ගබ්සා වෙන්න ගිය දරුවකු බේරා දී ලෝප්‍රකට ව&#354

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ගබ්සා වෙන්න ගිය දරුවකු බේරා දී ලෝප්‍රකට ව&#354

    ගබ්සා වෙන්න ගිය දරුවකු බේරා දී ලෝප්‍රකට වූ ලංකාවේ වෛද්‍යවරයා

    image_1b67be42f3.jpg
    නිවුන් දරු ප්‍රසූතියකට සූද‌ානම්ව සිටි මවකගේ එක් දරුවකු ගබ්සා වූ අවස්ථාවේ අනෙක් දරුවාට එලෙස ගබ්සාවලට ඉඩ නොතබා එම දරුවා නිරුපද්‍රිතව මෙලොවට බිහිකරන්නට සමත් වූ ලොව ප්‍රථම වෛද්‍යවරයා ලෙස සැලකෙන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සුමනසීල ද සිල්වා මහතාය.


    අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත. මහනුවර මහරෝහලේ වසර එකහමාරක පමණ කාලයක්ද, ගලගෙදර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා ලෙස වසර 3ක පමණ කාලයක්ද සේවය කර ඇති ඒ මහතා 1983 වසරේ එංගලන්තය බලා ගොස් ඇත.

    වසර 35ක පමණ කාලයක් එරට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇති සුමනසීල ද සිල්වා මහතා මේ වන විට එංගලන්තයේ බටහිර මධ්‍යම ප්‍රාන්තයේ පිහිටි රුසෙල්ස් හෝල් රෝහලේ (Russells Hall Hospital) සේවයේ නිරතව සිටී. කෙටි නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ සිටි අවස්ථාවේ ඔහු සිය අදහස් පළ කරමින් මෙසේ කීහ.

    නිවුන් දරුවන් ගැබ් ගෙන සිටි මවකගේ යම් හෙයකින් එක් දරුවෙකු ගබ්සා වුවහොත් ඒ සමඟ අනෙක් දරුවන්ද ගබ්සා වීම සිදුවෙනවා. එංගලන්තයේ ගුවන් සමාගමක සේවය කරන මවක් නිවුන් දරු ප්‍රසූතියකට සූද‌ානම්ව සිටිය ද ඇයගේ එක් දරුවෙකු සති 20කදී ගබ්සා වුණා.

    මම ඒ අවස්ථාවේ කුස තුළ සිටි අනෙක් දරුවාව පිටතට එන්නට නොදී ගර්භාෂයේ පටලය ඇතුළට දමා ගර්භාෂ ගෙලේ මැහුමක් දැම්මා. සති 38 කට පසු එම මැහුම ගලවා නිරුපද්‍රිතව මෙලොවට බිහිවන්නට සැලැස්සුවා.

    වෛද්‍යවරයෙකු මෙවැනි ප්‍රතිකර්මයක් කර තිබුණේ ලෝකයේ පළමුවරටයි. මෙම සිද්ධියට බී.බී.සී. ඇතුළු විවිධ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ද ලබා දුන්නා.

    image_1e17c2f654.jpg
    මෙලෙස උපන්නේ පිරිමි දරුවෙක්. ඔහුගේ පියා එංගලන්තයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවෙක්. එම දරුවට මාපියන් නම තිබ්බේ මගේ සුමනසීල යන නමේ සීල යන කොටසක් එකතු කරලා ආචීසීල බ්‍රැග්ස්බර්න් (Achiseela Bxadburn) කියලයි. 2007 උපන් එම දරුවා දැන් දස හැවිරිදි වියේ පසුවෙනවා. ඔහු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්.


    මම ගතවූ වසර දහයක කාලය තුළ මේ ආකාරයේ ප්‍රතිකර්ම 36ක් කර තිබෙනවා. ඉන් 30ක් සාර්ථක වුණා. මෙම ප්‍රතිකර්මය සිදුකිරීමේදී ගර්භාෂය තුළ ආසාදන තත්ත්වයක් තිබෙන්න බැහැ. ගර්භාෂයේ තිබෙන පටලයට හානි සිදුව තිබෙන්නත් බැහැ. එසේම මවට විලිරුද‌ාව හටගෙන තිබෙන්නත් බැහැ.

    මුළු ලෝකයෙම ඉන්න වෛද්‍යවරු ජීවත්වෙන්නෙ රෝගීන් නිසා. රෝගීන් තමයි වෛද්‍යවරු වන අපට තියෙන පරම වත්කම. හැම රෝගියෙක්ම අපි ළඟට එන්නේ දැඩි විශ්වාසයක් ඇතිවයි. ඒ විශ්වාසය උපරිමයෙන් ආරක්ෂා වන ලෙස කටයුතු කරන්නට හැකි විය යුතුයි. අපි ළඟට එන හැම රෝගියකුටම අපි ගරු කළ යුතුයි. තමන්ගෙම අම්මට තාත්තට සලකනවා වගේ හැම රෝගියෙකුටම උපරිමයෙන්ම යුතුකම් ඉටු කරන්නට අපි ක්‍රියා කළ යුතුයි. නමුත් මේ රටේ ඉන්න සමහර වෛද්‍යවරු මේ කිසිවක් ගැන සැලකිල්ලට ගෙන නොවෙයි අසරණ රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ.

