ගරා වැටුණු ස්වර්ණමාලි මහා සෑය යළි ගොඩ නැඟූ හැටි

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com

    අප රටේ මහා පූජනීය ස්ථුපය ලෙසින් සලකන්නේ ස්වර්ණමාලි මහා සෑය යි. ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කර එම මහා ස්ථුපය ඉදි කර තිබෙනවා. මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණු කකුසඳ, කෝණාගම, කාශ්‍යප, සහ ගෞතම යන බුදුවරුන් සිවුදෙනා ම රහතන්වහන්සේ රැසක් පිරිවරා ගෙන වර්තමානයේ ස්වර්ණමාලි මහා සෑය ඉදිකර තිබෙන භූමියට වැඩම කර තිබෙන බව මහාවංසයේ සඳහන් වනවා. එනිසා ලංකාවේ බෞද්ධ ජනයා මහත් භක්තියෙන් යුතු ව ස්වර්ණමාලි මහා සෑය වැඳ පුදා ගැනීමට පුරුදු ව සිටිනවා.

    ක්‍රිස්තු පූර්ව 161-137 කාල සමයේ දී අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජතුමා මෙම ස්ථුපය සෑදීමේ කටයුතු ආරම්භ කළා. නමුත් ස්ථුපයේ වැඩ සම්පූර්ණයෙන් ම අවසන් වුණේ සද්ධාතිස්ස රජුගේ කාලයේ දී යි. එදා සිට අනුරාධපුරය පාලනය කළ රජවරුන් බොහෝමයක් මෙම පූජනීය ස්ථුපයට ඉහළින් ම පුද සත්කාර කළා. පොළොන්නරුවේ රජකම් කළ රජවරුන් ද මෙම සෑය පණ සේ ආරක්ෂා කළා. නමුත් ක්‍රිස්තු වර්ෂ 1215 දී මාඝ නම් කාලිංග වංශික ආක්‍රමණිකයා පොළොන්නරුවේ බලය අල්ලා ගැනීමෙන් පසු මෙරට රාජධානි නිරිතදිග ප්‍රදේශවලට සංක්‍රමණය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රමයෙන් රජරට වල් බිහිවුණා. ඒ සමඟ ම එහි තිබුණු පූජනීය ස්ථාන ද වනාන්තරවලින් වැසී ගියා.

    19 වන සියවසේ මුල් භාගයේ දී මුළු ලංකාව ම බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත්වුණා. අනතුරු ව මෙහි පැමිණි ඇතැම් බ්‍රිතාන්‍ය සංචාරකයන් පුරාණ නගරවල සැරිසරමින් ඒවායේ පුරාවස්තු පිළිබඳ යම්කිසි අධ්‍යයනයක යෙදෙන්නට වුණා. අනුරාධපුරයේ සංචාරය කළ සුදු ජාතිකයකු වුණු ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් සිය වාර්තාවක දක්වා තිබුණේ 1830 වර්ෂය වන විට, ගරාවැටීම නිසා ස්වර්ණමාලි මහා සෑයේ උස අඩි 189 දක්වා අඩුව තිබුණු බව යි. 1850 වසරේ දී ඔහු නිකුත් කළ වාර්තාවක සඳහන් වුණේ, ඒ වන විට ස්ථුපයේ උස අඩි 150ක් දක්වා අඩුව තිබුණු බව යි.

    ඒ අයුරින් විනාශයට පත්වෙමින් තිබුණු ස්වර්ණමාලි මහා සෑය යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මුල්වුණේ නාරංවිට සුමනසාර ස්වාමීන්වහන්සේ යි. එදා සුමනසාර හිමියන් අනුරාධපුරයේ නැවතී සිටිමින් ස්වර්ණමාලි මහා සෑය යළි ගොඩනැගීම සඳහා කටයුතු කළේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ යි. ඇතැම් අවස්ථාවල දී පැමිණි බාධක හමුවේ නොසැලුණු උන්වහන්සේ ස්ථීර අධිෂ්ඨානයකින් ස්වර්ණමාලි මහා සෑය යළි ගොඩනැගීමේ කාර්යයට උර දුන්නා. මේ කියන්නට යන්නේ නාරංවිට සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් ස්වර්ණමාලි මහා සෑය යළි ගොඩනැඟීම පිළිබඳ කතා පුවත යි.

