ගම්මන්පිල ජනපති හමුවී සමාව ගැනීමට සැරසෙය

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ගම්මන්පිල ජනපති හමුවී සමාව ගැනීමට සැරසෙය

    පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් ලබාගැනීමට මේ දිනවල දැඩි උත්සාහයක නිරත වන බව වාර්තා වේ.

    පසුගිය ජනාධිපතිවරණයේදී හෙළ උරුමය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වමින් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට පැමිණි අතර උදය ගම්මන්පිල ද ඒ සමගම තම පළාත් සභා අමාත්‍යංශයෙන් ඉවත් වී විපක්ෂයට පැමිණියේය. එහෙත් පසුව මහින්ද රාජපක්ෂයට සහයෝගය ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන බව පවසමින් නැවත ආණ්ඩු පක්ෂයට එක්විය.

    මෙසේ විටින් විට ඔහු තම ස්ථාවරය වෙනස් කළේ ඒ වනවිට ගෙවාගත නොහැකිව තිබූ බැංකු ණය සම්බන්ධ සිදුවීම් යටපත් කර ගැනීමටයි.

    වාර්තා වන පරිදි පසුගිය සෙනසුරාදා දින ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ හිටපු සභාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට කතාකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ඇත.කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මේ වනවිට නාගරික සංවර්ධන හා ජල කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

    බෝගල ග්‍රැෆයිට් ආයතනයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් සිඩ්නි ජයසිංහ සහ කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා නොහොත් කැසිනෝ ධම්මික සමග තමාට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් සලසා දෙන ලෙස පිවිතුරු ගම්මන්පිල මහතා හෙට්ටිආරච්චි මහතාට බැගෑපත් වී තිබේ.

    සිඩ්නි ජයසිංහ යනු ගම්මන්පිලගේ දීර්ඝකාලීන හිතවතෙකු වන අතර පසුගිය මැතිවරණයේදී ගම්මන්පිල සිය කාර්යාලය පවා පවත්වාගෙන ගියේ සිඩ්නි ජයසිංහගේ කාර්යාලය තුළය.

    උදය ගම්මන්පිල, හෙට්ටිආරච්චි මහතාට ප්‍රකාශ කර ඇත්තේ මහින්ද රාජපක්ෂ නැවතත් කරළියට ගෙනඒමේ අදහසක් ඔවුන්ට නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව ලබාගැනීමට සහයෝගය දක්වන ලෙසයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස හෙට්ටිආරච්චි මහතාගෙන් ඉල්ලා ඇත.

    ගම්මන්පිල මේ උත්සාහ දරන්නේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමග පැවති ගනුදෙනු හා ගෙවාගත නොහැකිව සිටින බැංකු ණය සම්බන්ධ සිදුවීම් එළියට පැමිණීම වලක්වා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමෙන් වැලකී සිටීමටයි.

    රාජපක්ෂ ආණ්ඩුවේ නොයෙක් දූෂණ වංචාවලට සම්බන්ධ දේශපාලකයන් සහ නිළධාරීන් වර්තමාන රජයට සහ වර්තමාන ජනාධිපතිවරයාට සමීප විමේ සිදුවීම් පසුගිය දිනවල විටින් විට වාර්තා විය. ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ වංචා සහ දූෂණ හෙලිවිම් වලක්වාගෙන තවදුරටත් සුදනන් සේ සමාජයට පෙන්වීමටයි.

    පිවිතුරු (උදය) ගම්මන්පිල ද මේ රඟදැක්වීමට සූදානම් වන්නේ එම නාට්‍යයේම කොටසකි.


    - http://sinhala.lankanewsweb.net/news/15920-2015-02-23-11-16-01
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ශෂීගේ පාපොච්ඡාරණයෙන් විමල් අමාරුවේ වැටෙන ලකුණු

    ව්‍යාජ තොරතුරු සඳහන් විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමති විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මේ වනවිට රහස් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පසුගිය 22 වැනි දින ඇය අත්අඩංගුවට ගෙන මේවනවිට ප්‍රශ්න කරමින් සිටී.

    ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින විට ඇය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ඊයේ දුරකතනයෙන් කතාකරමින්, විශාල ලෙස හොරකම්වලට, වංචාවලට, දූෂණෙවලට සම්බන්ධ වූ තම නාමික සැමියා වන විමල් වීරවංශ ඇතුළු ඔහුගේ හිතවත් පුද්ගලයන් අත්අඩංගුවට නොගෙන ඔවුන්ට සාපේක්ෂව සුලු වැරැද්දක් සිදුකර ඇති තමන් වැනි අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේ ඇයිදැයි අසා ඇත.

    එහිදී ශෂී වීරවංශ විසින් තම සැමියා සමග සිටි හොරුන්, දූෂිතයන් සම්බන්ධයෙන් විස්තර ඇමතිවරයාට පවසා ඇති අතර විශේෂයෙන් තම සැමියා වන විමල් වීරවංශගේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් රාජිතට පවසා තිබේ.

    කොළඹ ඩාර්ලි පාරේ අන්සතු ඉඩමක් හොර ඔප්පු සකසා විකිණීම, කොළඹ වරායට කලුගල් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාගැනීම, තාර බලපත්‍රයක් ලබාගැනීම, සලාකා ආයතනයේ හිමිකාරිය සමග එකතු වී ජාත්‍යන්තර ජාවාරම්කරුවන් සමග සිදුකළ මුල්‍ය ගනුදෙනු ආදිය සම්බන්ධයෙන් විස්තර සහිතව ප්‍රකාශ කර ඇති අතර වෙනත් අයථා ගනුදෙනු සහ ව්‍යාපාර සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කර ඇත. එසේම ඔහුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ විවිධ කාන්තාවන්ගේ තොරතුරු ද පවසා ඇත.

    මෙහිදී රාජිත සේනාරත්න ඇමතිවරයා මේ සියලු විස්තර රහස් පොලීසිය හමුවේ ප්‍රකාශ කරන ලෙසත් ඉන්පසු ඒ ගනුදෙනු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඇයට දන්වා තිබේ.

    මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් විමල් වීරවංශට සැළවීමෙන් ඔහු කලබලයට පත්ව ඇති අතර ඔහුගේ ජනමාධ්‍ය හිතවතුන්ට පවසා ඇත්තේ මින් ඉදිරියට ශෂී වීරවංශ සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීමේදී ඇය විමල් වීරවංශගේ බිරිඳ ලෙස සඳහන් නොකරන ලෙසයි. ඒ අනුව ඇය විමල් වීරවංශගේ දරුවන්ගේ අම්මා ලෙස සඳහන් කරන්නැයි ඉල්ලා ඇත.

    වීරවංශ යුවළ පසුගිය රාජපක්ෂ පාලන සමයේ කෙතරම් සහයෝගයෙන් දූෂිත හා වංචා ක්‍රියාවන් සිදුකළ ද කලෙක පටන් පෞද්ගලික ජීවිතයේ නොයෙක් ගැටුම් ඇති කරගත් අතර මේ සිදුවීමත් සමග එම ගැටුම් තවදුරටත් වර්ධනය වී තිබේ.

    - http://sinhala.lankanewsweb.net/news/15921-2015-02-23-11-20-27
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මහින්දට ශ්‍රීලනීපයෙන් නාමයෝජනාත් නෑ. ලැයිස්තුවත් නෑ

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මහ මැතිවරණයෙදී නාමයෝජනා ලබා දීම හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයහෝ ලබා නොදිය යුතු බව ශ්‍රීලනීපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අති බහුතරයකගේ මතය වී තිබේ.

    පසුගියදා එම පක්ෂයේ පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් නිල නොවන ලෙස තීරණයකට එළඹ ඇති බවද ශ්‍රීලනීප ආරංචි මාර්ග සඳහන් කරයි.

    රාජපක්ෂවරුන් නිසා ඒ කාලයෙහි තමන්ට නිදහසේ කතාවක් බහක්වත් කර ගැනීමට ඉඩක් නොතිබුණු බවත් නැවතත් එම එකාධිපති උද්දච්ඡ පවුල් පාලනයට ශ්‍රී ලනීපය වද්දාගෙන මේවන විට මෙරට සිදුවෙමින් පවතින නව දේශපාලන ප්‍රතිසංස්කරණයන් විනාශ කරගත යුතු නැතැයි ඔවුන්ගේ අදහස් වී තිබේ.

