ගම්මිරිස් මිල පහළ බැසීම හේතුවෙන් ගම්මිරිස් වගාකරුවෝ මෙන්ම බදුකරුවෝ දැඩි ආර්ථික අසීරුතාවයකට පත්ව සිටිති.
මිද්දෙනිය සහ අවට ප්‍රදේශ රාශියක සාමාන්‍ය ගොවි ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව ඇත්තේ ගම්මිරිස්ය. ගම්මිරිස් අලෙවියෙන් ලැබෙන ආදායම ඉදිරි වර්ෂය පුරා තම ජීවන වියදම සඳහා කළමනාකරණය කර ගැනීමට ඔවුහු පුරුදුව සිටිති. එහෙත් මෙවර ගම්මිරිස් මිල පසුගිය වසරේ පැවති මිලට වඩා අඩකටත් වඩා අඩුවීම නිසා ගම්මිරිස් වගාකරුවෝ දැඩි ආර්ථික දුෂ්කරතාවයකට ලක්ව සිටිති.
මිද්දෙනිය, හෙල්ලල, සපුගහයාය, වැලිපිටිය, අඹගස්ආර, ජුලම්පිටිය, ගල්පොත්තයාය, ඕකන්දයාය, කුඩගල්ආර සහ තවත් ප්‍රදේශ රාශියක ගම්මිරිස් සාර්ථකව වගා කෙරේ.
ගම්මිරිස් මිල පහත වැටීම පිළිබඳව වගාකරුවෝ කිහිප දෙනෙක් මෙසේ අදහස් දැක්වූහ.
පියදාස තන්තිරිගේ මහතා,
''පසුගිය අවුරුදුවල ගම්මිරිස් වල මිල මේ තරම් අඩු වුණේ නැහැ. ගිය අවුරුද්දේ වියළි ගම්මිරිස් කිලෝ එකක් රුපියල් 1485 ක් වුණා. අමු ගම්මිරිස් කිලෝවක් රුපියල් 425 කට අපි දුන්නා. ඒත් මේ පාර බාගෙකටත් වඩා අඩුවෙලා. වේලිච්ච ගම්මිරිස් කිලෝ එකක් රුපියල් 600 - 700 යි වගේ මිලක්. අමු ගම්මිරිස් කිලෝවක් රුපියල් 195 යි 200 යි. ගිය පාර ගම්මිරිස් කිලෝ 50 ක් කැඩූ කෙනා වියදම් ඇරලා රුපියල් 70,000 ක් අතට ගන්නවා. ඒත් මේ සැරේ රුපියල් 30,000 කට වඩා ගන්න බැහැ. කුලිය ගියාම ඒකෙන් තවත් අඩු වෙනවා. කිලෝ 50 ක් තිබුණු කෙනෙකුට රුපියල් 40,000 කටත් වඩා මුදලක් පාඩුයි. ගම්මිරිස් මිල මේ වගේ පහළ යැමක් වෙන කිසිම අවුරුද්දක වෙලා නැහැ. මේ ප්‍රදේශවල මිනිස්සු මුළු අවුරුද්දම ජීවත්වෙන්න බලාගෙන ඉන්නේ ගම්මිරිස් ඇටේ විකුණලා. ඒත් මේ සැරේ ඒකත් නැති වුණා. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ.
සුමුදු චන්දිමල් කොඩිකාර මහතා,
''ගම්මිරිස් වැලක් හදා ගන්න අපි කොපමණ මහන්සි වෙනවද? නියං කාලයට කරින් කලගෙඩි වලට වතුර ඇදලයි ගම්මිරිස් වැල් ටික නොමැරී රැක ගත්තේ. අවුරුදු ගණනක් මහන්සි වෙලා ඉඩම් සුද්ධ කරලා සාත්තු කරලා ගම්මිරිස් කරලක් හැදෙන තුරු බලාගෙන ඉන්නේ අතේ ඇඟිලි ගැන ගැන. ඒකෙන් ලැබෙන ආදායමෙන් තමයි අවුරුද්දෙම ජීවත් වෙන්නේ. අපේ අතට කීයක් හරි ලැබෙන්නේ ගම්මිරිස් ඇටෙන් විතරයි. මේ පැති වල හුඟක් මිනිස්සුන්ට වෙන කිසිම ආදායමක් නැහැ.