    පැවිදි දිවියට ඇතුළත් වුණු ආකාරය

    ගම්පොළ නාරංවිට ගමේ උපත ලැබූ නාරංවිට සුමනසාර හිමියන් කුඩා කාලයේ දී මනංචි රේන්දරාළ නම් තැනැත්තාගේ ගැල් කණ්ඩායම සමග හොර රහසේ ම මීගමුවට ගොස් තිබෙනවා. එකල මනංචි රේන්දරාළගේ රැකියාව වුණේ ගැල්වලින් ගොස් කෝපි එකතු අලෙවි කිරීම යි. ඒ අයුරින් මීගමුවට පැමිණි නාඳුනන කුඩා දරුවා රැක බලා ගත්තේ රද්දොළුව ලංසියාවාඩියේ ජීවත් ව සිටි ජුසේ ආරච්චි නම් පුද්ගලයෙක්. ජුසේ ආරච්චි ළඟ හැදී වැඩුණු දරුවා අකුරු ඉගෙනීමට ගියේ රද්දොළුව පන්සලට යි. එකල රද්දොළුව සුබෝධාරාමාධිපතිව සිටි සෝමානන්ද හිමියන් කුඩා දරුවාගේ හේතු සම්පත් සහිත අංග ලක්ෂණ දැක ඔහු නාරංවිට සුමනසාර යන නමින් පැවිදි දිවියට ඇතුළත් කර ගත්තා. එහි දී සුමනසාර හිමියන් පැවිදි දිවියට ඇතුළත් වුණේ රාමඤ්ඤ නිකායට අයත් හිමි නමක් ලෙස යි.

    අනුරාධපුරයට ගිය චාරිකාව

    1871 වසරේ අග භාගයේ දී නාරංවිට සුමනසාර හිමියන් ගමේ කොළු ගැටයන් පිරිසක් සමඟ අනුරාධපුරය වැඳ පුදා ගන්නට ගියා. එම කාල වකවානුව වන විට අනුරාධපුර පූජා නගරයේ බොහෝ ප්‍රදේශ වනාන්තරයෙන් වැසී තිබුණා. පෙර රජදරුවන් අතින් නිර්මාණය වුණු සිද්ධස්ථානත් බොහෝමයක් ගරා වැටී තිබුණා. එදා තරුණ සුමනසාර හිමියන් තරුණ පිරිසට එක් එක් සිද්ධස්ථානය පෙන්වමින් ස්වර්ණමාලි මහා සෑය සමීපයට පැමිණියා.

    ඒ වන විට ස්වර්ණමාලි මහා සෑය ගරා වැටී දැඩි ලෙස විනාශයට පත් ව තිබුණා. ඊට දශක 2කට පමණ පෙර භික්ෂූන් වහන්සේලා කිහිපදෙනකුගේ මැදිහත්වීමෙන් මහා සෑය යළි ගොඩ නැඟීමට උත්සාහයක යෙදී තිබුණත් එය සාර්ථක වී තිබුණේ නැහැ. ඒ අයුරින් විනාශ වී ගොස් තිබුණු මහා සෑය ළඟට ගිය සුමනසාර හිමියන් දැඩි ලෙස සංවේගයට පත්වුණා. එදා උන්වහන්සේ එම පුදබිමෙන් නික් ම ගියේ නුදුරු අනාගතයේ දී මහා සෑය යළි ගොඩනඟන බවට අධිෂ්ඨානයක් ඇති කර ගනිමින්.