    කෙසේ නමුත් කවුරු මහින්ද රාජපක්ෂට නැවත ශ්‍රී ලනීපයේ දොර‍ටු විවෘත කර දීමට උත්සහ කළත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට කිසිසේත්ම ඉඩක් නොතබන බව එතුමාට සමීප ආරංචි මාර්ග ලංකාඩේලිවෙත අනාවරණය කළේය.


    - http://www.lankadaily.com/latestnews/item/5203-2015-02-23-04-53-45
     
    Aug 12, 2012
    4,169
    652
    0
    maath kaalayak hithan hitiya gammanpila kiyanne supiri deshapalakayek kiyala. dan nam hiththenne meya bala thanhawa nisa ona deyak karai kiyala.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ibxM70xyhZILIo.gif
     
    හැබැයි රටේ රනිල්ට විරුද්ධව ජනමතයක් තියෙනවා.............ඒ ජනමතයට උඩට එන්න ඉඩ දුන්නේ නැත්තම්.........ප්‍රචණ්ඩත්වය කරා යන්න පුළුවන්.............බලද්දි ප්‍රජාතන්ත්‍රවාදයට වැඩියෙන්ම හානි කරන්නේ රනිල්ය
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හැබැයි රටේ රනිල්ට විරුද්ධව ජනමතයක් තියෙනවා.............ඒ ජනමතයට උඩට එන්න ඉඩ දුන්නේ නැත්තම්.........ප්‍රචණ්ඩත්වය කරා යන්න පුළුවන්.............බලද්දි ප්‍රජාතන්ත්‍රවාදයට වැඩියෙන්ම හානි කරන්නේ රනිල්ය

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113

    පිවිතුරු (උදය) ගම්මන්පිල ද මේ රඟදැක්වීමට සූදානම් වන්නේ එම නාට්‍යයේම කොටසකි.


    - http://sinhala.lankanewsweb.net/news/15920-2015-02-23-11-16-01

    අලුත් නාටකය දැන් තිරගත වේ. නැරඹීම නොමිලේ. පූර්ව ප්‍රචාරක පටය👇

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    අයියෝ සීරාටත් බය උනාට ජනපති පචයට කෝචෝක් කරනවනේ මූ. :lol: සුළු ජනාව හැමෝම විහිලුවට අරන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    අයියෝ සීරාටත් බය උනාට ජනපති පචයට කෝචෝක් කරනවනේ මූ. :lol: සුළු ජනාව හැමෝම විහිලුවට අරන්

    එහෙම උනා කියල උබ හිතනවනං 17% ගත්ත පොන්නයෙක් කොහොම විහිලුවක් වෙයිද කියල හිතපන්කො 😹😹
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අයියෝ සීරාටත් බය උනාට ජනපති පචයට කෝචෝක් කරනවනේ මූ. :lol: සුළු ජනාව හැමෝම විහිලුවට අරන්
    Sulu kiyanne uba wage meke inna Ponnayo 10 k 12 wage tama itin wihiluwata aran inne
     
    • Like
    Reactions: Xi Jinping

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අයියෝ සීරාටත් බය උනාට ජනපති පචයට කෝචෝක් කරනවනේ මූ. :lol: සුළු ජනාව හැමෝම විහිලුවට අරන්
    කරන්න ම දෙයක් නෑ කියලා තේරෙනකොට එළිපිට නටන සීන් එකක් වගේ පේන්නේ නම්. ඇත්ත එළිවුනොත් මෙයාටත් ඇතුළත යන්න වෙයි කියලා තමයි තතු දත්තෝ නම් කියන්නේ. නොමඟ යවන කමිටු වාර්තා බොරුවට එළියට අදින්න හදනවා කියලා තමයි ආරංචිය. බලමු ඇත්ත නැත්ත කොහොම වෙයි ද කියලා

     
    • Like
    Reactions: Xi Jinping