ගම්පහ දිස්ත්‍රික්කයේ තත්ත්වය

isuruimmortal

Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    ගම්පහ දිස්ත්‍රික්කයේ තත්ත්වය

    ගමපහ දිස්ත්‍රික්කේ මේ වෙද්දී 50% වගේ තමයි චන්දේ දාලා තියෙනවා කියලා ආරංචි.යකෝ 2010 80% දාලා තිබ්බා ගම්පහ චන්ද.මොකක් වෙලා කියලද හිතන්නේ? :confused::confused:

    http://www.slelections.gov.lk/presidential2010/02Z.html
     

    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    මාත් බැලුවා 50% කියද්දී කොහෙද කියලා .බලද්ද ගම්පහ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    No worry winners % will be decide of casted votes

    sometime I think this time people got fed up , some people confused I think over all turn out is 65% - 70% this time .
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Colombo 75%
    Mahanuwara 75%

    පොළොන්නරුවේ සියයට 75ක් ඡන්දය දෙති
     

    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    ගම්පහ දිනනවලු එක ඡන්දෙකින් හරි

    දිනයි ඒත් ප්‍රතිෂතේ අඩුනේ.එතකොට විපක්ෂේ එක්ක තියෙන gap එක අඩු මට්ටමක තියෙයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඒ අනුව ගම්පහ 50%, කළුතර 55% , මහනුවර 65%, මාතලේ 67%, නුවර එළිය 70%, ගාල්ල 65%, මාතර 60%, යාපනය 51%, වව්නියාව 60%, මන්නාරම 55%, අම්පර 57.5%, ත්‍රිකුණාමලය 57%, කුරුණෑගල 58%, පොළොන්නරුව 59%, බදුල්ල 60%, රත්නපුර 50%, කෑගල්ල 60%, මඩකලපුව 51%, පුත්තලම 58% ලෙස ඡන්ද භාවිතා කර ඇත.
     
    ඓතිහාසික ඡන්ද දැමීම නිමාවෙයි: සියයට 75 කට වැඩියෙන් ඡන්දය දාලා


    (ලංකා ඊ නිව්ස් -2015.ජන.08, ප.ව.4.30) ඡන්දය දැමීම මීට පැය භාගයකට පමණ පෙර පස්වරු 4 ට නිමා වූ අතර මැතිවරණ නිරීක්ෂකයන් වන කැෆේ සංවිධානයේ කීර්ති තේන්නකෝන් ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශ කර සිටියේ රට පුරා 12000 ක් පමණ ඡන්ද මධ්‍යස්ථාන ක්‍රියාත්මක වූ බවත් ඔවුන්ට ලැබුනු තොරතුරු අනුව සමස්තයක් ලෙස සියයට 75 කට වඩා ඡන්දය භාවිතා කර ඇති බවයි. දෙමළ සහ මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල සියයට 80 ක් ඉක්මවා ඡන්දය භාවිතා වූ ස්ථානද ඇතැයි තෙන්නකෝන් පැවසීය.


    මෙවර අති බහුතරයක් බියෙන් සැකෙන් තොරව ඡන්දය භාවිතා කිරීමට යෑමට වඩාත් බලපෑවේ ඡන්දය දැමීමට බාධා කළහොත් දනහිසින් පහලට නොව ඔළුවට වෙඩි තියනවා යැයි මැතිවරණ කොමසාරිස් වරයා කළ ප්‍රකාශය බව බහුතර දෙනාගේ මතයයි. මැතිවරණ කොමසාරිස් වරයා එක් රැයෙන් ජනතාවගේ වීරයෙක් වී ඇත. මැතිවරණ කොමසාරිස් ගේ ප්‍රකාශයට කෙතරම් බිය වී ද යත් වෙනදා ඡන්ද පොලවල් අසල කුඩා කොළ කැබලි බෙදන පුද්ගලයන් පවා අද දක්නට නොලැබුනු බව නිරීක්ෂකයෝ කියති.


    ලංකා ඊ නිව්ස් පාඨකයෙක් කියා සිටියේ උදේ 7 ට ඡන්දය දැමීම ආරම්භ කිරීමට පැය භාගයකට පෙර තම ඡන්දය දැමීම සඳහා ඡන්ද පොල වෙත යද්දී 50 කට අධික ජනතාවක් ඒ වන විටත් පෙල ගැසී සිටි බවයි. එතරම් උනන්දවක් ජනතාව තුල තිබිණ


    මෙවර ඡන්දය ගණන් ගැනීම සිදුකරන්නේ සවස 6.15 ට බව පැවසේ. එනම් රට පුරා සියළු ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ ස්ථාන වෙත පැමිණි පසු රට පුරා ඡන්දය ගණන් ගණන් කිරීම ආරම්භ වේ. එක් ස්ථානයක හෝ ඡන්ද පෙට්ටියක් ගණන් කිරීමේ ස්ථාන කරා ගෙන ඒමට ඉඩ නොදුන හොත් මුළු ඡන්ද ගණන් කිරීමම අත්හිටුවන බවට මැතිවරණ කොමසාරිස් වරයා දැඩි තීන්දු රැගෙන ඇත.


    ඡන්ද ප්‍රතිඵල ෆැක්ස් මගින් එවද්දී අතර මැද සිට ජිල්මාට් දැමීමට ඇති ඉඩ කඩ අහුරමින් ඒ ඒ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ඇත. එක් එක් ආසන වල ඡන්ද ගණන් කිරීම සඳහා සකසා ඇති එක් එක් කාමර වලදීම ඡන්දය ගැන පිටපත් 6කින් යුතු ප්‍රතිඵලයේ එක් පිටපතක් එම අවස්ථාවේදීම සෑම දෙනාටම පෙනෙන ආකාරයෙන් බිත්තියේ අලවා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.


    මෙවර ඡන්ද නිරීක්ෂකයන් දෙදෙනෙකුටද ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඇතුළු වීමට ඉඩ දී තිබේ.


    ඡන්ද නිරීක්ෂකයන්ගේ සහ දේශපාලන පක්ෂ වල මතය අනුව මහින්ද රාජපක්ෂට වාසි ප්‍රදේශ වල ඡන්දය භාවිතය අඩු බවක් පෙන්නුම් කරයි. ඊට හේතු වී ඇත්තේ පරදින බව දන්නා මහින්ද වාදීන් ඡන්ද පොල වෙත පැමිණ නැති බවයි. ජනතාව පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන අවම වශයෙන් වැඩි ඡන්ද ලක්ෂ 10 කින් පමණ ජයගන්නා බවය.
     
    • Like
    Reactions: ජොසී