    අභියෝග ජයගනිමින් සංරක්ෂණ කටයුතු අරඹයි

    පළමු වරට ස්වර්ණමාලි සෑය වැඳ පුදා ගැනීමෙන් මාස 3කට පසු ව යළි අනුරාධපුරයට වැඩම කළ සුමනසාර හිමියන් එවකට අටමස්ථානාධිපති ව වැඩ විසූ ශ්‍රී සුමන ධම්මරක්ඛිත හිමියන් හමුවුණා.ස්වර්ණමාලි මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා ඉන් පසුව අවසර ඉල්ලා සිටියා. එකල අටමස්ථානය සියම් නිකායට අයත් වීමත්, සුමනසාර හිමියන් රාමඤ්ඤ නිකායට අයත් වීමත් නිසා සංරක්ෂණ කටයුතු සඳහා අවසරයක් ලැබුණේ නැහැ. නමුත් අටමස්ථානාධිපති හිමියන්, සුමනසාර හිමියන්ට එක් අවස්ථාවක් ලබා දුන්නා.

    ඒ උපැවිදිව සියම් නිකායේ භික්ෂුවක් ලෙසින් පැවිදි වී උපසම්පදාව ලබා ගතහොත් ස්වර්ණමාලි මහා සෑයේ භාරකාරත්වය ලබාදිය හැකි බව යි. එදා මහා සෑය වෙනුවෙන් රාමඤ්ඤ නිකාය අත්හැරි සුමනසාර හිමියන් උපැවිදි වුණා. ඉන් පසුව ගිහියකු ලෙසින් මල්වතු විහාරයට ගොස් පැවිදි වී උපසම්පදාව ලබා ගත්තා. එලෙස සියම් නිකායට එකතු වුණු සුමනසාර හිමියන් ටික දිනකින් අටමස්ථානාධිපති හිමියන් බැහැ දැකීමට ගියා. ඉන් පසුව උන්වහන්සේ සුමනසාර හිමියන්ට මහා සෑයේ භාරකාරත්වය ලබා දුන්නා. ඒ අනුව 1872 වසරේ දී මහා සෑයේ සංරක්ෂණ කටයුතු ආරම්භ වුණා.

    මහ වන මැද ගත කළ දුෂ්කර ජීවිතය
    මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යයට සහාය දීම සඳහා තරුණයන් කිහිප දෙනකු සුමනසාර හිමියන් සමඟ එකතු වුණා. එම තරුණයන් පොල් අතුවලින් ආවරණය කළ පැල් කොටයක් මහා සෑය අසලින් අටවා එහි නවාතැන් ගත්තා. එසේ ම ඔවුන් සුමනසාර හිමියන්ටත් වෙන ම පොල් අතු කුටියක් සාදා දුන්නා. එකල වන සිවුපාවුන්ගෙන් සහ මැසි මදුරුවන්ගෙන් ගහන ව පැවති එම ප්‍රදේශය තුළ වාසය කිරීම ලෙහෙසි පහසු වුණේ නැහැ.

    මුල් සති කිහිපයේ දී ආහාර සකස් කර ගැනීමත් දුෂ්කර කාර්යයක් වුණා. එම අභියෝග හමුවේ නොසැලුණු සුමනසාර හිමියන් ඇතුළු පිරිස මහා සෑයේ සංරක්ෂණ කටයුතු කරගෙන ගියා. ටික කලක් ගතවන විට අසල ප්‍රදේශවල ජීවත් වුණු ගැමියන් නිතර ම අල බතල, කුරක්කන්, මෙනේරි වැනි දේ ගෙනැවිත් සුමනසාර හිමියන්ට පූජා කළා. එනිසා ආහාර සොයාගැනීමේ දුෂ්කරතාව ටිකෙන් ටික නැති වී ගියා.

