ගමෙන් ආපු නාවික ලොක්කා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ගමෙන් ආපු නාවික ලොක්කා

සයුරටම නායක වරලත් දිසානායක
මහ නැවියා පිළිබඳ පුංචි සටහනක්‌

navy1.jpg
60 වසරක ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ වැඩිම පදක්‌කම් සහ පළඳනාවලින් පිදුම්ලත් නිලධාරියා මොහුය. තෙවන ඊළාම් යුද්ධය ආරම්භ කරමින් 1995 අප්‍රේල් 19 වන දින නාවික යාත්‍රාවලට එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයේ දී විනාශ වූ නෞකාවේ සිට දිවි ගලවා ගත් මොහු එහිදී තම දිවි නොතකා සගයෙකුගේ ජීවිතය ගලවා ගැනීම හේතුවෙන් ජීවත්ව සිටියදී මෙතෙක්‌ රණවිරුවෙකු ලබාගත් උසස්‌ම වීර සම්මානය වන "වීරෝදාර විභූෂණ" පදක්‌කමින් පිදුම් ලබා ඇත. මීට අමතරව දෙවරක්‌ රණශූර පදක්‌කමද, විශිෂ්ට සේවා විභූෂණ, උත්තම සේවා පදක්‌කම ඇතුළුව තවත් පදක්‌කම් සහ පළඳනා 25 ක්‌ හිමි කරගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති වශයෙන් වයිස්‌ අද්මිරාල් දිසානායක විෙ-සිංහ ආරච්චිලාගේ සෝමතිලක දිසානායක ඊයේ (15 දා) වැඩ භාරගනු ලැබීය.

මහ සයුරින් වටවූ දූපත් රටක්‌ වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‌ෂාව උදෙසා ප්‍රමුඛ කාර්ය භාරයක්‌ පැවරී තිබෙන නාවික හමුදාවට නායකත්වය දීමේ භාග්‍ය හිමිකර ගත් වයිස්‌ අද්මිරාල් සෝමතිලක දිසානායක 17 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වූයේ නාවික හමුදා ඉතිහාසයට වාර්තා කීපයක්‌ද එක්‌කර වමිනි.

වයඹ පළාතෙන් බිහිවූ ප්‍රථම හමුදාපතිවරයා වීමේ ගෞරවය මෙන්ම මධ්‍ය මහා විද්‍යාලයකින් බිහිවූ ප්‍රථම නාවික හමුදාපතිවරයා වීමේ ගෞරවයද දිනාගත් වයිස්‌ අද්මිරාල් දිසානායක ඊළාම් යුද ඉතිහාසයේ ප්‍රථම මුහුදු කොටි යාත්‍රාව විනාශ කිරීමේ ගෞරවයටද හිමිකම් කියයි

1984 වසරේ කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේ දී තරුණ නිලධාරියකු ලෙස නාවික හමුදා ප්‍රහාරක යාත්‍රාවක රාජකාරියෙහි නිරතව සිටියදී මුහුදු කොටි ත්‍රස්‌තවාදීන් 19 දෙනකු රැගත් මුහුදු කොටි යාත්‍රාවකට පහරදී විනාශ කිරීමට හෙතෙම සමත් විය. මුහුදු කොටි බළකායේ යාත්‍රාවක්‌ විනාශ කළ ප්‍රථම අවස්‌ථාව ලෙස එය නාවික හමුදා ඉතිහාසයේ සනිටුහන් වී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ මෙතෙක්‌ වැඩිම පදක්‌කම් සහ පළඳනාවලින් පිදුම්ලත් නිලධාරියා ලෙස වයිස්‌ අද්මිරාල් දිසානායක තවත් වාර්තාවක්‌ තබා ඇත. ඔහු හිමිකරගත් පදක්‌කම් සහ පළඳනා ගණන 25 කි.