මේ සැරේ ගම්මිරිස් ඇටේටත් විද්දා. පුංචි එවුන්ට ඉස්කෝලේ යන්න ඇඳුම් පැලඳුම් ටික, පොත්පත් ටික අරන් දෙන්නේ, ලෙඩට දුකට වියදම් කරන්නේ ගම්මිරිස් ඇටේ විකුණලා. ඒත් මේ සැරේ කවදාවත් නැති විදියට මිල පහල බැස්සා. එක පැත්තෙන් නියඟේ... අපි කඹලෙන් ලිපට වැටිල වගේ දැන්.
ගාමිණී ජයසේකර මහතා,
අපිට පොල්, කුරුඳු කුඹුරු වෙන කිsසිම ආදායම් මාර්ගයක් නැහැ. කීයක් හරි අතට එන්න තිබුණේ ගම්මිරිස් වගාවෙන් විතරයි. ඒක හැදෙන්නෙත් අවුරුද්දකට වතාවයි. අවුරුද්දක්ම බලාගෙන ඉන්නවා ගම්මිරිස් කරලක් හැදෙන තුරු. ඒක විකුණලා කීයක් හරි අරගෙන ඊළඟ අවුරුද්ද වෙනතුරු ජීවත් වෙන්න. ඒත් මේ සැරේ ඒ බලාපොරොත්තු සුන්වෙලා ගියා. නොසිතූ විදියට මිල අඩු වුණා. ගම්මිරිස් වලින් මීට පෙර අපි හොඳ ආදායමක් ලැබුවා. ගෙවල් දොරවල් හදාගත්තා. ඉඩකඩන් ගත්තා. ගෙදරට බඩුමුට්ටු ගත්තා. දරු මල්ලොන්ට ඉගැන්නුවා. කන්න අදින්න, බෙහෙත් හේත් ගත්තේ මේ ඔක්කොම කළ් ගම්මිරිස් විකුණලා ලැබෙන ආදායමෙන්. එත් මේ සැරේ කුලියට ගියාම අතටත් පාඩුයි.
ව්‍යාපාරික ජයසේකර අබේසිරිවර්ධන මහතා,
''පසුගිය අවුරුද්දේ නම් අපි රුපියල් 1485 ටත් වියළි ගම්මිරිස් කිලෝ 01 ක් ගත්තා. අමු ගම්මිරිස් කිලෝවක් රු. 425 ටත් මිලයට ගත්තා. තොග වෙළඳ පොළේ හොඳ මිලක් පසුගිය වසරේ තිබුණා. ඒත් මේ අවුරුද්දේ එහෙම මිලක් නැහැ. කොළඹ මුදලාලිල අපෙන් මිලයට ගන්නෙත් අඩුවට. මුදලාලිගෙන් ඇහුවම කියන්නේ පිට රටකින් අඩු මිලට ගම්මිරිස් මෙරටට ගෙන්නලා නැවත රට යවනව කියලයි. එහෙම වෙන්න පුළුවන්. පසුගිය අවුරුදුවල මේ විදියට ගම්මිරිස් වල මිල පහළ යැමක් සිදු වුණේ නැහැ. රුපියල් 900 ට ආණ්ඩුවෙන් ගන්නව කියලා පසුගිය දවස්වල මාධ්‍ය මඟින් කියුවට එහෙම මිලක් තවම හැදිලා නැහැ. ගම්මිරිස් නිෂ්පාදකයන්ගෙත් යම් යම් අඩු පාඩුකම් තිබෙනවා. හරියට වියළන්නේ නැහැ. බිම දාලා වේලනවා. එවිට වැලි මිශ්‍ර වෙනවා. තම්බා වේලීම කළාම එහි සැර ගතිය අඩුවෙනවා. මේ වගේ කරුණු නිසා දේශීය ගම්මිරිස්වල ප්‍රමිතිය බාලවෙනවා.