තවමත් හෙළි වන ගීසා හි මහා පිරමීඩ කතා

RANJAN_SILVA

Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    අප ජීවත් වන ලෝකය තුළ පුදුම 7 ක් තිබෙන බව අප සියලු ම දෙනා දන්නා කරුණක්. නූතන පුදුම 7 නම් කිරීමට ප්‍රථමයෙන් ලොව පුරා පුරාතන පුදුම 7 ක් ද දකින්නට ලැබුණා.

    එම පුරාතන පුදුම 7 විවිධ හේතු නිසා විනාශ වී ගොස් මේ වන විට ඉතිරි ව තිබෙන්නේ එකම එක නිර්මාණයක් පමණයි. ගීසා හි මහා පිරමීඩ යනු ඒ පුරාතන පුදුම 7 තුළ තවමත් ඉතිරි ව ඇති එක ම නිර්මාණය වනවා.

    YMa7Wx2FyjQFUjEeqa72Rm-1200-80-1024x576.jpg
    ගීසා හි පිරමීඩ – www.livescience.com

    එම යුගයේ ඊජිප්තුව පුරා පිරමීඩ ගණනාවක් දකින්නට ලැබුණා. මේ වන විට ඊජිප්තුව තුළ තිබී පුරාණ පිරමීඩ 100 කට අධික සංඛ්‍යාවක් සොයා ගෙන තිබෙනවා. මේ පිරමීඩ ආශ්‍රිත ව ගොඩ නැඟී ඇති කතා ද ඉතා ආකර්ෂණීය යි. ගීසා හි මහා පිරමීඩයෙන් පටන් ගත් විට සමස්ත ඊජිප්තුව පුරා ම ඇති පිරමීඩ ඒ කතාවලට සාක්ෂි සපයනවා. ඇතැම් ඒවා අදටත් අභිරහසක්.

    මෙම ලිපියෙන් උක්ත පිරමීඩ සහ ගීසා හි මහා පිරමීඩ ගැන ගොඩ නැඟී ඇති මතවාද සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා.

    පළමු පිරමීඩය​

    පුරාණ ඊජිප්තුව තුළ දෙවිවරුන් සිය ගණනක් සිටින බවට ජනතාව විශ්වාස කළා. ඔවුන් එම දෙවිවරුන්ට දැක්වූයේ විශාල භක්තියක් සහ ගෞරවයක්. මේ හේතුවෙන් සෑම විටෙක ම තම කටයුතු දෙවියන් මූලික කරගෙන කරන්නට ඔවුන් කටයුතු කළා. එම දෙවිවරුන් හා ජනයා සමඟ මැදිහත් වී කටයුතු කිරීමට හැකියාව සහිත පුද්ගලයෙක් ඊජිප්තුවේ පාලකයා බවට පත් වුණා. පාරාවෝ යනු එම රජවරුන් හැඳින්වූ නාමය යි. පාරාවෝ යනු සත්‍ය වශයෙන් ම පුරාණ ඊජිප්තුවේ තිබූ තනතුරක්.

    දැනට පවතින සාක්ෂිවලට අනුව සොයාගත් පැරණිම පිරමීඩය වන්නේ පාරාවෝ රජ කෙනෙක් වූ ජෝසෙර් රජතුමන් ඉදි කළ ජෝසෙර් පිරමීඩය යි. මෙම පිරමීඩය දල වශයෙන් ක්‍රිස්තු පූර්ව 2670 ත් 2650 ත් අතර කාලයේ ඉදි කරන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා. ඉමොහොටෙෆ් නම් නිර්මාණකරුවෙක් ඉදි කළ මෙම පිරමීඩය නිසාම ඔහු මිය යෑමෙන් අනතුරුව ඊජිප්තු වැසියන් අතර දෙවි කෙනෙක් බවට ද පත් වුණා. එම පිරමීඩය පඩිපෙළක් වැනි ස්වරූපයක් ගන්නා නිසා “ස්ටෙප් පිරමීඩය” ලෙසින් ද එය හැඳින්වෙනවා.

    JkEtvqd7dJpBZ5ASYv4CdM-1024x576.jpg


    දැනට හමුවූ පැරණිත ම පිරමීඩය වන ජෝසෙර් පිරමීඩය – www.livescience.com


    හුණුගල් 40 000 ක පමණ ප්‍රමාණයක් භාවිතයෙන් නිර්මාණය කළ මෙම ජෝසෙර් පිරමීඩය මීටර් 62.6 ක උසකින් යුක්ත යි. ඊජිප්තුවේ මෙම පිරමීඩ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ ජෝසෙර් රජතුමන් ආරම්භ කළ මෙම පිරමීඩ නිර්මාණය කෙරෙහි ඉන් පසුව පත්වන පාරාවෝ රජ වරුන්ගේ ද අවධානය ද යොමු වූ බවයි. මේ හේතුවෙන් ඉන් අනතුරුව ඊජිප්තුව පුරා සිය ගණනක් පිරමීඩ නිර්මාණය වුණා.

    පිරමීඩ නිර්මාණය වුණේ ඇයි?​

    මේ සම්බන්ධයෙන් විවිධ පුරාවිද්‍යාඥයන් විවිධ මත පළ කර තිබෙනවා. විශේෂයෙන් ම වසර ගණනක් කළ පරීක්ෂණ සහ රූපාක්ෂර කියැවීම මඟින් විවිධ නිගමනවලට එළඹීමට ඔවුන් කටයුතු කළා. එම නිගමනයන්ට අනුව පිරමීඩ නිර්මාණය වුණේ ඇයි? යන්නට පිළිතුරු මත කිහිපයක් වර්තමානයේ නිරීක්ෂණය කළ හැකි යි. පුරාණ ඊජිප්තු වැසියන් මරණයෙන් මතු ජීවිතයක් සම්බන්ධයෙන් විශ්වාස කළා. ඔවුන්ගේ විශ්වාසවලට අනුව ශරීරය තුළ “කා” නම් තවත් චරිතයක් ජීවත් වනවා. මරණයෙන් පසුව මරණයට පත් වන තැනැත්තා ට එම “කා” ස්වරූපයෙන් තවත් කාලයක් ජීවත් විය හැකියි.

    මරණයෙන් අනතුරුව ඔසයිරස් නම් මරණයේ දේවතාවා අසලට එම පුද්ගලයා ව රැගෙන යන බවට ඔවුන් විශ්වාස කළා. එහිදී මරණයේ දේවතාවා එම පුද්ගලයාට තවදුරටත් “කා” නමින් ජීවත් විය හැකිද නැත්නම් ඔහු සම්පූර්ණයෙන්ම මරණයට පත් කරනවා ද යන්න තීරණය කරනවා. පාරාවෝ රජවරුන්ට නැවත “කා” චරිතය භාවිත කරමින් ආපසු පැමිණීම උදෙසා එම පිරමීඩ ඔවුන් ගේ සොහොන් ගැබ් ආකාරයට හා නැවත පැමිණීමෙන් පසු භාවිත කිරීම වෙනුවෙන් විශාල වස්තුවක් පිරමීඩය තුළ නිදන් කරන බවට මතවාද පවතිනවා.

    1200x627-egypt-discovers-4400-year-old-tomb-of-two-priests-near-near-the-great-pyramids-in-giza-1556975056035-1024x535.jpg


    පිරමීඩයක් තුළ ඇති මමී බවට පත් කළ දේහ – www.dailysabah.com


    එම මත අතර පවතින තවත් එකක් වන්නේ එකල ඉර නැඟීම වෙනුවෙන් පාරාවෝට විශාල වගකීමක් පැවරී තිබූ බව යි. එම වගකීම අනුව එකල රජ කළ පාරාවෝට දහවල් ඉර මුදුන් කිරීමේ වගකීම පැවරී තිබුණා. රජතුමා උදෑසන හිරු නැඟීමේ කටයුත්ත කරන විට සවස හිරු අවරට යැවීමේ වගකීම හිමි වූයේ පෙර රජ කළ පාරාවෝ රජතුමාට යි. එලෙස පෙර රජ වී මිය ගිය රජතුමාට හිරු අවරට යැවීම වෙනුවෙන් ශක්තිය ලබා දීම වෙනුවෙන් එම පිරමීඩ තුළ ඔවුන්ගේ දේහ නිදන් කළ බවට ද මතයක් පවතිනවා.

