ඥානසාර පොඩි තැනගේ කතා වස්තුව
ඥානසාර පොඩි තැන රාජගිරිය, සුදර්ශනාරාමයට පැමිණෙන්නේ කොළොන්තොට පිළිබදව මෙලෝ හසරක් නොමැතිවය. උසස් අධ්‍යාපනය ලබැගැනීම සදහා ගාල්ලේ සිට පැමිණෙන ඥානසාර පොඩි තැන සහ තවත් සහෝදර හිමිනමකට නේවාසික පහසුකම් දෙන්නේ උළුවිටිකේ විමලඥාන හිමියන් විසින්ය.
(ඒ හිමියන් මේ වන විට උපැවිදිව ඇත.) කෙසේ නමුත් කල් යත්ම උළුවිටිකේ විමලඥාන හිමියන් ඥානසාර පොඩි තැන හා අනෙක් සහෝදර හිමිනම නාවල නගර සභාවට ඔබ්බෙන් පිහිටි කුණු ඇළ අසල ඇති සුදර්ශනාරාමයට අයත් ඉඩමක් වෙත යවන්නේ ඒ වන විටත් එම ඉඩම ගරාජයක් කිරීම සදහා බද්දට දී බදුකාල සීමාව ඉක්මවා ගියත් එම ස්ථානයෙන් ගරාජ් හිමියා නොයාම හේතුවෙන් ඔහු එළවා දැමීම සදහා මෙම දෙනමගේ මැදිහත්වීම බලාපොරෙත්තුවෙනි.
කෙසේ නමුත් අසල කුඩා කාමරයක ලැගුම් ගන්නා මේ හිමිවරු දෙනම විසින් නොබෝ දිනකින් එම ස්ථානය මත්පැන් සාජ්ජ සඳහා තිප්පොළක් කර ගන්නා අතරේ ඒ අසල තිබුණු බෝරුක බෝධිපුජා පවත්වන ස්ථානයක් බවට පත්කොට ගත්හ.
ඥානසාර පොඩි තැන කවි කීමෙහි හා බෝධිපුජා පැවැත්වීමෙහි දක්ෂයෙක් වූ අතර එම දක්ෂතාවය හේතුවෙන් නොබෝ දිනකින් මත්පැන් බොන ස්ථානය යටපත් කොට බෝධිපුජා පවත්වන ජනප්‍රිය විහාරස්ථානයක් බවට එම ස්ථානය පත්කොට ගැනීමට මේ පොඩි තැනට හැකි වනුයේ එම ස්ථානය වෙත අවට උවැසි උවසුවෝ දාන මානාදී නොයෙක් දෑ ප්‍රසම්පාදනය කළ බැවිනි. එහෙත් විටෙන් විට මත් පැන් බෝතලයක් දෙකක් මේ ස්ථානයේ නොකැඩුනේ නොවේ. එවැනි අවස්ථාවන්හි සූර් වූ හිමිවරු ගීත ගායනා කිරීම් ද අවට බොහෝ හුදී ජනයාගේ කනටද වැකුණේය.
කෙසේ නමුත් ලෑලී මඩුවක්ව පැවැති නාවල මෙම බෝධිපුජා ස්ථානයෙන් උළුවිටිකේ හිමියන්ට අවශ්‍යව තිබූ කරුණ ඉටු කිරීමට ඥානසාර පොඩි තැනට හැකි වන්නේ දේශපාලන හයියක් ද එක් කර ගනිමිනි. තොරතුරු ලැබී ඇති පරිදි ඥානසාර පොඩි තැන ඒ වන විට පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෝට්ටේ ප්‍රබල ඇමැතිවරයෙකු සමග මිත්‍රව සිටියේය. ඔහුගේ උපකාරය ද සහිතව ගරාජය එතැනින් ඉවත් කළා පමණක් නොව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලක්ද ඉදිකර ගැනීමට තරම් මිත්‍රත්වය දිගු විය. මේ අව් අස්සේ ඥානසාර පොඩි තැනගේ නව විහාරස්ථානය අයිතිව සිටි උළුවිටිකේ විමලඥාන හිමියන් සිවුරුහැර දඹදිව චාරිකා සංවිධානයටම තම ජීවිතය කැප කළේය. එම හිස් තැන හා අවස්ථාව හේතුවෙන් නාවල පිහිටි ඉඩමඋරුමකම් කීමට ඥානසාර පොඩි තැනට හැකි විය.
දේශපාලන බලපෙරලීන් සිදුවද්දී එක්සත් ජාතික පක්ෂය පරාජවීම හේතුවෙන් ඥානසාර පොඩි තැනට ධන උල්පත් සිදී ගියද ඔහු සම්බන්ධතා පැවැත්වූ දානපති උවැසියන් ගණනාවක් ඥානසාර පොඩි තැනට ධනයෙන්ද අනෙකුත් සැපයෙන්ද ප්‍රත්‍ය සම්පාදනයේ නියුතු විය. දැන් ප්‍රංශයේ වෙසෙන උවැසිය ඉන් විශේෂිත අයෙකි.
