ගල් කොරියක ඉදිකළ සුපිරි හෝටලය

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ගල් කොරියක ඉදිකළ සුපිරි හෝටලය

ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ්

භාවිතයෙන් ඉවත්කල ගල් කොරියක හෝටලයක් නිර්මාණය කලා කිව්වොත් ඔබ පුදුම වේවි.චීනය විටින් විට අලුත් නිර්මාණ එහෙම නැත්නම් අපට පුදුම හිතෙන ආකාරයේ නිර්මාණ කරන රටක්. නොවැම්බර් 22 දා විවෘත කල "ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ් "හෝටලය කියන්නෙත් චීනයේ අලුත්ම අමුතුම මාදිලියේ නිර්මාණයක්. මෙය නිර්මාණය වෙන්නේ භාවිතයෙන් ඉවත් කල විශාල ගල් කොරියක. කාමර 336 ක් සහ කාමර කට්ටල වලින් සමන්විත මෙය ඉදි කිරීමට වසර දහයක් ගතවී තිබෙනවා. මෙය ඉදිකිරීමට යුරෝ මිලියන 225 ක් වැය වී තිබෙනවා.

මෙහි මහල් දෙකක් පොළව මට්ටමෙත් ඉතිරි මහල් දාසය පොළව මට්ටමෙන් යටට වන්නට නිර්මාණය කර ඇති අතර ඉන් පහළම මහල් දෙක ජලය තුල නිර්මාණය කර තිබෙන අතර එහි ඝනකම් වීදුරු බිත්ති ඔස්සේ ජලයේ සිටින මාළුන් නැරඹීමට හැකියාවද සහිතයි. එමෙන්ම එම පහළ මහලේ මිස්ටර් ෆිෂර් නම් වූ සී ෆුඩ් රෙස්ටුරන්ට් එකක්ද තිබෙනවා.
කැමති අයට ගල් මත නැගීමට (Rock climbing) මෙන්ම කායකින් (kayaking) පහසුකම්ද තිබෙනවා.මෙම තරු හෝටලයේ එක් රාත්‍රියක් ගතකිරීමට නම් සඳහා යුරෝ 400 ත් 670 ත් අතර මුදලක් වැය කරන්නට සිදුවෙනවා.

මෙහි ගෘහ නිර්මාණ ශිල්පියා වෙන්නේ ඩුබායි ස්කයිස්කෙපර් හි නිර්මාණ ශිල්පියා වූ මාටින් ජොච්මන්. මෙය ඔහුගේ අනෙකුත් නිර්මාණවලට සාපේක්ෂව බලන විට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ නිර්මාණයක් මෙන්ම ඔහු කල හොඳම නිර්මාණය බව මාටින් පවසනවා.
එමෙන්ම හෝටලේ නවාතැන්ගන්නා අමුත්තන්ට උවමනානම් හෝටලයේ ඉහළ සිට පහළට පැමිනීමට ගල් මත ලී තරප්පු පෙළක්ද තිබෙනවා. එමෙන්ම මෙහි කෘතිම දිය ඇල්ලක්ද නිර්මාණය කොට තිබෙනවා.

භාවිතයෙන් ඉවත්කල ගල් කොරිය

E8LsBwT.jpg


ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ්හෝටලය

xxA4nFl.jpg


ඝනකම් වීදුරු බිත්ති ඔස්සේ ජලයේ සිටින මාළුන් නැරඹීම

Bmvzl6f.jpg


මිස්ටර් ෆිෂර් නම් වූ සී ෆුඩ් රෙස්ටුරන්ට් එක

gYMP3CP.jpg


කාමර

0EjmfDx.jpg


ගල් මත නැගීමට (Rock climbing)

86t7F5s.jpg


ඉහළ සිට පහළට පැමිනීමට ගල් මත ලී තරප්පු පෙළ

LVhXND6.jpg


දිය ඇල්ල

BsK4iAH.jpg



- උපුටා ගැනීමකි -
 

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන්නු ඔය වගේ වැඩ කරන්න හපන්නු.මට දවසක් චීන contractor කෙනෙක් කිව්ව උන්ගේ රටේ තට්ටු තුනක ගෙයක් කම්ප්ලීට් කරන්න යන්න ඒ මාස තුනයිලු.