තවත් බොහෝ දක්‌ෂතා රැසකට හිමිකම් කියන වයිස්‌ අද්මිරාල් දිසානායකගේ 33 වසරක නාවික හමුදා ඉතිහාසය සැකෙවින් මෙසේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්‌ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ඩීඩබ්ඒඑස්‌ දිසානායක නව නාවික හමුදාධිපති තනතුරට පත්කිරීමට සහ ඔහු වයිස්‌ අද්මිරාල් තනතුරට උසස්‌ කිරීමට ප්‍රසාදය පළකර ඇත. ඒ අනුව වයිස්‌ අද්මිරාල් ඩීඩබ්ඒඑස්‌ දිසානායක 2011 ජනවාරි 15 වන දින සිට අභිමානවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 17 වෙනි නාවික හමුදාධිපති වශයෙන් පත්විය.

ත්‍රස්‌තවාදයට එරෙහි අවසන් සටනේ දී උතුරු මුහුදේ නාවික සටන් ජයග්‍රාහී ලෙස මෙහෙයවූයේ එවකට උතුරු ආඥපති ලෙස සේවය කළ වයිස්‌ අද්මිරාල් දිසානායකය. මාතෘ භූමියේ ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමේ සටනේ දී කරන ලද මහඟු කාර්යභාරය අගයමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඔහු 2009 ජූලි 15 වන දින සිට නාවික හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානී තනතුරට උසස්‌ කරන ලදී.

1977 ජූනි 01 වන දින ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳුණු ඔහු ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හා සාගරික විද්‍යා පීඨයෙන් මූලික පුහුණුවීම් ලබා ගත්තේය. ඉන් අනතුරුව ඉන්දියානු නාවික හමුදාවේ උප ලුතිනන් තාක්‌ෂණික පාඨමාලාව හැදෑරූ වයිස්‌ අද්මිරාල් දිසානායක මහ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ ජාත්‍යන්තර යුද මෙහෙයුම් පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරීය.

තරුණ නිලධාරියකු ලෙස 1984 කන්කසන්තුරය ආසන්න මුහුදේ දී ත්‍රස්‌තවාදීන් 19 දෙනකු සමග මුහුදු කොටි යාත්‍රාවක්‌ විනාශ කරමින් නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සතුරු යාත්‍රාවක්‌ විනාශ කිරීමේ ගෞරවය හිමි වන්නේ වයිස්‌ අද්මිරාල් දිසානායකටය. එමෙන්ම ප්‍රහාරක යාත්‍රාවල ඔහුගේ අණසක යටතේ සතුරු යාත්‍රා 30 කට අධික ප්‍රමාණයක්‌ විනාශ කිරීමට හා අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. තවද වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරියා වශයෙන් 1996 හා 1997 වසරවලදී ත්‍රස්‌තවාදීන් හා බිහිසුණු මුහුදු සටන්වලින් ජයග්‍රහණ 39 ක්‌ ලබාදීමට ඔහු සමත්ව ඇත.

ඔහුගේ සේවයෙන් වසර 15 කට අධික කාලයක්‌ ක්‍රියාන්විත ප්‍රදේශවල සහ එයින් වසර 8 කට වඩා අධික කාලයක්‌ නෞකා සහ යාත්‍රාවල මුහුදු සේවයේ යෙදී ඇත. වයිස්‌ අද්මිරාල් දිසානායක නාවික හමුදාවේ අධ්‍යක්‌ෂ ජෙනරාල් මෙහෙයුම් සහ අධ්‍යක්‌ෂ ජෙනරාල් සේවා වශයෙන් සේවය කර ඇති අතර දකුණු නාවික විධානය භාර ආඥපති වශයෙන්ද කටයුතු කර ඇත. ඊට ප්‍රථම අධ්‍යක්‌ෂ නාවික පරිපාලන, අධ්‍යක්‍ෂ නාවික පුද්ගල මෙන්ම අධ්‍යක්‍ෂ නාවික සුබසාධක වශයෙන්ද කටයුතු කර ඇති ඔහු ආරක්‌ෂක සේවා ක්‍රීඩා මණ්‌ඩලයෙහි ලේකම් සහ නාවික හමුදාවේ ක්‍රීඩා මණ්‌ඩලයේ ලේකම් යන ප්‍රධාන ක්‍රීඩා පරිපාලන තනතුරුද හොබවා ඇත.

ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර ජාතික ආරක්‌ෂක විද්‍යාලයේ උපාධිධාරියකු වන අතර මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්‌ෂක උපක්‍රම පිළිබඳ පළමු පෙළ විශිෂ්ට සාමාර්ථයක්‌ සහිතව දර්ශනසූරි උපාධිය ලබාගෙන ඇත. තවද මොහු කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලයේ යුද කළමනාකරණය පිළිබඳ විද්‍යාපති (ඵිජ (DS) සබ පටඑ) උපාධිධාරියෙකි. මීට අමතරව ඇමෙරිකාවේ හවායි හි ආසියා පැසිපික්‌ ආරක්‌ෂක අධ්‍යාපන කේන්ද්‍රයේ සහ වොෂින්ටන් හි ජාතික ආරක්‌ෂක විශ්වවිද්‍යාලයෙහි පාඨමාලා ලාභියෙකි.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් අතරින් පළමුවැනියා ලෙස තේරීපත් වී ඉන්දියාවේ නවදිල්ලියෙහි ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයෙහි ආරක්‌ෂක උපදේශක ලෙස වසර 03 යි මාස 06 කාලයක්‌ සේවය කළ වයිස්‌ අද්මිරාල් දිසානායක ඉන්දියානු රජයෙන් ආරක්‌ෂක උපකරණ මිලදී ගැනීම, "සයුර" නෞකාව මිලදී ගැනීම, දෙරට අතර ද්විපාර්ශ්වීය ආරක්‌ෂක සාකච්ඡා ආරම්භ කිරීම සහ දෙරට නාවික හමුදා මූලස්‌ථාන අතර සෘජු සම්බන්ධතා ඇති කර ගැනීම ආදියෙහි පුරෝගාමියා ලෙස කටයුතු කළේය.

4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරි වශයෙන් මුහුදු සටන් මෙහෙයවා නාවික හමුදාධිපති තනතුරට පත්වීමේ භාග්‍ය මුල්වරට හිමි වන්නේ වයිස්‌ අද්මිරාල් දිසානායකටය. මෙතෙක්‌ සිදුකර ඇති සියලුම ඒකාබද්ධ මෙහෙයුම්වලට ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇති මොහු ප්‍රධාන වශයෙන් වඩමාරච්චි, බලවේගය හා රිවිරැස මෙහෙයුම්වලට ක්‍රියාකාරීව දායක වී ඇත. එමෙන්ම මුලතිව් ගොඩබැසීමේ සහ චුන්ඩිකුලම් නාවික මෙහෙයුම්වල අණදෙන නිලධාරි ලෙසද කටයුතු කර ඇත.

වීරත්වය, රාජකාරියට ඇති කැපවීම සහ විවිධ අංශවල දක්‌ෂතා වෙනුවෙන් නාවික හමුදාපතිවරුන් විසින් ප්‍රදානය කරනු ලබන ප්‍රශංසාත්මක සහ සේවය ඇගයීමේ ලිපි වැඩිම ප්‍රමාණයක්‌ හිමිකර ගෙන ඇත්තේ වයිස්‌ අද්මිරාල් දිසානායක විසින්ය. යුද මෙහෙයුම්, යුද්ධය සඳහා යටිතල පහසුකම් දියුණු කිරීම, ඉදිකිරීම්, නිර්මාණශීලීත්වය, අධ්‍යාපනික ජයග්‍රහණයන්, කලා කුසලතා ඇතුළු විවිධ ක්‌ෂේත්‍රවල දැක්‌වූ දක්‌ෂතා සහ රජයේ අරමුණ ඉටුකර ගැනීම වෙනුවෙන් පරිත්‍යාගශීලීව අධිෂ්ඨාන පූර්වකව සහ කැපවීමකින් තම රාජකාරි කිරීම් සම්බන්ධයෙන් ඔහු මේ අයුරින් ප්‍රශංසා සහ ඇගයීම්වලට ලක්‌වී ඇත.

