~~~~ගම් නම් හැදුණු හැටි~~~~

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ~~~~ගම් නම් හැදුණු හැටි~~~~

    > මොරවක: මුරවක මොරවක වී ඇත. සොලී සේනාව නිල්වලා ගඟ දිගේ ඇදී එන විට මේ ප්‍රදේශයේදී මුරට මුරකරුවකු තබා තිබුණි. ගඟේ විශාල නැම්මක්‌ තිබේ. මුර-වක මොරවක විය. කලින් නාමය පාතකඩය.

    > පෝරුපිටිය: රාජකීය උළෙලකට පිටියක්‌ සකසන ලදී. එදිනම ගඟ උතුරා පිටිය යටවිය. ඉන් පසුව ලෑලි අතුරා පිටිය තනන ලද නිසා පෝරුපිටිය නම් වීය.

    > පරගල: පරයින් හෙවත් පරංගි සේනාව සැඟවී සිටි ගලක්‌ නිසාය.

    > කොටපල: කොටු-පල කොට පල වීය. පරංගීන් කොටු තනාගෙන සිට ඇත. මුලදී නම ගොඩදෙණියයි.

    > කොස්‌මෝදර: කොස්‌මෝ නමැති හේවා ප්‍රධානියා සිටි කොටුවේ නාමය නිසා ඇතිවිය.

    > විජයගම: යුදයෙන් ජයගෙන ජයපැන් පානය කළ ස්‌ථානයයි.

    > ඌරුබොක්‌ක: හූරු බොක්‌ක ඌරුබොක්‌ක. හූරා යන නායකයාට යෙදු නාමයකි. නායකයෙකු සිටිය ආරක්‍ෂක සීමාව යන අදහසිනි. රත්මලේ කන්දේ නෙලුගල බණ්‌ඩාර නමින් ප්‍රාදේශීය නායකයෙක්‌ සිට ඇත. හෙතෙම මියගිය පසුව බස්‌නාහිර දෙවි නමින් දේවත්වය ලබා තිබේ. "ගැටබරු" දෙවිඳුය.

    > දියදාව: දළදා වහන්සේ මේ ගිරි තලයෙහි සඟවා සිටගෙන ඇත. දෙණියාය කොළවෙණිගම විහාරයේදී ශ්‍රී දළදා වහන්සේ සඟවාගෙන සිට ඇත. කොළ වන් ගම, කොළ නිල් ගම කොළවෙණිගම වූ බවද කියනු ලැබේ. මේ ප්‍රදේශයේ වෙල් යායවල් බහුලව ඇත. ඒ නිසාම "දෙණියාය" නාමය ඇතිවි තිබේ.

    > විහාරහේන: ආදීයේදී පොළව යට විහාරයක්‌ පැවතී තිබේ. "ගිං ගං මත්තේ බිංගේ පිංකම් සිදුවෙනවා" යයි පැරැණි කවියක ද සඳහන්ය. ගිංගඟ ඉහළ ඉහළගමය. පහළ පල්ලෙගමය.

    > බෙරලපනාතර: නාමයේ උපත අප්‍රකටය.

    > බෙම්ගමුව: බෙං-ගමුව බේම්-ගමුවයි. කඳු ගැට අතර ගම පිහිටියේය.

    > හීගොඩ: ඊතල නිමැවුම් නිසාය.

    > පස්‌ගොඩ: සරුසාර රතු පස සහිත කඳු බිමකි.

    > කොඩිකාරගොඩ: රජකාලේ කොඩි ඔසවන අය සිටි නිසා කොඩිකාරගොඩ නම්වී තිබේ.

    > ඇටකාල: ආදීයේදී ඇට ගෙඩි වනපල ආදිය සපයාගත් වන සීමාවයි.

    > කොස්‌නිල්ගොඩ: මුලදී නාමය කොහොළන්ගොඩය. පනා හෙවත් කොස්‌ගස්‌ බහුලව තිබුණ නිසාය.

    > අතුඇළ: ඇතු-වැල අද අතුඇල වී ඇත. අලි ඇතුන් පේළියට ගමන් කර ඇත්තේ අතු ඇළ ගල් පාලම යටිනි. එහි ආරුක්‌කු තනකි. ලන්දේසි නිමැවුමකි.

    > දැරංගල: කිරිවැල් කැළේ නමින් මුලදී හඳුන්වා ඇත. සියඹලාගොඩ ප්‍රදේශයේ සිට ගඟ හරහා අතු ඇළ දිගේ අලි ඇතුන් පැමිණියේ කිරිවැල් කැලේටය. රංදැගල දැරංගල නම් වී ඇත.

    > පිටබැද්දර: ඈත කැලය යන අදහසින්ය.

    > මල්පුදනැල්ල: මල් පීදීම කළ තැනක්‌ නම් කරගෙන ඇතිවී ඇත.

    > අලපලාදෙනිය: අලකොළ ගැවසීගත් දෙණි බිම.

    > ඊදඬුකිත: කිත යනු ගැවසීගතක්‌ යන අදහසයි. ඊතල නිමැවුම් කළ ස්‌ථානය යන අදහසිනි. අදත් යබොර පොළවෙන් මතුවෙයි.

    > දංගල: රුවන්කන්ද රජමහා විහාරයට නුදුරින් ඇත. දානය පිළියෙල කළ ගල්තලාව යන අදහසිනි.

    > රුවන්කන්ද; සඟරුවන වැඩ සිටි කන්දය.

    > කළුබෝවිටියාන; නාමයේ උපත අප්‍රකටය. එහෙත් ජනප්‍රවාද බහුලය.

    > බාණගල: බණගල බාණගල වී තිබේ. මෙහි ඉපැරැණි තුන් බෝධියක්‌ අදත් තිබේ. නාගස, බෝගස හා රුක්‌අත්තන ගස, ගල් නිවැමවුම් ද ඇත.

    > හත්තොටුව: තොටුපළ හතක්‌ වූ බැවිණි.

    > එළමල්දෙණිය: ඉපැරැණි ගම්මානයකි. රාජකීය ලෙන් විහාරයක්‌ වෙති. නාම නිශ්පත්තිය අප්‍රකටය.

    > පනාකඩුව: කොස්‌ කැළය යනු අදහසයි. ඓතිහාසික තඹ සන්නස ලැබුණේ මේ ප්‍රදේශයෙනි.

    > රොටුඹ: රොට-අඹ රොටුඹ දුම් වැනි ජල දහර නිසාය.




    සුමනදාස සිරිවර්ධන
    Divaina 20-03-2011

    kiyawala witarak madi coment saha anik ewa ehemath dammata waraddak na
    :yes::yes::yes::yes::yes:
     
    Last edited: