ගමේ පාක්‍ෂිකයාට මහින්දගෙන් තොර ලෝකයක් නෑ

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ගමේ පාක්‍ෂිකයාට මහින්දගෙන් තොර ලෝකයක් නෑ

    ගමේ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයා තවමත් සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ කියන සත්‍ය අකමැත්තෙන් වුවත් අපිට පිළිගන්නට සිදුවන බව බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
    ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු තාමත් මහින්ද මහතා සමඟ සිටියත් ඔවුන් අපි සමඟ සහයෝගයෙන් වැඩ කරනවා යෑයි ද හෙතෙම කීය.
    ගමේ මිනිස්‌සු තාම මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් තොරව හිත හදාගන්න කැමති නැහැ යෑයි ද හෙතෙම ප්‍රධාන ඇමැති කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයේ (24 දා) පැවසීය.
    එදා මැයි දිනයේදී ගාල්ලට පැමිණියෙත් කිරුළපනට පැමිණියේත් ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් බවද දෙගොල්ලොම එකතු වුවහොත් තුනෙන් දෙකක බලයකින් ජයගත හැකි බවද කී මහ ඇමැතිවරයා ඉදිරියේදී අපි සියලු දෙනාම එකතු වී මැතිවරණයට මුහුණ දෙන බවද කියා සිටියේය.
    වැඩි කාලයක්‌ යාමට පෙර ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌වන බවද දේවප්‍රිය මහතා පැවසීය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉරුසු දේවප්‍රියට ටික ටික ඇත්ත තේරෙන්ඩ පටන් අරන්, එක්කො සිරා ගියපාර කරා වගේ ආයෙ ඇන්දීමකට උස්සහ කරන්නෙ,කොහොමත් මහින්ද මේ පාර වෙනම පක්ශෙකින් ප්‍රාදේශීය සබා තරග කරන්නෙ එතකොට සිරාගෙ සෙට් එකට තව තේරෙයි.:lol::lol::)
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    chandeyak lan wenakota tika tika mahindage paththata enawa. payin gahala elavanna ona okun