    රෝගීන්ට ප්‍රතිකාර සිදුකොට ඔවුන්ව සුවපත් කිරීම විශාල පුණ්‍ය කර්මයක්. මේ රටේ ඉන්න බොහෝ වෛද්‍යවරු ඒක පාපකර්මයක් බවට පත්කරගෙන කටයුතු කරනවා. වෛද්‍යවරු ලෙස අපට පින් කරගන්න දීලා තියෙන වරයක් අපාගත වෙන්නයි බොහෝ දෙනා කටයුතු කරන්නේ. මේ රටේ රජයේ රෝහලකින් යම් යම් සැත්කම් කරගැනීමේදී කාලයක් බලා සිටින්නට සිදුව තිබෙනවා. නමුත් ඒ සැත්කම් මුදල් තිබේ නම් ඒ මොහොතෙම වූවත් පෞද්ගලික රෝහලකින් කරදෙන්න මේ රටේ ඉන්න සමහර වෛද්‍යවරු සූද‌ානම්.


    අපේ රටේ වෛද්‍යවරුන්ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් රෝගීන් මියයාම ඉහළ යමින් තිබෙනවා. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් මුනිවත රකිනවා. රජයේ රෝහලකදී මෙන්ම පෞද්ගලික රෝහලකදීත් රෝගීන්ට වෛද්‍යවරයෙකුගේ ඇති සැලකිල්ල හා වගකීම එක වගේ විය යුතුයි. අපේ රටේ පෞද්ගලික වෛද්‍ය සේවයේ කිසි ප්‍රමිතියක් නැහැ. අයකරන ගාස්තු පවා වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට වෙනස්.

    image_a636ba27bb.jpg
    මා සේවය කරන රුසෙල්ස් රෝහලේ වසරකට දරු උපත් 5500 පමණ සිදුවෙනවා. බටහිර මධ්‍යම ප්‍රාන්තයේ පමණක් එවැනි රෝහල් විස්සක් පමණ පිහිටා තිබෙනවා. එරට ජීවත් වන සියලු දෙනාටම ඉහළම සෞඛ්‍ය පහසුකම් නොමිලේ රජයේ රෝහල්වලින් ලබා දෙනවා. රෝහලකට පැමිණෙන රෝගියෙකුට සති 12 තුළ සියලු ප්‍රතිකාරදී අවසන් කළ යුතුයි. පිළිකා රෝගීන්ට රෝහල් ගත වූ මුල් සතියේම ප්‍රතිකාර කිරීම ආරම්භ කළ යුතුයි.

    රෝගීන්ට සිදුකළ යුතු ඉතිරි ප්‍රතිකාර පිළිබඳව වෛද්‍යවරු තනි තනිව තීරණ ගන්නේ නැහැ. වෛද්‍යවරු සියලුදෙනා සෑම සතියකට වරක්ම එකට හමු වී ඒ ඒ රෝගීන්ට සිදුකළ යුතු ඉතිරි ප්‍රතිකාර පිළිබඳව සාමූහික තීරණ ගන්නවා. ඕනෑම රටක ජීවනාලියවන්නේ නිරෝගිමත් සහ බුද්ධිමත් පරම්පරාවයි. එවැනි පරපුරක් ගොඩනැගීමේ වගකීම රැඳී පවතින්නේ වෛද්‍යවරු සහ ගුරුවරුන් මතයි.

    ගැබිනි මවක් රෝහලකට එන්නේ බබත් එක්ක ගෙදර යන්න මිස මිනී පෙට්ටියකින් ගෙදර යන්න බලාගෙන නෙවෙයි. මේ නිසා දරු ප්‍රසූතියකට රෝහල් ගතවන හැම ගැබිනි මවක් ගැනම විශේෂ අවධානයකින් හැමවිටම කටයුතු කරන්නට වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සිදුවෙනවා. ලෝකයේ තිබෙන අතිදුෂ්කරම කාර්යය තමයි මවක් දරුවෙකු මෙලොවට බිහිකරන එක.