    සංරක්ෂණ වැඩවලට ආධාර උපකාර හිමිවෙයි
    සංරක්ෂණ වැඩවල නිරත ව සිටි තරුණ පිරිස දිය නෑම සඳහා එක්තරා දිනයක අසල තිබුණු දොළ පහරක් වෙත ගියා. එනිසා සුමනසාර හිමියන් තනිව ම සිය කුටියේ වැඩ සිටියා. ඒ මොහොතේ මහා සෑය නැරඹීම සඳහා විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා පැමිණියා. එම අවස්ථාවේ දී පොල් අතු කුටිය අසලින් ඇසුණු ශබ්දය නිසා කලබලයට පත්වුණු ආණ්ඩුකාරවරයා සිය තුවක්කුව මානාගෙන ඒ දෙසට ගියේ වෙඩි තැබීම සඳහා යි. එන පොට හොඳ නැති බව සුමනසාර හිමියන්ට ඒත්තු ගිය නිසා උන්වහන්සේ මහ හඬින් කෑගැසුවා. එවිට ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා තුවක්කුව පහත දමා සුමනසාර හිමියන් ළඟට ගියා. එම අවස්ථාවේ දී සුමනසාර හිමියන් සහ ආණ්ඩුකාරවරයා අතර පහත ආකාරයේ කතාබහක් සිදුවුණා.

    ආණ්ඩුකාරවරයා: උඹ තනියම මේ මූකලානට වෙලා මොකද කරන්නෙ?

    සුමනසාර හිමි: මං මෙතනට තව කට්ටියක් එක්ක ඇවිල්ල නතර වෙලා ඉන්නෙ මහා සෑය සංරක්ෂණය කරන වැඩවලට. අපි තවම මේක කරන්න පටන් අරන් මාස කිහිපයක් විතරයි ගෙවුණෙ.

    ආණ්ඩුකාරවරයා: “උඹලාගේ ආගමේ නැවත උපදින බව කියා තියනවා නේද? උඹ හත් පාරක් ඉපදුණත් ඔය වැඩේ කරන්න පුළුවන්ද?. මං නම් හිතන්නෙ නැහැ ඕක ලෙහෙසියෙන් කරන්න පුළුවන් වැඩක් කියල.

    ග්‍රෙගරි ආණ්ඩුකාරයා සහ සුමනසාර හිමියන් අතර එදා ඇතිවුණු කතාබහෙන් පසුව සුමනසාර හිමියන් විශාල අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා. ඒ කෙසේ හෝ මහා සෑය ගොඩනැඟීම සඳහා යි. එදා සුමනසාර හිමියන් ඇතුළු පිරිසේ අප්‍රතිහත ධෛර්යය නිසා වසර 3ක පමණ කාලයක් ගත වෙද්දී සංරක්ෂණ කටයුතුවල විශාල දියුණුවක් දක්නට ලැබුණා. ඒ අයුරින් මහා සෑයේ සංරක්ෂණ කටයුතු සාර්ථක ව සිදු වෙමින් පවතිද්දී ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා මහා සෑය බැලීමට යළිත් වරක් පැමිණියා.

    එදා ආණ්ඩුකාරවරයා මහා සෑයේ සංරක්ෂණ කටයුතු සාර්ථක වී තිබෙන ආකාරය දැක පුදුමයට පත්වුණා. ඉන් පසුව ඔහු, සුමනසාර හිමියන් ළඟට ගොස් “උඹ නම් නියම සිංහලයෙක්” යනුවෙන් පවසා සංරක්ෂණ කටයුතු කරගෙන යාම සඳහා රුපියල් 1000ක ආධාර මුදලක් ලබා දුන් බව පැවසෙනවා. සුමනසාර හිමියන් පිළිබඳ ඇතිවුණු පැහැදීම නිසා ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා මහා සෑයේ සංරක්ෂණ කටයුතු සාර්ථක ව සිදුවෙමින් පවතින බව ප්‍රචාරය කළා. එය අසා සතුටට පත්වුණු මෙරට සිටි ප්‍රභූවරුන් එම කටයුතුවලට හැකි අයුරින් ආධාර කළා. එයට පසුකලෙක ඉන්දියාවෙන් සහ බුරුමයෙන් ද මුදල් ආධාර ලැබුණා.

