබැෙඳන යන්නයි.



attachment.php



1995 වසෙරේ ගබ්සාව ( Abortion ) නීතිගත කිරීම ගැන අදහස් ඉදිරිපත් වෙන විට බොහෝ දෙනා ඒ වෙනුවෙන් හ~ නගන්නට වූයේ මෙය කාන්තාවන්ට අනාචාරයේ හැසිනේනට ඉඩ දීම හෙවත් පනින රිලවුන්ට ඉනි මං තැබීමකට සමාන බව කියමින්ය. දැන් නැවතත් ගබ්සාව අවසර කල් තැනකදී සිදු කළ හැකි පරිදි සංශෝධන කිරීමට අධිකරණ අමාත්‍යාංශය විසින් අවධානය යොමු කර ඇත. ඒ අනුව වයස අවුරුදු 16 ට අඩු ගැහැණු ළමයෙකුගේ ගර්භණීත්වය සහ කළල දුබලතා පවතින අවස්ථාවක වෛද්‍ය හේතූන් මත ගබ්සා කර ගැනීමට අවසර දීම මෙම නීති සංශෝධනය මගින් බලාපොරොත්තු වේ.


මේ අනුව ගබ්සා කළ යුතු අවස්ථාවන් ලෙස දකින්නේ මේ අනුව ගබ්සා කළ යුතු අවස්ථාවන් ලෙස දකින්නේ මේ අනුව ගබ්සා කළ යුතු අවස්ථාවන් ලෙස දකින්නේ මේ අනුව ගබ්සා කළ යුතු අවස්ථාවන් ලෙස දකින්නේ

• දරුවාගේ හිස , අතපය නිසි පරිදි සංවර්ධනය නොවීම

• ඉන්ද්‍රියයන්ගේ විශාලත්වය- විකෘතිබව

• වර්ණදේහ හා ජානවල අසාමාන්‍යතාවය


බ්‍රසිලය , ශ්‍රී ලංකාව වැනි රටවල ගබ්සාව නීතියෙන් තහනම් වුනත් තායිලන්තය, වියට්නාමය වැනි බෞද්ධ රටවල් පවා මවගේ සහ දරු කලලයේ නිරෝගිතාවය සහ ආර්ථික පසුබිම පාදක කර ගෙන ගබ්සාවට අවසර දි ඇත. මේ අන්දමින් සාධාරණ හේතුන් තුළ පිහිටා ගෙන හෝ තමන්ගේ දරු කලලය ගබ්සාවට අවසර ලබා දිම වඩාත් සාධාරණ බව මධ්‍යස්ථ මතධාරින්ගේ අදහසයි. 2012 වසෙරේ බ්‍රසිලය ගබ්සාව තහනම් කිරීම වෙනුවෙන් නීති පනවනු ලැබුවත් පසුගිය දිනක සිකා වෛරස තත්වයේදී දරු කළල ආසාදිත වීම නිසා කලල ගබ්සාව වෙනුවෙන් නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ඔවුන්ට සිදු විය. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පවා උගුරට හොරා බේත් කන පිලිවෙතක පිහිටා ඇත.ඔවුන්ගේ පිළිතුර වි ඇත්තේ මෙය සිකා වෛරසය පිලිබඳ ප්‍රශ්නයක් මිස ගබ්සාව නිතිගත කිරිම පිලිබඳ ප්‍රශ්නයක් නොවන බවයි.කෙසේ වුනත් රෝගී දරුවන් දැන දැනම බිහි කරන අවාසනාවන්ත තත්වයෙන් බ්‍රසිලය මිදිය යුතුය යන සංකල්පයේ පිහිටා කාන්තාවන්ට වෛරස තත්වය සමනය වෙන තෙක් ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට උපදෙස් ලබා දුන් අතර මේ වෙන විට ආසාදිත තත්වයට පත් කළල වෙනුවෙන් ගබ්සා කිරීමට අවසරය පමණක් ලබා දෙන ලදී.



attachment.php


ලිංගය මුල් කර ගෙන කලල ගබ්සාව ( Abortion )  සාධාරණද..?

ඉන්දියාව, චීනය වැනි ආසියාතික රටවල් මෙන්ම මැද පෙරදිග රාජ්‍යන්හිදීත් ගැහැණු දරුවන් වෙනුවෙන් එතරම් පිලිගැනීමක් නැත. ගැහැණු දරුවා සමාජයට බරක් සේ සලකන ලදී. එම ප්‍රතිප්තිතයේ පිහිටි චීනය ලිංගය තෝරා බගලා ගැහැණු දරුවෙක් නම් කලල ගබ්සාවට අවසර දෙන ලදී. මේ අවසරය ආර්ථීකය වෙනුවෙන් බලපෑම් එල්ල කරන්නනට විය. චීනයේ ජන අනුපාතය ඛෙහෙවින් අසමතුලිත වූයේ ඒ නිසාය. ගැහැණු දරුවන් 100 කට පිරිමි දරුවන් 117 ක් උපත ලැබීය. විවාහය, ශ්‍රමදායකත්වය වැනි කරුණු නිසා කාන්තාවන්ගේද අවශ්‍යතාවය තේරුම්ගත් නිසා 2004 වසෙරේ පටන් චීන රාජ්‍යයේ ගබ්සාව නීතියෙන් තහනම් කරන ලදී.




තහනම සාධාරණ වුනාද..
චීනයට අවශ්‍ය වූයේ අනාගත දියනිවරුන් මේ තත්වයෙන් මුදවා ගැනීම නොවේ. මෙතෙක් අනාරක්ෂිිත ක්‍රම භාවිතය නිසා ගැබ් ගන්නා ගැහැණු දරුවන්ට කලල ගබ්සාව වෙනුවෙන් අවශ්‍ය වාණිජ මධ්‍යස්ථාන බිහිකිරීමයි.




ඔවුන් කලල ගබ්සා කරන මධ්‍යස්තාන වෙත දියණිවරුන් ආකර්ශනය කර ගැනීමට ගැලපෙන ලෙසින් වූ ප්‍රඡාරක මාධ්‍යන් දියත් කර ඇත. කලල ගබ්සාව හඳුන්වා දී ඇත්තේ වේදනා රහිත ඉතා සැප පහසු පදනමක් යටතේ සිදු කරන නිදහස් වීමක් ලෙසයි. මෙම පුවරු රෝස පැහැයෙන් යුක්ත අතර ඒවායේ මල්, සමන ̈න් වැනි සංකේතවලින් විසිතුරුව ඇත.


චීනයේ හෙබයික් ශික්ෂණ රෝහලේ නාරිවේද අංශයේ අධ්‍යක්ෂ " මෙන්ග් යාලි " සඳහන් කරන අන්දමට චීනයේ ගබ්සාව තහනම් නැත. එහෙත් ඒ වෙනුවෙන් අවසර ඇත්තේ දින 100 ට වඩා අඩු වයසැති කලල වෙනුවෙන් පමණි. දින 30 සිට 70 අතර කාලල ගබ්සා කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය දින 70 ට වැඩි කලලයක් ගබ්සා කිරීමේදී අනුගමනය කරන ක්‍රමයට වඩා වෙනස්ය. එහෙත් මෙම මධ්‍යස්ථානයන්හිදී අනුගමනය කරනු ලබන්නේ එකම ක්‍රමවේදයකි.


දරු කලල ගබ්සාවට ( Abortion ) වාරණ පැනවූ පමනින් කලල ගබ්සාව නැවතුනේ නැත.චීනයේ වසරකට ගබ්සාවන් මිලියන 13 ක් සිද්ධ කරන අතරඑය ලෝකයේ ඉහලින්ම ගබ්සා කරණ රටක වාර්තාවයි. මෙම නිල වාර්තාවන්ට අමතරව පෞද්ගලික රෝහල්වල සහ වෙනත් නිල නොවන මධ්‍යස්ථානයන්හි සිදු කරන ගබ්සාවන් පිළිබඳව වාර්තාවන් උක්ත මිලියන 13 ට ඇතුලත් නොවේ.2014 වසෙරේදී " ෂිංහුවා " පුවත්පත මගිින් කියා සිටියේ නිල නොවන ලෙසින් සිදු වෙන ගබ්සාවන්ගේ සංඛ්‍යාව මිලියන 10 ක් පමණ වේ.චීනයේ පවුල් සැලසුම් හා පවුල් සැලසුම් කමිටු වාර්තාවට අනුව පෙන්වා දෙන්නේ චීනයේ බාල දැරියන් අතරින් 4 % ක් අනපේක්ෂිත ලෙසින්ව ගැබ් ගන්නා අතර එයින් 90% ක්ම ගබ්සා සඳහා යොමුවෙනු ඇති බවයි.


චීනයේ පවුල් සැලසුම් සංගමයේ ලේකම් " චෙන්ග් හොන්පින් " සඳහන් කරන්නේ ගබ්සාව නැවැත්වීමට හොඳම විකල්පය නම් මෙම ගබ්සා මධ්‍යස්ථාන ප්‍රවර්ධනය නොව, දරුවන්ට අවශ්‍ය ලිංගික දැණුම ලබා දී අනවශ්‍ය ගැබ් ගැනීමේවලින් ඔවුන් මුදවා ගැනීම බවයි.




source http://thewoman.lk/abortion-sperm-ovary/
 

Attachments

  • Abortion thewoman.lk.jpg
    Abortion thewoman.lk.jpg
    30.2 KB · Views: 592
  • Abortion thewoman.lk 3.jpg
    Abortion thewoman.lk 3.jpg
    95.7 KB · Views: 390
  • Abortion thewoman.lk2.jpg
    Abortion thewoman.lk2.jpg
    53.8 KB · Views: 467
  • 09w10w03_medium.jpg
    09w10w03_medium.jpg
    79.3 KB · Views: 387