ගමේදීම මහින්ද පැරදූ වීර‌යෙකි..!

R.Premadasa

Member
Jul 21, 2011
22
5
0
ගමේදීම මහින්ද පැරදූ වීර‌යෙකි..!

සජිත් ‌‌ද්‍රෝහියෙකු ‌නොව ගමේදීම මහින්ද පැරදූ වීර‌යෙකි..!
උදය ප්‍රභාත්ට මධුශංකගෙන් පිළිතුරක්


(ලංකා ඊ නිව්ස් -2019.සැප්.02, ප.ව.3.20) ලංකා ඊ නිව්ස් විසින් පසුගිය අගෝස්තු 31 දා පළ කළ "කෙටි පාරෙන් නායකත්වය ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස එජාප පාක්ෂිකයාට ‌ද්‍රෝහී වූ හැටි..!" මැයෙන් උදය ප්‍රභාත් පතිරණ මහතා ලියා තිබූ ලිපියට සජිත් ‌ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ‌ලේකම් මධුශංක අබේගුණවර්ධන මහතා විසින් පිළිතුරක් දී තිබේ. එය ‌පෙර ලිපියේ කරුණු වලට එක එල්ලේ ලබා දුන් පිළිතුරක් ‌නොවූවද ඔහු සජිත් ‌ප්‍රේමදාස මහතා පිළිබඳ ‌වෙනත් ගුණ අගයා තිබේ. ‌කෙසේ ‌වෙතත් ලංකා ඊ නිව්ස් සංවාදයට බඳුන් කළ එකී ලිපියට ප්‍රතිචාර දැක්වීම යහපත් ‌දෙයක් වන අතර පහත දැක්වෙන්නේ සම්පූර්ණ එකී ලිපියයි.

සජිත් ‌‌ද්‍රෝහියෙකු ‌නොව ගමේදීම මහින්ද පැරදූ වීර‌යෙකි..!
හම්බන්තොට අතීතයේ සිටම වාම වාදීන්ගේ බල කොටුවක් ලෙස ප්‍රකට වු දිස්ත්‍රික්කයකි. එ. ජා.පක්ෂයෙන් ඉවත්ව බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පාර්ලිමේන්තුවේ විපක්ශයේ අසුන්ගන්නා විට එතුමා ගේ සෙවණැල්ල වෙමින් එතුමා පසු පස ආවේ ඩී. ඒ. රාජපක්ෂ මැතිඳුන් බව කියැවේ. එබැවින් ශ්‍රිලනිප යේ උරුමය බණ්ඩාරනායකවරුන්ට මෙන්ම රාජපක්ෂලාටද හිමිය.

මහින්ද රාජපක්ෂ ලාබලතම මන්ත්‍රී වරයා ලෙස 1970 පාර්ලිමේන්තුවට එන්නේ බෙලිඅත්ත ආසනය ජය ගනිමිනි . එලෙස ඇරඹි ඔහුගේ ‌දේශපාලනය අවසන් වුයේ දෙවරක් රටේ විධායක ජනාධිපති වෙමිනි. අද ද ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ය.

සජිත් රාජපක්ෂලා පරාජය කළ හැටි..
එහෙත් ඒ සුවිසල් දේශපාලන පෞරුෂය 2000 මෙන්ම 2001 දී එවකට දේශපාලනයට ආධුනිකයෙක් වූ සජිත් ‌ප්‍රේමදාස විසින් පරාජය කරන ලදී. ඒ ‌මෙලෙස ය.

2000 වසරේ දී,

මහින්ද මනාප ඡන්ද 88726 ද, චමල් 66737 ද ලබා ගන්නා විට සජිත් මනාප ඡන්ද 98968 ගත්තේ ය.

අය්යා මලෝ දෙන්නාම එකට තියා පරද්දවන්න පුංචි සජිත් ට හැකි විය. එදා සජිත් ‌ප්‍රේමදාස මනාප ප්‍රතිශතයෙන් ලංකාවෙන්ම පළමුවැන්නා විය

2001 දී ත් එය එලෙසම සිදුවිය.

මහින්ද මනාප 81855 ක්ද, චමල් 48473 ගනිද්දී සජිත් 92536 ගෙන රාජපක්ෂලාට කපෝතියක් ගසා පෙන්වීය.

අද දිස්ත්‍රික්කය දිනා ගන්න බැරි යැයි සජිත් ට චෝදනා කරන රවී කරුණානායක මහතාට තමා ජීවත්වන කොළඹ දිස්ත්‍රික්කයේ ම කෝට්ටේ ආසනය දිනා දෙන්නට වසර 11 යනතුරු නොහැකි වු කල විලිලැජ්ජව වසා ගන්නට එජාපයෙන් ‌පොල්ලෙල්ලක් දැම්මත් දිනන නැගෙනහිර කොළඹ ඉල්ලා ගත්තේය

එලෙස අභියෝග හමුවේ පලාගොස් රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන් විසින් ශක්තිමත්ව පවුරුබැඳි කොළඹ නගර සභා බලකොටුවේ සිට එතුමාගේ සුජාත පුත්‍ර සජිත්ට වලකපන්නට මේ ‌දේශපාලකයා කටයුතු කිරීම ගැන අප පුදුම විය යුතු නැත. ඇතුලත්මුදලි පවුලේ කතාන්දරය එයට හොඳම සාක්ෂි සපයනු ඇත.