    අපේ රටේ බොහෝ වෛද්‍යවරුන්ගෙන් සහ රෝහල්වල කාර්ය මණ්ඩලයෙන් රෝගීන්ට අවශ්‍ය කරන නිසි ගෞරවය සහ සැලකිල්ල ලැබෙන්නේ නැහැ. රෝගියෙකු අවාසනාවන්ත ලෙස මියගිය විට ඔහුට සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමටත් එම රෝගියාගේ ඥාතීන්ට අයිතියක් තිබිය යුතුයි. මේ සඳහා රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකෙන රෝගී ප්‍රඥප්තියක් මේ රටේ වහා ඇති කිරීමට වගකිව යුතු බලධාරීන් ක්‍රියා කළ යුතුයි.
    ලොව බොහෝ රටවල එවැනි ප්‍රඥප්තීන් ඇති කර ඒ තුළින් රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරදීමට කටයුතු කර තිබෙනවා. රෝගීන් නිතර පීඩාවට පත්කරන සෞඛය වැඩවර්ජන නතර කිරීමටද රජය අවශ්‍ය පියවර ගත යුතුයි. වැඩ වර්ජන නතර කර රෝගීන්ගේ අයිතිවාසිකම් රැකදෙන්නට රජයට නොහැකි නම් ඒ රජය ඉල්ලා අස්විය යුතුයි.











    සටහන හා ඡායාරූප
    ගාල්ල - ගාමිණී මහදුර
     
    • Like
    Reactions: Indika Buddika

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් මේ ලිපියෙන් කියන්නේ, දරු ප්‍රසුතිය ගැනද? අපේ රටේ නැති දේවල් ගැනද? එංගලන්තේ තියන දේවල් ගැනද?
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    රජයේ රෝහලකදී මෙන්ම පෞද්ගලික රෝහලකදීත් රෝගීන්ට වෛද්‍යවරයෙකුගේ ඇති සැලකිල්ල හා වගකීම එක වගේ විය යුතුයි. අපේ රටේ පෞද්ගලික වෛද්‍ය සේවයේ කිසි ප්‍රමිතියක් නැහැ. අයකරන ගාස්තු පවා වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට වෙනස්.

    meka karanna giyama karanna denne naha strike karanawa
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රජයේ රෝහලකදී මෙන්ම පෞද්ගලික රෝහලකදීත් රෝගීන්ට වෛද්‍යවරයෙකුගේ ඇති සැලකිල්ල හා වගකීම එක වගේ විය යුතුයි. අපේ රටේ පෞද්ගලික වෛද්‍ය සේවයේ කිසි ප්‍රමිතියක් නැහැ. අයකරන ගාස්තු පවා වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට වෙනස්.

    meka karanna giyama karanna denne naha strike karanawa
    ඕක කියන්නේ කවුද කියලත් හිතලා බලපන්කො.
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ගබ්සා වෙන්න ගිය දරුවකු බේරා දී ලෝප්‍රකට වූ ලංකාවේ වෛද්‍යවරයා ගැන :D:D:D


    දැන් මේ ලිපියෙන් කියන්නේ, දරු ප්‍රසුතිය ගැනද? අපේ රටේ නැති දේවල් ගැනද? එංගලන්තේ තියන දේවල් ගැනද?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගබ්සා වෙන්න ගිය දරුවකු බේරා දී ලෝප්‍රකට වූ ලංකාවේ වෛද්‍යවරයා ගැන :D:D:D
    ඒ හෙඩින් එකනේ.. විස්තරේ තියෙන්නේ වෙන එකක්.
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    පිටරටකට ගිහින් එහෙ අව්රුධු 35 වැඩ කරලා තමුන්ගේ මව් රට ඇරෙහෙමයි මෙහෙමයි කියල කියන්නේ ඇයි.අපේ රටට වෙලා තමුන්ගේ මිනිස්සුන්ට සේවයක් කරන්න තිබ්බනේ. මෙහෙ මොන ප්‍රශ්න තිබ්බත් මේ මිනිස්සු system එක ඇතුලේ ඉගෙන දෙයක් කරනවා.මෙය system එකෙන් පැනලගිහිල්ල අපේ රටේ අඩුපාඩු කියවනවා.article එකේ 3/4 ක් ම තියෙන්නේ අපේ රටේ මෙහෙමයි ඇරෙහෙමයි කියන්න. එන්න අපේ රටට.ඊට පස්සේ අඩුපාඩු ගැන කතා කරන්න .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    පිටරටකට ගිහින් එහෙ අව්රුධු 35 වැඩ කරලා තමුන්ගේ මව් රට ඇරෙහෙමයි මෙහෙමයි කියල කියන්නේ ඇයි.අපේ රටට වෙලා තමුන්ගේ මිනිස්සුන්ට සේවයක් කරන්න තිබ්බනේ. මෙහෙ මොන ප්‍රශ්න තිබ්බත් මේ මිනිස්සු system එක ඇතුලේ ඉගෙන දෙයක් කරනවා.මෙය system එකෙන් පැනලගිහිල්ල අපේ රටේ අඩුපාඩු කියවනවා.article එකේ 3/4 ක් ම තියෙන්නේ අපේ රටේ මෙහෙමයි ඇරෙහෙමයි කියන්න. එන්න අපේ රටට.ඊට පස්සේ අඩුපාඩු ගැන කතා කරන්න .


    එහෙම තමා බන් ලංකාවෙන් යන ගොඩාක් උන් .
    තර්ක කරලා වැඩක් නැහැ ඔව්වා ගැන