අප රටේ ප්‍රවීන කලාකරුවන් බිහිකළ පවුලකින් පැවත එන වයිස්‌ අද්මිරාල් දිසානායක කුසලතා පිරි සාහිත්‍යධරයකු වන අතර ප්‍රතිභා පූර්ණ කවියෙකු මෙන්ම ගීත රචකයෙකු ලෙසද කලා ලෝකයෙහි නමක්‌ දිනාගෙන ඇත.

නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වයිස්‌ අද්මිරාල් දිසානායක දිවයිනේ මධ්‍ය විද්‍යාල අතරින් බිහිවූ ප්‍රථම හමුදාපතිවරයා වීමේ භාග්‍ය උදාකර ගනී. එමෙන්ම ත්‍රිවිධ හමුදාවන්හිම ඉහළම හමුදා සාමාජික ප්‍රතිශතයක්‌ හිමිකර ගන්නා වයඹ පළාතෙන් බිහිවන ප්‍රථම හමුදාපති වීමේ ගෞරවය හිමි වන්නේද ඔහුටය.

1983 වසරේ දී නෙලුකා කමනි මෙනෙවිය හා විවාහ වූ ඔහුගේ දියණිය මධු සහ පුත් රුවනාර මේ වන විටත් උපාධිධරයන්ය.

මෙරට ප්‍රවීන සිනමාවේදියකු වන සෝමරත්න දිසානායක මහතාගේ සොහොයුරකු වන වයිස්‌ අද්මිරාල් සෝමතිලක දිසානායක ද දක්‌ෂ කලාකරුවකු ලෙස විවිධ කලා නිර්මාණ බිහි කරමින් සිය කලා කුසලතාව පෙන්වා ඇත.

ගමේ ඉපිද හැදී වැඩී ගමේම සිප් සතර හදාරා ගැමිකම හා ගැමි සුවඳ සමග නාවික හමුදාවට එක්‌වී එහි ඉහළම තැනට පැමිණියද කිසිදා තනතුරු නිල බලයෙන් බැබලීමට උත්සාහ නොදැරූ මෙම අභීත නාවික සෙන්පතියා දක්‌ෂ සාහිත්‍යවේදියකු ලෙස කලා ක්‌ෂේත්‍රයෙහිද නමක්‌ දිනා ගත්තේ ඔහු තුළ තිබෙන සහජ කලා කුසලතාව නිසාවෙනි.

ප්‍රතිභාපූර්ණ ගීත රචකයකු සහ කවියකු වන වයිස්‌ අද්මිරාල් දිසානායක රණශූරත්වය සහ කලාකාමීත්වය එකට එක්‌කළ සංවේදී මානව හිතවාදියකු ලෙස හමුදා ක්‌ෂේත්‍රයේ සහ කලා ක්‌ෂේත්‍රයේ ප්‍රකටය.

එසේ කලාකාමීත්වයත්, රණකාමීත්වයත් එකට එක්‌කර ගෙන සිය 33 වසරක නාවික හමුදා දිවියෙහි අත්දැකීම් ඔස්‌සේ නාවික හමුදාව නව මානයක්‌ කරා දියත් කිරීමට නායකත්වය නමැති හබල දෑතට ගත් මහා නැවියාට කුණාටු, සැඩ සුළං, ගල්පර බාධක පරයා යමින් නාවික හමුදාව නම්වූ යාත්‍රාව නිවැරැදි ඉසව්වක්‌ කරා පැදගෙන යැමට අවැසි ධෛර්ය හා ශක්‌තිය නිබඳ ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

inner_r6_c1.gif
 
Aug 10, 2010
347
11
0
ත‍ව ටික දවසකින් බන් මේගොල්ලන් රට දැය වෙනුවෙන් ‍මාඵ
අල්ලන්න ‍‍යයි

:lol::lol::lol: