ගල්ගසා ඉන්දීය යුවලක් මරා දමලා
ඉන්දීය තරුණ යුවලක් ගල්ගසා මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය විසින් පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් මෙසේ මරා දැමීමට හේතුවී ඇත්තේ දෙමාපියන්ගේ හා ඥාතීන්ගේ ආශිර්වාදය නොමැතිව පේ‍්‍රමසම්බන්ධතාවයක් පැවැත්වීම බව පැවසේ.
රජීව් වර්මා සහ ඔහුගේ පෙම්වතිය මෙලෙස මරා දමා ඇති අතර, දෙසිය දෙනෙකුගෙන් පමණ සමන්විත ප‍්‍රකෝපකාරී පිරිසක් විසින් ගල්ගසා මේ යුවල ඝාතනය කර ඇත.
මෙම කණ්ඩායමේ වැඩි පිරිස පෙම්වතියගේ පාරශ්වයේ ඥාතීන් බව සඳහන් වේ.
චුදිතයින් අතර මරාදැමු කාන්තාවගේ දෙමවුපියෝ ද සිටිති.
තම දියණියගේ පෙම්වතා උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ පහල සමාජ පන්තියකින් අයෙකුවීම හේතුවෙන් මොවුන් දෙදෙනා ගල්ගසා මරා දැමූ බව ඔවුන් පිළිගෙන තිබේ.
සම්ප‍්‍රදායන්ට සහ පවුලේ ගරුත්වයට විරුද්දවන්නන් මෙසේ මරා දැමීමේ සිද්ධීන් ඉන්දියාව තුළ එතරම් දුලබ සිදුවීම් නොවන බවද පැවසේ.
පසුගිය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝගයක් නිකුත්කරමින් කියාසිටියේ මෙවැනි ඝාතන මැඩපැවැත්වීමට අපෝසත් වන ඉහල නිලධාරීන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරණ බවයි.