    මේ පිරමීඩ ගොඩනැඟුවේ කෙසේ ද?​

    පිරමීඩ ගොඩ නැඟීම සම්බන්ධයෙන් ද විවිධ මතවාද රාශියක් තිබෙන ආකාරය දැකිය හැකි යි. මේ සම්බන්ධ ව පුරාවිද්‍යාඥයන් ඉදිරිපත් කළ මතවලට දැඩි ව විරුද්ධ මත ඉදිරිපත් කරන පාර්ශව ද කොතෙකුත් සිටිනවා. ග්‍රීක ඉතිහාසඥයෙක් වන හෙරඩෝටස් මෙම පිරමීඩ වහලුන් භාවිත කරමින් ඉදිකළ බවට ප්‍රකාශ කළා. වත්මන් සාක්ෂිවලට අනුව එම ප්‍රකාශය අසත්‍ය බවට ඔප්පු වනවා.

    මෙම පිරමීඩ පිහිටා තිබෙන්නේ නයිල් ගංගාව ආශ්‍රිතව යි. ගංගාව අසල එම පිරමීඩ ඉදි කළ ජනයා සිටි ගම්මාන හමු වී තිබෙනවා. එහි ඇති රූපාක්ෂර සහ වෙනත් පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව එම ජනයාට හොඳ ආහාර පාන සහ නවාතැන් හිමිව ඇති බවට සනාථ වුණා.

    මේ හේතුවෙන් පිරමීඩ ඉදි කළේ වහලුන් නොව තම මිය යන පාරාවෝ රජු උදෙසා ගෞරව දැක්වීමේ අරමුණින් යුක්ත ඊජිප්තු වැසියන් බව විශ්වාස කෙරෙනවා. ඒවා ඉදි කරන්නට අවශ්‍ය ගල් රටේ විවිධ පැතිවලින් නයිල් ගඟ ඔස්සේ ඉහළට රැගෙන ආ බවට ද සාක්ෂි සහිත ව පැවසෙනවා.

    construction-of-the-Egyptian-pyramids.jpg


    වෙනම මාර්ගයක් භාවිත කරමින් ගල් ඉහළට රැගෙන ගිය බවට මතයක් පවතිනවා. – www.ancientorgins.com


    එම ගල් ඔප දමා අනතුරු ව පිරමීඩය වෙතට ඇති වෙනම මාර්ගයක් ඔස්සේ ඉහළට ප්‍රවාහනය කළා යැයි පුරාවිද්‍යාඥයන් දරන මතය යි. එලෙස පාරක් භාවිත කොට එම ගල් ඉහළට රැගෙන යා නොහැකි යැයි බොහොමයක් දෙනා තර්ක කරනවා. අනෙක් පුරාවිද්‍යා මතය වන ජලය භාවිත කොට මෙම සුවිසල් ගල් පිරමීඩය ඉහළට රැගෙන ආවා යන්න ද විශාල වශයෙන් මතභේදයට තුඩු දෙන මතයක්. මේ හේතුවෙන් විවිධ මතවාද විවිධාකාරයෙන් පැවතියත් ඒවාට ඇති ප්‍රතිතර්ක ද බොහෝ යි.

    ඇතැම් පිරිසක් තර්ක කරන්නේ මෙම පිරමීඩ ඉදි කරන්නට පෘථිවියෙන් පිට ජීවීන් ගේ බලපෑමක් එල්ල වී ඇතැයි යන්න යි. එයට හේතුව වශයෙන් එම ගල්වල විශාලත්වය සහ පිරමීඩවල තිබෙන ජ්‍යාමිතික නිවැරදිභාවය සාක්ෂි දරනවා. ඇතැම් රූපාක්ෂර වල තිබෙන විවිධ හඳුනා නොගත් යානා වැනි වස්තූන් මඟින් ඒවා පෙනෙන බවට එම මත දරන්නන් තර්ක කරනවා. කෙසේ වෙතත් පිරමීඩ ඉදි කරන්නට එලෙස පිටසක්වල ජීවින් සහයෝගය දුන් බවට පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ නෑ.

