ගමෙන් ඇහෙන කතා
එක ගමක හිටියා මල්ලි කෙනෙකුයි අක්කා කෙනෙකුයි.මල්ලිගේ ගෙදර තමයි අම්මා ජීවත් වුනේ.දවසක් මේ අම්මා කියනවා"පුතේ මට හෝටලේකින් කෑම වෙලක් කන්න ආසයි" කියලා.ඉතින් මේ පුතා අක්කට කතා කරලා කියනවා"අක්කේ අම්මා කියනවා ටවුනේ එකේ හෝටලේකින් කෑම වේලක් කන්න ආසයි කියලා.මේ සල්ලිත් අරන් ගිහින් අම්මට ටවුන් එකේ හොඳ හෝටලේකින් කෑම වේලක් අරන් දියන්".අක්කාත් සල්ලි අරන් අම්මත් එක්ක ටවුන් එකේ හෝටලේකට ගියා.අම්මත් හුඟක් වයසක ගෑණු කෙනෙක්.අක්කා දැන් අම්මට කෑම එකක් ගෙනත් දුන්නා කන්න කියලා.කෑම එක කාල ඉවර වුනාට පස්සේ අම්මා කියනවා "දුවේ මේ කෑම එකෙන් හරියට උඹ උයන කෑමවල රසමයි එන්නේ ".
ගෙදර ගිහින් පුතා එක්කත් මේ කතාවම අම්මා කියනවා.මොකද වෙලා තියෙන්නේ කියලා පුතාට තේරෙන්නේ පස්සේ.අක්කා තමන් දුන්න සල්ලි තියාගෙන ගෙදරින් කෑම එකක් උයාගෙන ගිහින් හෝටලේදි හොරෙන්ම අම්මාට ඒ කෑම එක කන්න දීලා.කොහොම දුවගේ වැඩ.අනේ මෙහෙමත් ගෑණු.
මේ ත්‍රෙඩ් එක ඕපන් කලේ ගමේ ගොඩේ අපිට ඇහෙන කතා ගැන කියන්න.
දුවගේ තන්හාව

උඹලගේ ගම්වල මේ වගේ සිද්ධි වෙලා තියෙනවා නම් ෂෙයා කරගනිල්ලා