සරළයි. එයාගෙම කටහඬින් කියවන්න.
ජනතාවට ජා.ජා.බෙ පොරොන්දුවක් දුන්නා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරනවා කියලා. ඒ නිසා ආණ්ඩුව මත යම් පීඩනයක් ඇති කරලා, ආණ්ඩුවේ මේ බලයට එන්න කලින් එකක් කියලා, බලය ගත්තාට පස්සේ පස්ස ගැහීම ජනතාවගේ අවධානයට ලක් කරලා. ඔවුන්ගේ නිරුවත පෙන්වීමයි මගේ අවශ්‍යතාවය උනේ. ඇත්තටම සම්‍යප්‍රයෝගයක්. බුදුහාමුදුරුවොත් සම්‍යප්‍රයෝග කරලා තියෙනවා. කිසි කෙනෙක් නොමැරුනු ගෙයකින් අබ ඉල්ලුවා වගේ... මම කළ සම්‍යප්‍රයෝගය ඒක වැඩ කරලා තියෙනවා. මම කියු ප්‍රකාශය ගැන කලබල නොවී, තමන්ගෙ අතේ තියන වාර්තාව ජනතාවට එළි කරන්න කියලා මම ගරු ජනාධිපතිතුමාගෙන් සහ විජිත හේරත් අමැතිතුමාගෙන් ඉල්ලනවා.