    ස්වර්ණමාලි චෛත්‍ය වර්ධන සමිතිය බිහිවීම
    විවිධ දුෂ්කරතා මධ්‍යයේ කරගෙන ගිය මහා සෑයේ වැඩ කටයුතුවලට මුදල් සහ ශ්‍රම ආධාර වැඩි වැඩියෙන් ලැබෙන්නට පටන් ගත්තා. එනිසා සංරක්ෂණ කටයුතු ඉක්මනින් කරගෙන යාමට හැකිවුණා. 1885 දී මහා සෑයේ නාය යෑමක් සිදුවුණා. ඉන් නොසැලුණු සුමනසාර හිමියන් හොඳ ම ඉංජිනේරුවන්ගෙන් උපදෙස් ලබා ගෙන සෑයේ සංරක්ෂණ කටයුතු දිගට ම කර ගෙන ගියා.

    එනිසා 1902 වසර වෙද්දී මහා සෑයේ ඉදිකිරීම් කටයුතුවලින් සැලකිය යුතු කොටසක් අවසන් වී තිබුණා. එම කාලය වන විට සෑයේ වැඩවලට ලැබුණු පෞද්ගලික පරිත්‍යාග ප්‍රමාණය අඩුවෙමින් පැවතුණා. එනිසා 1902 වසරේ දී ස්වර්ණමාලි චෛත්‍ය වර්ධන සමිතිය ආරම්භ කළේ සෑයේ වැඩ කටයුතු කරගෙන යාමට මුදල් රැස්කිරීමේ අරමුණ ඇතිව යි. එහි සභාපතිවරයා බවට පත්වුණු බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර කැපවීමෙන් වැඩ කරමින් සුමනසාර හිමියන්ට සිය උපරිම සහාය ලබා දුන්නා.

    අර්බුද රැසක් මැද මහා සෑය ගොඩනැගෙයි

    1910 වසර පමණ වන විට ස්වර්ණමාලි චෛත්‍ය වර්ධන සමිතියේ ක්‍රියාකාරීත්වය ඇණ හිටියා. එනිසා යළිත් වරක් මහා සෑය ගරාවැටීමේ අවදානමකට ලක්වුණා. එම අවස්ථාවේ දී කටුනායක ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරාගේ මැදිහත්වීමෙන් චෛත්‍ය වර්ධන සමිතිය යළි සක්‍රීය තත්ත්වයට පත්වුණා. ඉන් පසුව මහා සෑයේ ඉදිකිරීම් සඳහා ආධාර මුදල් වැඩි වැඩියෙන් ලැබෙන්නට ගත්තා. එහි දී ලක්ෂ දෙකහමාරක් පූජා කළ අකුරැස්සේ දොන් හෙන්ද්‍රික් සිටුගේ අමතක කරන්නට බැහැ.

    ඒ අයුරින් ලැබුණු ආධාරවලින් මහා සෑයේ වැඩ කටයුතු සිදුවෙද්දී නාරංවිට සුමනසාර හිමියන් අපවත් වුණා. 1921 වසරේ දී සිදුවුණු උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව ස්තූපයේ වැඩ කටයුතු කරගෙන යාමේ වගකීම උදුරුව හල්මිල්ලෑවේ රේවත් හිමියන්ට පැවරුණා. 1935 වසරේ දී රන්සිරිනෙල් පෙරේරා අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ බෑණනුවන් වුණු ඒබරං එදිරිසිංහ එතැන් සිට මහා සෑයේ ඉදිකිරීමේ වැඩ කටයුතුවලට දායකත්වය ලබා දුන්නා.