මේ අතර තුර කාලයේ ඥානසාර පොඩි තැන තැන බීමත්ව රිය පදවා නොයෙක් තැන්හි පොලීසියට හසුවූ අවස්ථාවන් කිහිපයක් පිළිබදව වාර්තා විය. මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදී කරනු ලැබූ ප්‍රශ්න කිරීමකදී නොයෙක් ප්රලාපයන් ඇද බා අදාළ කරුණෙන් ලිස්සා ගිය අතර සත්‍ය සිදුවීම වන්නේ ඥානසාර පොඩි තැන අදාළ රථය පදවාගෙන ගොස් ඇති අතර පොලීසියෙන් නතර කළ අවස්ථාවේ ඔහු බීමත්වද සිටි බවට ඔප්පු වීමය.
එසේම ඊට පෙරද පෑලියගොඩ නවලෝක විහාරස්ථානයට රැස් වූ ඥානසාරගේ 'බේබදු සෙට් එක' එහි පැවැති සාදයෙන් අනතුරුව 'හෙළ උරුමය' ඔවුන් වෙත දී තිබූ මෝටර් රථය පදවාගෙන පැමිණි රියදුරු තැන අදාළ අසුනෙන් ඉවත් කොට ඥානසාර පොඩි තැන විසින් පදවා ගෙන අවුත් කොළොන්නාව මංසන්දියට යාබද කලාපයකදී තවත් රථයක ගැටුනි.
කෙසේ නමුත් මේ අවස්ථාවේ ද අදාළ රියදුරු පොලීස් කූඩුවට යවා තම ඇග බේරාගැනීමේ කටයුත්තේ මොහු නිරත විය.
ඥානසාරයන්ගේ බේබදු කම රටට රූපවාහිනිය මගින් දැක ගැනීමට හැකි වූයේ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී පොලිස් නිලධාරීන්ට රථයෙන් බැස කුණු හරුපයෙන් බැන වැදුනු අවස්ථාවය.
මෙලෙස ඥානසාරයන් විසින් තම බේබදු ජීවිතය සැගවීම සදහා නොයෙක් ක්රමෝපායන් දියත් කළද රාජගිරිය කළපළුවාවේ අඹ ගහ හන්දිය අවට පිරිස්ද, නාවල පිහිටි ආරාමය අවට පිරිස්ද , හෙළ උරුමයේ ආරම්භක අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය වශයෙන් පවත්වාගෙන ගිය වික්‍රමසිංහපුර 03 වන පටුමගෙහි වූ නිවස අවට පිරිස්ද ඥානසාරගේ සංඝසිරිත හොඳාකාරවම දන්නා බව පැවසිය යුතුය.
මෙවැනි වාතාවරණයක් යටතේ ගංගොඩවිල සෝම හිමියන්ගේ වියෝවෙන් උද්දීපනය වන හෙළ උරුමයේ ආරම්භක නායක මණ්ඩලයේ ගැට්ටේ සිටීමට ඥානසාර පොඩි තැනට හැකි විය. එහෙත් මැතිවරණයට තරග කළත් ඉන් පරාජයට පත්වූ අතර ක්‍රමයෙන් හෙළ උරුමයෙන් ඉවත් වෙමින් ස්වාධීනත්වයට පත්වෙමින් නමුත් දැඩි ගෝත්රවාදී මානසිකත්වයක එල්ඹ ගෙන කටයුතු කළේය.
නමුත් ඥානසාර පොඩි තැනට සල්ලි ඕනෑ විය. ඔහු විසින් මිතුරු ස්වාමීන් වහන්සේලා සමග පවසා සිටියේ මොනවා හරි කමක් නෑ බං සල්ලි කීයක් හරි ලැබෙන මාර්ගයක් නම් යන්නය.
මේ කාලයේ නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන හිමියන් විසින් රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු අල්ලා සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ගොඩනැගිල්ලක් ගොඩනගමින් පැවතියේය. එය විවෘත කළ දා රාජපක්ෂ පවුලේ ප්‍රධානියෙකු නැදිමාලේ හිමි හා ඥානසාර තුන් කට්ටුව මුණ ගැසුනහ. එම අවස්ථාවේ නැදිමාලේ හිමියන් විසින් රාජපක්ෂ පවුලේ ඥාතියාට ඥානසාර පොඩි තැන පෙන්වමින් පැවසුවේ මෙන්න අර වැඩේට හොද කෙනා යනුවෙන් පවසමිනි. ඒ අනුව කළින් කතිකා කරගත් සැලැස්මකට ඥානසාර පොඩි තැන යටත් කරනු ලැබීය. ඥානසාර ලොකු තැනක් බවට පරිවර්තනය වන්නේ ඉන් පසුවය.
