ගම්මන්පිල නැවත මහින්දගේ සහයට - මෛත්‍රී බො&#351

Jul 26, 2011
8,378
730
0
no sinhala land
ගම්මන්පිල නැවත මහින්දගේ සහයට - මෛත්‍රී බො&#351

ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරි ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනූව ඔහු අද (11) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා මේවන විට සහභාගි සිටියි.

එහිදී මාධ්‍ය අමතමින් උදය ගම්මන්පිල මහතා කියා සිටියේ ප්‍රතිපත්තිමය තීරණයක් මත තමන් එම තීරණය ගත් බවයි.

ජාතික හෙළ උරුමය අත්වැල් බැඳගෙන ඉන්නේ රටම ප්‍රතික්ෂේප කරන කණ්ඩායමක් එක්ක බවද එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

විධායක ජනපති ක්‍රම‍ය දින සියයයෙන් අහෝසි කිරීම ගැන මෛත්‍රිපාල සිරිසේන මහතා හෙළ උරුමයේ හාමුදුරුවන්ට කියන්නේ ඇත්ත නම් එක්සත් ජාතික පක්ෂයට කියන්නේ බොරු බවද, එම පක්ෂයට කියන්නේ ඇත්ත නම් ජාතික හෙළ උරුමයට කියන්නේ බොරු බවද මන්ත්‍රීවරයා කීවේය.

යහපාලනය පිළිබඳව රටතුළ අවංකවම ප්‍රශ්න ඇති බවද, මේ නිසා ඇමති තනතුරු පරිත්‍යාග කර යහපාලනය ගොඩනැඟීමට පොදු විපක්ෂයට එක්වූ බවද, මන්ත්‍රීවරයා කියා සිටියේය.

එසේ වුවද මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවරණයෙන් ජයගත හොත් හෙළ උරුමයට පොදු විපක්ෂයේ යහපාලනය නැමැති බස් එකෙන් බහින්න වෙන බවද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

එනම් යහපාලනය පිළිබඳ බස් එක ඒ 9 පාරෙන් ද්‍රවිඩ සන්ධානයේ උවමනාවන් සඳහා යාපනයට හැරවුවහොත්, එදිනට ජාතික හෙළ උරුමයට අපි දින 100ට ආවේ කියා බසයෙන් බැහැලා යන්න වන බවද හෙතෙම පැවසුවේය.

තමාට මෙම තීරණය ගැනීමට දින දෙකක් නොනිදා කල්පනා කරන්න, සාකච්ඡා කරන්න සිදුවු බවත්, තමන් මම මතු කරන ප්‍රශ්නවලට පක්ෂයෙන් පිළිතුරු නොලැබුණු බවත් හෙතෙම පැවසීය.

මේ නිසා තමන් පක්ෂයේ සමගිය නාමයෙන් නිහඬ වෙන්න තීරණය කළ බවද, ඒ අනූව චම්පික රණවක මහතාට තමන් ඉවත්වන බව ඊයේ දැනුම්දුන් බවද ඒ මහතා කියා සිටියේය.

ඒ අනූව පක්ෂය වෙනුවට ආදරණිය මව්බිම තෝරාගන්න තමන් තීරණය කළ බවද තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම සදාචාර සම්පන්න නොවන නිසා තමන් අද සිට පක්ෂයෙන් ඉවත් වෙන බවද , ඔහු පැවසීය.

මේ නිසා තමන් තවදුරටත් පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නොවන බවත්, තමන් ස්වාධීනව මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවත්, කියා සිටියේය.

කෙසේ වුවද ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට ජාතික හෙළ උරුමය පසුගියදා තීරණය කළේ ඔවුන් ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන ආණ්ඩුව විසින් සිදුනොකළ නිසා බැව් ප්‍රකාශ කෙරිණ.

ඒ අනූව හෙළ උරුමය පක්ෂයේ නි‍යෝජිතයින් පසුගියදා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ගිවිසුමකට ද එළඹිණ.