    ස්වර්ණමාලි මහා සෑය විවෘත කිරීම

    මහා සෑයේ පිත්තල කොත් වහන්සේ නිර්මාණය කිරීම පිළිමතලාවේ දී සිදුවුණා. ඒ අයුරින් නිර්මාණය කළ කොත් කැරැල්ල බරින් ටොන් 6ක් පමණ වෙද්දී උසින් අඩි 26ක් තරම් විශාල වුණා. ඉදිකිරීමෙන් පසුව කොළඹට ගෙන ආ කොත්වහන්සේගේ රන් ආලේප කිරීමට මාස තුනක කාලයක් ගතවුණු බව පැවසෙනවා. රන් ආලේප කිරීමෙන් පසුව එය ජනතාවට වන්දනාමාන කිරීම සඳහා ඇවරිවත්ත සුමිත්‍රාරාමයේ තැන්පත් කර තිබුණා.
     

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    මහත් පරිශ්‍රමයක් යොදා යළි ගොඩනැංවූ මහා සෑයට චූඩා මාණික්‍යයක් සපයා ගැනීම ඊළඟ ගැටලුව බවට පත්වුණා. එවකට ලංකාවේ වාසය කළ බුරුම හිමි නමක් වුණු විනයාලංකාර හිමි ඒ සඳහා මැදිහත් වුණා. 1938 වසරේ දී බුරුමයට වැඩම කළ විනයාලංකාර හිමියන් රුපියල් 6000 ක් පමණ වටිනා පළිඟුවක් රැගෙන නැවතත් ලංකාවට වැඩම කළා. නමුත් එම පළිඟුව ඔප මට්ටම් කර චූඩා මාණික්‍යයක් සේ සකස් කිරීමට දන්නා කෙනකු එකල මෙරටින් හමුවුණේ නැහැ. ඉන් අනතුරුව බුරුම රටට යළි වැඩම කළ විනයාලංකාර හිමියන් එම පළිඟුවෙන් චූඩා මාණික්‍යයක් කප්පවනු ලැබුවත් එය අවශ්‍ය ප්‍රමාණයට තිබුණේ නැහැ. එනිසා උන්වහන්සේ පළිඟුවක් සොයමින් බුරුමය පුරා යළි සැරිසැරුවා.

    ඒ අයුරින් උන්වහන්සේ බුරුමය පුරා සැරිසරමින් සිටියදී කිසිදා හමු නොවුණු ආකාරයේ පළිඟුවක් එරටින් හමු වුණා. රුපියල් 8000ක පමණ වටිනාකමකින් යුත් එම පළිඟුව විනයාලංකාර හිමියන්ට නොමිලේ ම ලැබුණා. ඉන් පසුව එම පලිඟුවෙන් කැපූ චූඩා මාණික්‍ය උසින් අඟල් 18ක්, බරින් රාත්තල් 12 ½ ක් පමණ වුණා.චූඩාමාණික්‍ය තැබීමට සැකසූ ස්වර්ණමය පාදමේ උස අඟල් 13ක් පමණ වුණා. එයට රන් රාත්තල් 12ක්ද, රිදී රාත්තල් 152ක්ද යොදා ගෙන තිබුණා. එසේම එහි මැණික් ගල් 4796ක් අඩංගු වුණා.

    1940 ජූනි 10 වැනිදා චූඩා මාණික්‍ය බුරුම රටෙන් ලංකාවට වැඩම කළා. 1940 ජූනි 15 වැනිදා කොත පැළඳවීම සිදුවුණා. 1940 ජූනි 17 වැනිදා උදෑසන 8.50ට යෙදුණු සුබ මොහොතින් චූඩා මාණික්‍යය පැළඳවීම සිදු කෙරුණා. 1940 ජූනි 19 වැනිදාට යෙදී තිබුණු පොසොන් පොහොය දිනයේ දී ස්වර්ණමාලි මහා සෑය යළි විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණා.

    උදුරුව හල්මිල්ලෑවේ රේවත හිමියන්, විනයාලංකාර හිමියන්, බද්දේගම පියරතන හිමියන් එක් ව එම උත්සවය සංවිධානය කළා. එදා දහස් සංඛ්‍යාත ජනකායක් ඉදිරියේ පැවති එම උත්සවයට සර් ඩී.බී ජයතිලක සහ ඩී.එස් සේනානායක යන දේශපාලන නායකයන් ද සහභාගි වී තිබුණා. ඒ අනුව නාරංවිට සුමනසාර හිමියන් දුටු සිහිනය බොහෝ දෙනකුගේ කැපකිරීම් නිසා වසර 68කට පසුව සැබෑ කර ගැනීමට හැකිවුණා.

