ගමනක කලු පැල්ලම්ද??

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගමනක කලු පැල්ලම්ද??

    16807818378424497907810.jpg


    2011 ක්‍රිකට් ලෝක කූසලානයට සියල්ල කඩිමුඩියේ මේ දිනවල සූදානම් වෙමින් පවතින මොහොතක ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පසුගියදා තම ලෝක කුසලාන කණ්ඩායම මාධ්‍ය වෙත නිකූත් කලේය. ඔබ දැනටමත් එම කණ්ඩායම හොඳාකාරවම දන්නා බව අපි දනිමු. මේ කණ්ඩායමට කැමැත්ත සහ අකමැත්ත දක්වන බොහෝ පිරිසක් වෙති. අකමැත්ත දක්වන පිරිස එක එකහෙලාම පවසන්නේ සනත් ජයසුරිය සහ චමින්ද වාස් එම කන්ඩායමට ඇතුලත් කරගත යුතු බවයි. එය අපට පෙනෙන ලෙසටනම් සාදාරනය. සනත් වෙනුවට එම කන්ඩායමට ඇතුලත් කර ඇත්තේ රංගන හේරත්ය. රංගන වෙනුවට සනත් ආදේශ කරානම් එය කිසි ලෙසක අපට අවාසි දායක වන්නේ නැත. මන්ද සනත්, රංගන වෙනුවට කන්ඩායමට ආවානම් පැමිනෙන්නේ මැදපෙළ පිතිකරුවෙකු ලෙස සහ වමත් දඟ පන්දු යවන්නෙකු ලෙසය. එලෙස බලන විට සනත් රංගනට වඩා බොහෝ ඉදිරියෙනි. රංගන තවමත් එක්දින ජාත්‍යන්තර තරඟ වලදී සනත් තරම් පදම් වී නොමැත. ( රංගන එක්දින තරඟ 9යි. සනත් තරඟ 444යි). සනත් ලකුනු අතර නැති බව සැබෑය. එහෙත් කඩුලු අතර සිටී. මැද පෙළ සිට Batting Power Play එකේදී හෝ ක්‍රියාත්මක වී වේගයෙන් ලකුනු තිහ හතළියක් ලබා ගැනීමට බැරුවා නොවේ. එහෙත් එය හේරත්ගේ පැත්තෙන් බැලුකල අහස පොළොව සේ වෙනස්ය. එය ඔබ ඔබේ හිතට එකඟව දන්නා කරුනකි. එහෙයින් ජයසූරිය රංගනට වඩා ගව් ගනනක් ඉදිරියෙනි. එහෙත් අවාසනාවට කුමන හේතුවක් මත හෝ තේරීම් කමිටුවට තවමත් නොතේරී ඇත.

    එන්ගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී හොදම ක්‍රීඩකයා වුයේ චමින්ද වාස්ය. එහෙත් ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවූහ. බොහෝ දෙනෙක් පවසන්නේ දිල්හාර වෙනුවට වාස්ව ආදේශ කරන්නට තිබූ බවය. මෑතකදී දිල්හාර වාස් තරම් දක්ශතා දක්වා නොමැත. පිතිකරන පැත්තෙනුත් දිල්හාරට වඩා වාස් ඉදිරියෙන් සිටින බව මා ද ඔබද හොඳින් දන්නා කරුනකි. මෙවර අන්තර් සමාජ තරගාවලියේදී දිල්හාර ලකුනු 164ක් දි කඩුලු 8ක් දවාගනිද්දි වාස් ලකුනු 117ක් දි කඩුලු 9ක් දවාගෙන සිටි. එතෙනිනුත් පැහැදිලි වන්නේ දිල්හාරට වඩා වාස් ඉදිරියෙන් බවය. වාස් මේ තරගාවලියේදීද මීට පෙර ක්‍රීඩා කරන ලද එන්ගලන්ත ප්‍රාන්ත තරගාවලියේදීද ඉතා හොදින් ක්‍රීඩා කර ඈති බව අපට පෙනී යයි. වාස්ට වඩා දිල්හාරගේ වේගය වෑඩි බව අපි දනිමු. එහේත් ඔහුගේ පන්දුවේ වාස්ගේ තරම් දෝලනයක් සහ පාලනයක් නොමැත. තේරීම් කමිටුවට පන්දුවේ දෝලනයට වඩා වේගය අවශ්‍ය නම් දිල්හාරව ඇතුලත් කර ගත්තාට කමක් නැත. එහෙත් එයට ලසිත් මාලින්ගද සිටිති. අපට මෙතරම් වේග පන්දු යවන්නන් අවශ්‍යමත් නොමැත. මන්ද අපට ලැබී ඇති තණතීරුද මන්දගාමී තණතීරු වේ. එසේනම් අපට තවත් දෝලනයක්/පාලනයක් නොමැති වේග පන්දු යවන්නෙකුට වඩා වේගයත් සමග පන්දුව දෝලනයක් කල හැකි පන්දු යවන්නෙකු ලෙස වාස්ව ඇතුලත් කරගැනීමට තේරීම් කමිටුවට අවස්ථාව තිබුනි. එහෙත් එය එසේ නොවුනි. මේ වරද නැවත නිවැරදි කර ගැනීමට තවමත් කාලය තිබේ.