රනිල් චිචීගේ මඟුලේ ප්‍රධාන අරාධිතයා වෙද්දි, සජිත් ආරාධනාව ප්‍රතික්ෂේප කළා..
2004 දී අගමැති අපේක්ෂකයා ලෙසත් 2005 දී ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසත් මහින්ද වෙනුවෙන් යලි හම්බන්තොට මිනිස්සු රොද බැඳ ගත්හ. ඒ ගමේ එකා ජනාධිපති අගමැති වනු දැකීම කාගේත් අපේක්ෂාව වූ නිසාය. එහෙත් සජිත් හා දිලිප් සැමදා පාර්ලිමේන්තු යවන්න ද ඔවුන් අමතක ක‌ෙළේ නැත.

මහින්ද රජ වූ පසු යුවරජ වූ නාමල් , කතානායක චමල්, මන්ත්‍රිනි නිරූපමා, පලාත් ඇමැති DV උපුල් එක්ක සජිත් හැප්පුනුු හැටි හම්බන්තොට යූඇන්පී කාර‌යෝ හොඳ හැටි දනිති.

රාජපක්ෂලා සමග එක්වූ ජුලම්පිටියේ අමරේ, වම්බොට්ටා, චන්ඩි මල්ලි, චොකා මල්ලි ආදී මෙකී නොකී සියලු මැරයන් නිසා යූඇන්පී කාරයන් විඳි දුක් වේදනා දන්නේ සජිත් පමණි. එය කොළඹ කොල්ලුපිටියේ ශීත කාමරේ සැප ගන්නා නායකයින් දන්නේම නැත. දැන ගැනීමට වුවමනාවක්ද ඔවුන්ට නැත.

රනිල් චිචීගේ මඟුලේ ප්‍රධාන අරාධිතයා වෙද්දි, සජිත් ට කළ ආරාධනාව ප්‍රතික්‌ෂේප කරමින් මඟුලේ යෑමෙන් වැළකුණේ තමා ට හා එජාපය ට වැඩ කිරීමේ වරදට රාජපක්ෂලාගේ මැර බලකායන් විසින් කපා කොටා සදාකාලික අබ්බගාතයින් කරවූ මිනිසුන්ට පිටූ පා මගුල් කෑමට තරම් හිත හදා ගත නොහැකි බව කියා සිටිමිනි.

එලෙස බැලූ කල සජිත් ට පිය උරුමයෙන් ලබාගත හැකිව තිබූ මැද කොළඹ තහැර හම්බන්තොට යෑම ම නිර්භීතකමකි. කුහකයින් පහර ගසන්නේ ඒ නිර්භීත, නිර්මාණශීලී, ජනතාවාදී මිනිසාට ම ය.

මධුශංක අබේගුණවර්ධන විසිනි
(සංවාදය ඉදිරියටත් විවෘතයි)
 

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    2000 සහ 2001 මහින්ද කියන්නේ ඇත්තටම කම්කරු ඇමති කෙනෙක්.ඉතාම දුර්වල ඇමති කෙනෙක්. 2000 වෙනකොට චන්ද්‍රිකා පිරිහිලා ශ්‍රිලනිපය පිරිහිලා පු‍ටුව පිරිහිලා හිටපු කාලේ.පු‍ටුවේ චන්ද වලින් 40%k ජේවීපි එක ඩැහගෙන ඉවරයි,putuva එපා උනා කියලා මිනිස්සු අලියට කතිරේ ගැහුවේ නෑ,මොකද සජිත්ගේ තාත්තාගේ භීෂනය නිසා.ඒවා ඔක්කොම ජේවීපි එකට.ගියා.අන්තිමට පෙරමුන සහ යූන්පි ලක්ෂය ගානේ ගන්නකොට ජේවීපි පනස්දාහක් ගත්තා.
    ඒක නිසා සහ ප්‍රේමදාසගේ පුතා නිසා සජිත් ඉස්සරහින් ඉන්න ඇති.එහෙමනම් නාමල් කියන්නේ වයස 23ක කිසිම දේශපාලනයක් නොකරපු හුජ්ජ කොල්ලෙක් 2010.අඩුම ගානේ හබර කොලෙයක් තෙමෙන්න හුජ්ජ කරන්න බැරි එකෙක්.ඌටත් පැරදුන සජිත් දැන් ටෝක් දෙනවා.මොකද සජිත් කියන්නේ 2010 වසර පහලොවක අත් දැකීම් සහිත යූන්පි දෙවෙනි නායකයා.හැබයි නාමල් සහ සජිත් දෙන්නම ජනාධිපති පුතාලා.2015 ත් නාමල්ට පැරදුනා?
     
    Last edited:

    Similar threads