ගම්මන්පිලගෙන්_ අලුත් පක්ශයක්

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
ගම්මන්පිලගෙන්_ අලුත් පක්ශයක්

‘පිවිතුරු හෙළ උරුමය’ ගම්මන්පිල නව පක්ෂය
පිහිටුවයි..


ජාතික හෙළ උරුමය තුළින් ගිලිහී ගිය බෞද්ධ ප්රතිපත්ති,
බෞද්ධ ආකල්ප යළි ස්ථාපනය කර පක්ෂයක් පිහිටුවීමට
බස්නාහිර පළාත් සභා මන්ත්රී ජාතික හෙළ උරුමයේ හිටපු
නියෝජ්ය ප්රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල
මහතා පියවර ගෙන ඇත.
එම පක්ෂය පිවිතුරු හෙළ උරුමය නමින් නම් කර ඇති අතර එහි
සංකේතය නෙළුම් මලයි. පිවිතුරු බව, ප්රඥාව සහ
සාමූහිකත්වය සංකේතමත් කරමින් නෙළුම් මල
පක්ෂයේ සංකේතය ලෙස යොදාගෙන තිබේ.
පක්ෂයේ පිහිටුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද
දේශප්රිය මහතාද දැනුම්වත් කර ඇත. මෙවර පැවැත්වෙන
ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතාට සහය පල කිරීමට පිවිතුරු හෙළ උරුමය තීරණය කර
ඇත.
ජාතික හෙළ උරුමයෙන් වෙන් වී පැමිණි පළාත් පාලන
මන්ත්රීවරුන් 18ක්, පළාත් සභා මන්ත්රීවරයෙකු සහ වෙනත්
පක්ෂවල පළාත් පාලන මන්ත්රීවරුන් තිදෙනෙකුගේ සහයද
දැනටමත් නව පක්ෂයට හිමි වී ඇත.
.