පසුගිය පළාත් පාලන ඡන්දයට දින දෙකක් තිබිය දී ජනාධිපති අනුර සම්බන්ධයෙන් කිසිදා ඔප්පු කළ නොහැකි අමූලික මඩ අවලාදයක් වීරයා සේ මාධ්‍ය ඉදිරියේ එල්ල කළ, ඉන්පසුව ඒ පිළිබඳ ඔහුට එරෙහිව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත පැය 7 ක ප්‍රකාශයක් දීමෙන් අනතුරුව මාධ්‍යයෙන් සැඟවී, දිය බරියෙකු සේ පැන ගිය, කුප්‍රකට දේශපාලන යටි කූට්ටුකාර නළුවකු වන තුසිත හල්ඔළුව නමැත්තා තමාට 'වෙඩි ප්‍රහාරයක් එල්ල වූවා' යැයි නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් පසුපස අසුනේ ගමන් කළ තුසිත හල්ලොලුව ට හෝ ඔහුගේ නීතිඥවරයා යැයි කියාගන්නා තවත් කුප්‍රකට නීලකාස කුමන්ත්‍රණකරුවෙකු වන දිනේෂ් දොඩන්ගොඩ නමැත්තා ට ද කිසිදු හානියක් සිදුව නැත. අඩුම ගණනේ රියැදුරුට ද කිසිවක් සිදුව නැත.
පුදුමය වන්නේ වෙඩි තැබූ පුද්ගලයන් තුසිත හල්ඔළුවට පහරදීමක් කළ බවත් පහරකෑමට ලක්වූ හල්ලොලුව රෝහල්ගත කර ඇති බවයි.
මෙම නාටකයේ වැදගත්ම කෑල්ල නම් වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව කියා සිටීමයි.
වෙඩි තැබූ පුද්ගලයන් පලාගොස් ඇතැයි කියයි.
දැන් හල්ඔළුවට සීඅයිඩියට කියන්නට ගැලවිල්ලට යමක් තිබේ. එනම් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔහු සතුව තිබූ සාක්කි ඇතුලත් ලිපි ගොනුව වෙඩික්කරුවන් විසින් පැහැර ගත් බවය. .
අපි නොදන්න චෙස්..!
කෙසේ වෙතත් හල්ඔළුව - දොඩංගොඩ නාටකය ගැන කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය (සීසීඩීය) පරීක්ෂන පවත්වයි.
මන්ත්‍රී චාමර සම්පත්ගේ බිරිඳගේ ද 'මාධ්‍ය ප්‍රකාශකයා' වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට සමහර විට තුසිත හල්ඔළුවගේ ද මාධ්‍ය ප්‍රකාශකයා වීමට බැරි කමක් නැත.
අසාර්ථක නාට්‍ය පිටපත..
ඔහුගේ පැමිණිල්ලට සහ පොලිස් ස්ථානීය පරීක්ෂනයට අනුව, කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී අද (17) රාත්‍රියේ වෙඩි තැබීම සිදුව තිබේ. ඔහු ගමන් කළ රථය පසු පස ආ යතුරුපැදි කරුවන් දෙදෙනෙක් රථය පසුකරමින් අහසට වෙඩි කිහිපයක් තබා පසුව රථය නතර කිරීමෙන් පසු ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනයේ වම් පසට වන්නට එක් වෙඩිල්ලක් තබා තිබේ. වම්පස ඉදිරිපස ආසනයේ කිසිවෙකු ගමන් කර නැත.රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් පසුපස අසුනේ ගමන් කළ තුසිත හල්ලොලුව ට හෝ ඔහුගේ නීතිඥවරයා යැයි කියාගන්නා තවත් කුප්‍රකට නීලකාස කුමන්ත්‍රණකරුවෙකු වන දිනේෂ් දොඩන්ගොඩ නමැත්තා ට ද කිසිදු හානියක් සිදුව නැත. අඩුම ගණනේ රියැදුරුට ද කිසිවක් සිදුව නැත.
පුදුමය වන්නේ වෙඩි තැබූ පුද්ගලයන් තුසිත හල්ඔළුවට පහරදීමක් කළ බවත් පහරකෑමට ලක්වූ හල්ලොලුව රෝහල්ගත කර ඇති බවයි.
මෙම නාටකයේ වැදගත්ම කෑල්ල නම් වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව කියා සිටීමයි.
වෙඩි තැබූ පුද්ගලයන් පලාගොස් ඇතැයි කියයි.
අපි නොදන්න චෙස්..!
මේ නාටකය සම්බන්ධයෙන් එක්තරා සමාජ මාධ්‍ය තිබූ කොමෙන්ටුවකින් සියල්ල පැහැලි කර දෙයි. එනම් "ඌ මැරිලා නම් පාතාලේ වැඩක්, මැරිලා නැත්නම් හල්ඔළුවගේම වැඩක්.."දැන් හල්ඔළුවට සීඅයිඩියට කියන්නට ගැලවිල්ලට යමක් තිබේ. එනම් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔහු සතුව තිබූ සාක්කි ඇතුලත් ලිපි ගොනුව වෙඩික්කරුවන් විසින් පැහැර ගත් බවය. .
අපි නොදන්න චෙස්..!
කෙසේ වෙතත් හල්ඔළුව - දොඩංගොඩ නාටකය ගැන කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය (සීසීඩීය) පරීක්ෂන පවත්වයි.
පරීක්ෂන කළ යුත්තේ මොනවාද?
සීඅයිඩිය හෝ සීසීඩීය සෙවිය යුත්තේ හල්ඔළුවගේ ප්‍රකාශ ගැන නොව, රබර් සෙරෙප්පු දෙකක් පැළැඳ කොළඹට සේන්දු වූ දුප්පතෙකු වූ හල්ඔළුව, කිසිදු ලියාපදිංචි ව්‍යාපාරයක් නොකර, ආණ්ඩු වල විවිධ දේශපාලන තනතුරු දරමින්, ඉතා කෙටි කලක දී උපයා ඇති අති මහත් ධනය සහ දේපොල ඔහු උපයා ගත්තේ කෙසේ ද යන්න ගැන 'අපරාධයකින් උත්පාදිත දේපොළ පිළිබඳ නීතිය' යටතේ පරීක්ෂන කළ යුතු ය.මන්ත්‍රී චාමර සම්පත්ගේ බිරිඳගේ ද 'මාධ්‍ය ප්‍රකාශකයා' වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට සමහර විට තුසිත හල්ඔළුවගේ ද මාධ්‍ය ප්‍රකාශකයා වීමට බැරි කමක් නැත.