මේ අතර උදය ගම්මන්පිල මහතාගේ ඉවත්ව යාම ගැන ජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

මේදිනවල ආණ්ඩුවෙන් පිටතට යන අය, ඇතුළට එන අය, සිය තීන්දු ප‍්‍රතිපත්ති මත, හෘද සාක්ෂිය මත ගත් බව ප‍්‍රචාරය කළ ද ඒ ගැන ජනතාව තුළ විවිධ මතවාද පැතිර යමින් ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියයි.

මේ නිසා උදය ගම්මන්පිල මහතා මේ තීරණය ගත්තේ එයින් කවර හේතුවක් මත දැයි නොදන්නා බවද එම නිවේදනය මගින් හෙළ උරුමය වැඩිදුරටත් අවධාරණය කරයි.

එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.



උදය ගම්මන්පිල මැතිතුමා ජාතික හෙළ උරුමයෙන් ඉවත්වීම

ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් හා බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී ඇත. එය සිදු කළේ ප‍්‍රතිපත්තිමය කරුණු මත බව ඒ මහතා සඳහන් කර ඇත. ජාතික හෙළ උරුමයේ ප‍්‍රතිපත්තිය වූයේ අද ලංකාවේ ප‍්‍රමුඛ ජාතික කාර්යභාරය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය ස්ථාපිත කිරීම බව ය.

ඒ අනුව, විධායක ජනාධිපති ධූරය සතු අත්තනෝමතික බලතල සංශෝධනය කිරීම හා අධිකරණ, මැතිවරණ හා ¥ෂණ වංචා මැඬලීම පිළිබඳ ස්වාධීන කොමිසම බිහිකිරීම මූලික විය. මේවා සිදු කරන නිශ්චිත ආකාරය අවසන් වශයෙන් තීරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි. එමෙන් ම, පවතින මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මෙය ජනාධිපතිවරණයට පෙර ඉටුවිය යුතු බව ද, දෙන්නම් කාසිවලට වැඩ කළ නො හැකි බව ද අපගේ පක්ෂ සම්මේලනයේ දී (2014 ඔක්තෝබර් 19 දින) ප‍්‍රකාශ කළේ ද උදය ගම්මන්පිල මහතා ය.

අපගේ යෝජනාව තවත් එක පොරොන්දුවක් ලෙස වසර 2005 දී හා 2010 දී ඉදිරිපත් වූ ලෙස මැතිවරණ පොරොන්දුවක් ලෙස 2014 දී ද මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම කිසිසේත් පිළිගත හැකි තත්ත්වයක් නොවුණු හෙයින් ඒ පිළිබඳව පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග එකඟතාවයක් ඇති කර ගනු ලැබී ය. පොදු සන්ධානයේ කවර බලවේග සිටිය ද ඒවා ඉටුකර ගැනීමේ හැකියාව ජාතික හෙළ උරුමය සතුවන බව අපගේ විශ්වාසයයි.

මේ දිනවල ආණ්ඩුවෙන් පිටතට යන අය, ඇතුළට එන අය, සිය තීන්දු, ප‍්‍රතිපත්ති මත ගත් බව, හෘද සාක්ෂිය මත ගත් බව ප‍්‍රචාරය කළ ද ඒ පිළිබඳ ජනතාව තුළ විවිධ මතවාද පැතිර යමින් ඇත. උදය ගම්මන්පිල මහතා මේ තීරණය ගත්තේ එයින් කවර හේතුවක් මත දැයි අපි නො දනිමු. ඒ මහතාගේ තීරණය අවසාන වශයෙන් ජනතාව විසින් යුක්ති යුක්ත කරනු ඇත.



නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්

http://sinhala.adaderana.lk/news.php?nid=47943
 

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,037
    255
    83
    ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට

    ජය වේවා !!!​
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    1508198_830528507011218_1194684316657101323_n.png


    10624629_830533397010729_2673172772638873788_n.png


    10847973_830539147010154_8477199034717467568_n.png


    10665287_756742814407592_3202293849774921628_n.jpg


    10357188_803124379747356_717308870098917351_n.jpg


    10805564_756933304388543_6913260286844740338_n.jpg
     
    Last edited:

    Similar threads