    පන්දු යවන්නෙකු ලෙස සනත්ට වඩා පහළින් සිටින ක්‍රීඩකයිනුත් පිතිකරුවෙකු ලෙස වාස්ට වඩා පහළින් සිටින ක්‍රීඩකයිනුත් මේ කණ්ඩායමේ සිටී. මෙය ලෝක කුසලාන තරඟාවලියකි එහෙයින් මෙහිදී අත්හදා බැලීම් නොකල යුතුය.

    ස්තූතියි!!

    මීට මහේෂ් මධුසංඛ.


    Code:
    [SIZE=3][COLOR=Red][B]විශේෂ ඉල්ලීමක් පරිදි ඵල කරන ලදී[/B][/COLOR][/SIZE]
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan sanathnam nathath kamak na namuth vass geniyanna thibba ane manda eka ekata ona widihata dan wada wenne thanx machan
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    machan sanathnam nathath kamak na namuth vass geniyanna thibba ane manda eka ekata ona widihata dan wada wenne thanx machan

    Mamath agree wenawa umba kiyana deta,
    Sanathta retirement eka announce karanna dunna chance athi.
    Habai Vassta tawa eka chance ekak denna tibuna
    .
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    aravinda karapu wede weradi marvenuth kiyala tibba herathta wada sana hondai left arm option ekata anika sanathui vaasui dennama kiyala tibba meken passe eyala cricket nawathwanawa kiyala meka eyalage firewaal series eka dekkane giyapara inzamam,lara ,mcgrath ewage godak honda record tiyapu legendry playersla eyalage service eka gena hithala eyala ain wenna target karanne world cup ekakakin aravindata sanath e chance eka dunna captain widiyata 2003di lankawata loketa mechchara service ekak karapu playerslata me widiyata balu weda karapu eka maha kethama wedak gunamaku kamak sana 20 years,vaas17 years 2nd higest wicket taker odi and soo many world recods sana gena kiyanna onne dannawa ,lankawen apu hondama 3 dena aravinda oya list eke nehe eken murali atule anith dennata karana wede harida kiyapalla ballanna last wc eke lara nt in form eth dunna inzamatath dunna awrudu 20k lankawe cricket ada methana tiyenne 1st sana ,murali ,vaas ethanata genapu ayata ada chance nehe,adu gane squad ekewath inna tibba oya squad eke wedak nethy option kapu,mendis,herath innawa marven eye kiyala tibba aniwa sana herathta wada udin kiyala meka anthima balu wedak pls meka gena politics ahin balanna epa sanawa danne cricket nisa cricket gena hitala chance ekak dunnam hondai sanata para gehuwe politics nisa sangawa heduweth sana ada inna batting style ekata eka last 2008 asia cup ekedi sanga kiwwa mage strike rate ekatai shot walatai sanath change kale kiyala eth ada sanga karala tiyenneth balu wedak meka dinnath peradunath aniwa meken passe wenne loku waliyak ubalam hitapan ubala yam deyak udata genalla deela ubalata eken ain wena dawasata hondin yanna dunneththan ubalata hitena de
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ සිදුවිමක් වුනත්. .
    අපේ අය තමයි මේ පාර ජයග්‍රාහණය කරන්නේ...
    ඒ හින්දා..
    අපි තේරුමක් නැතිව ඒ ගැන දුක් වේලා වැඩක් නෑ..
    වුන දේ දැන් අපිට වෙනස් කරන්න බෑ..