    උපුටා ගැනිමකි..
    මුල් හිමිකරුට ස්තුතිය 🌹
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට මතක්වෙනවා සැදැහැවතුනී කිරියේ එකෙක් රුවන්වැලි සෑයේ පැල්මක් තියෙනවා කියලා ත්‍රෙඩ් එකක් දාල කලු කොට සැදහැවත්තු බුද්දෝන්මාදයෙන් හාගෙන හාගෙන යනකොට ඔය ෆොටෝ ටික දාලා එක පොදියට ළිඳේ දැම්මා. උන් හිතන් හිටියේ දැන් තියෙන්නේ දුටුගැමුණු රජු ඒ කාළේ හදපු චෛත්‍යය කියලා 🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,281
    113
    34
    Kalutara
    සිංහලු එතකොට ඕක ගරා වැටුන කාලෙත් දැනගෙන තිබ්බද මේක තමා රුවන්වැලි සෑය කියන්නේ කියල? නැත්තන් වෙන මොකක් හරි පන්සලක් කියල හිතාගෙන වැන්දද? 🤔
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මේ කියන්නේ මොකක්ද ?
    ```මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණු කකුසඳ, කෝණාගම, කාශ්‍යප, සහ ගෞතම යන බුදුවරුන් සිවුදෙනා ම රහතන්වහන්සේ රැසක් පිරිවරා ගෙන වර්තමානයේ ස්වර්ණමාලි මහා සෑය ඉදිකර තිබෙන භූමියට වැඩම කර තිබෙන බව මහාවංසයේ සඳහන් වනවා.```
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    එතකොට දුටුගැමුණු ඕක හදපු කාලේ කොහොමද තිබ්බේ දැන් වගේමද? ඉවර කරගන්න බැරිවුණා නිසා සුදු රෙදි වලින් වැහුවා කියන්නේ
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    සිංහලු එතකොට ඕක ගරා වැටුන කාලෙත් දැනගෙන තිබ්බද මේක තමා රුවන්වැලි සෑය කියන්නේ කියල? නැත්තන් වෙන මොකක් හරි පන්සලක් කියල හිතාගෙන වැන්දද? 🤔
    Dannawa athi oya saya gana issara idala hamoma dannawane
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    සිංහලු එතකොට ඕක ගරා වැටුන කාලෙත් දැනගෙන තිබ්බද මේක තමා රුවන්වැලි සෑය කියන්නේ කියල? නැත්තන් වෙන මොකක් හරි පන්සලක් කියල හිතාගෙන වැන්දද? 🤔
    ඔව් වන්දනාවේ ගිහින් තියෙනවා කට්ටිය. අත ඇරලා දාලා තිබ්බ තැනක් නෙවෙයි. ප්‍රතිසංස්කරණය කරේ නැති ඒක විතරයි.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,758
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් වන්දනාවේ ගිහින් තියෙනවා කට්ටිය. අත ඇරලා දාලා තිබ්බ තැනක් නෙවෙයි. ප්‍රතිසංස්කරණය කරේ නැති ඒක විතරයි.
    Awrudu 68 gihin neda wedeta?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    එතකොට දුටුගැමුණු ඕක හදපු කාලේ කොහොමද තිබ්බේ දැන් වගේමද? ඉවර කරගන්න බැරිවුණා නිසා සුදු රෙදි වලින් වැහුවා කියන්නේ
    E kale thiyennathi dan wagema more or less. Awrudu 2000 k thisse abandoned gadol walin hadapu masonry structure ekak awwata wessata expose unama kohomath pas kandak wela yanawane
     

    Similar threads