එසේ පිහිටුවන නව බොදු සංවිධානය ආණ්ඩු හිතවාදී එකක් ලෙස නොයෙක් දෙනා පැවසුවද ඒ සදහා මුදල් පොම්ප කරනුයේ ස්කැනේඩියානු රාජ්‍යයක් කෙන්ද්‍ර කරගෙනය යනුවෙන් පැවසුව හොත් ඔබ පුදුමට පත් වනු නොඅනුමානය. ඒ සදහා හේතු පාදක කරුණු මෙසේය. ඔබට මතක නම් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය රට පාලනය කරන වකවානුවෙහි සිංහල, තමිල් හා මුස්ලිම් යන ජාතිකත්වයන් එකමුතු කිරීම සදහා වන පරමාර්ථ සාත්සාත් කර ගැනීම සදහා යැයි කිව් සංවිධානයක් ක්‍රියාත්මක වුණි.
මේ සදහා එවක මුදල් ගලා ආවේ නෝර්වේ රාජ්‍යයෙනි. රටපුරා විශාල ප්රචාරක ව්‍යාපෘතියත් දියත් කළ මෙම සංවිධානය මහින්ද යුගය වන විට දෙමළ ඩයස්පෝරාවේ මුදල් යොදාගෙන මුස්ලිම්වරුන්ට එරෙහිවූ සංවිධානයක් බවට පත්විය. මේ සදහා ලැබෙන දැවැන්ත මුදල පරිපාලනය කිරීම සදහා මැදිහත් වූ අය දැන් මේ බොදු සංවිධානයේ ප්‍රධානියෙකි. මොහු කාලයක් මුස්ලිම් පල්ලියට වී ඔවුන් සමග නෝම්බි වතාවත් හීද නිරත විය.
කෙසේ නමුත් හැම දෙයක්ම කරන්නේ කීයක් හරි හොයා ගන්නට යැයි නිරන්තරයෙන් තම හිතෛශීන් සමඟ පවසන ඥානසාර පොඩි තැන මුදල් වෙනුවෙන් ඕන දැරැහැවකට කර තබන තත්වෙක සිටි බැවින් මෙසේ ඇරඹෙන මුස්ලිම්වරුන්ට පහර දෙන අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමේ ලේකම් ධූරයට පත්විය.
සභාපති වශයෙන් කටයුතුකළ නාහිමියන්ගේ භාරකාරීත්වයේ පැවැති සම්බුද්ධත්ව ජයන්ති ගොඩනැගිල්ලේ මෙහි ප්‍රධාන කාර්යාලය ආරම්භ කළ අතර කාලයත් සමග ඥානසාර පොඩි තැනගේ ක්‍රියාකලාපයේ වූ දුර්ගුණයන් හේතුවෙන් එම හිමියන්ට සංවිධානයේ කාර්යාලය එතැනින් ඉවත් කිරීමට සිදුවිය.
මෙහිලා සැලකිය යුතු වැදගත්ම දෙය නම් ඥානසාර පොඩි තැනට මුස්ලිම් මිනිසුන් සමග කිසිදු අවුලක් නොමැති වුවත් හෙළ උරුමයේ සිටි කාල පරාසය තුළ සිත තුළ වර්ධනය කරගත් ජාතිවාදී විෂ බීජ හැරෙන්නට අන් කිසිදු දේශපාලනික අරමුණක් ඔහුට නොවීමය. නමුත් ඔහුට අවශ්‍ය මේ කුමන හෝ සැලැස්මක් මත තම හඩ පරාසය දුවවා එයින් ජනතාව ආකාර්ශනය කොටගෙන තම අරමුණු සාත්ෂාත් කර ගැනීමය.
දැන් ඥානසාර යනු කවරෙක්ද යන්න පැහැදිලිය. ඔහු මත කිසිදු පරමාර්ථගත අන්තවාදී හෝ ආගමික භක්තිවාදී පදනමක් නොමැති වුවත් පැවැත්ම වෙනුවෙන් අන්තවාදය පෝෂණය කිරීම හෝ ඕනෑම කටයුත්තක් සිදුකිරීම සදහා ඥානසාර පොඩි තැන මුදල් කෑදරයෙකු හැරෙන්නට අන් කවරෙකුද නොවන්නේය.
කෙසේ නමුත් මේ පටු අරමුණ සහිත චීවරධාරී සත්වයා විසින් වපුරනු ලබන විෂ බීජය, මේ රට පමණක් නොව ලෝකය තුළත් ම්ලේච්ඡත්වය පෝෂණය කිරීමට ඉවහල් වීම කෙතරම් ඛේදවාචකයක්ද යන්න ඔහුට තේරුම් ගැනීමට නොහැකි ව ඇත.
මේ අනුව ඥානසාර යනු පිං සහිත පොරක් නොවූවත් කිසියම් කණ්ඩායමක අවශ්‍යතාවය සඳහා යොදා ගන්නා සුපිරිපන්නයේ පිංපි රොබෝවක් වන්නේය.
අයි. ප්‍රියංගනී