    ගීසා හී මහා පිරමීඩ​

    ඊජිප්තුවේ පිහිටා ඇති පිරමීඩ අතරින් ගීසා හි පිරමීඩවලට ඇත්තේ වැඩි විශේෂත්වයක්. මේ අත‍රින් දැවැන්ත ම කුෆු පිරමීඩය අදටත් රහස් ගණනාවක් රඳවාගෙන තිබෙනවා. වසර 4500 කට පමණ ඉහතදී නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන මෙම පිරමීඩය භූමිකම්පා ගණනාවකින් ම ගැලවීමට සමත් වුණා. ඒ අතරින් රිච්ටර් පරිමාණයේ 8 ඉක්මවූ භූමිකම්පාවලදී පවා බේරී සිටීමට කුෆු පිරමීඩයට හැකියාව ලැබුණා. පුරාණ පුදුම 7 න් 6 ක් ම විනාශ වී තිබිය දී ගීසා හි පිරමීඩ පමණක් ඉතිරිව තිබීම සැලකිය යුතු කරුණක්.

    03TB-PYRAMID3-1509574188531-superJumbo-1024x576.jpg
    කුෆු පිරමීඩය ඇතුළත ස්වභාවය – www.newyorktimes.com

    මෙම මහා පිරමීඩය ඉදි කිරීමට ගල් කුට්ටි මිලියන 2 ක් පමණ වැය වී තිබෙනවා. ඒ එක පාෂාණයක් ටොන් 3 ත් 7 ත් අතර බරකින් ද යුක්ත යි. ඇතැම් ඒවා ටොන් 10 පමණ බරක් දක්වා විහිදෙනවා. මෙම පිරමීඩය තුළ කාමර 3 ක් දකින්නට ලැබෙන අතර එම කාමර එකිනෙකට සම්බන්ධ වන මාර්ගයක් ද දකින්නට ලැබෙනවා. පිරමීඩය තුළ පිහිටා ඇති බිත්ති අංශක 90 ක් වන පරිදි හරියටම නිර්මාණය කොට තිබීම බොහෝ දෙනෙක් පුදුමයට පත් කිරීමට සමත් වුණා. ලොව සිටිනා අංක 1 ගෘහ නිර්මාණ ශිල්පීන් පවා පවසන්නේ වර්තමාන තාක්ෂණය ඔස්සේ වුවත් මෙය නිර්මාණය අපහසු බවයි.

    බැලූ බැල්මට පැති 4 කින් සමන්විත බව පෙනුණත් උක්ත පිරමීඩය පැති 8 කින් සමන්විත වනවා. එයට හේතුව වන්නේ එහි එක් පැත්තක සියුම් නැම්මක් සහිත ව නිර්මාණය කර තිබීමයි. එලෙස නිර්මාණය කිරීම සාමාන්‍ය ස්වරූපයට වඩා අපහසු වනවා. මෙම පිරමීඩයේ පැති අටම දැකගත හැකි දින ඇත්තේ වසරකට දෙකක් පමණයි. වසරකට දින දෙකක් සූර්යයා හරියටම පෘථිවියේ සමකය කෙළින් ගමන් කරනවා. මෙම දින දෙකේ දී පමණක් පිරමීඩයේ පැති අට ම දැකගන්නට ලැබීම විශේෂත්වයක්.

    The-Great-Pyramid-of-Giza-has-Eight-Sides-scaled-1.jpg
    සියුම්

    නැම්මකින් පැති 8 ක් දිස්වන ආකාරය – www.curiosmos.com

    ටොන් මිලියන 2.3 ක පාෂාණ කුට්ටි සහිත මෙම පිරමීඩය වසර 20-27 අතර කාලයක් තුළ ගොඩනැඟූ බවට සාධක හමු වී තිබෙනවා. එම කාලයකින් පිරමීඩය ගොඩනඟා අවසන් කිරීමට නම් අවම වශයෙන් මිනිත්තු දෙකකට වරක් වත් එක් පාෂාණයක් පිරමීඩයට ඇතුළත් කළ යුතුයි. මෙය ඉතාම මතභේදයට තුඩු දෙන කාරණයක්.
     

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93

    නූතන තාක්ෂණයටත් නොහැකිද?​

    1960 වර්ෂය වන විට නයිල් ගඟ පිටාර ගැලීමත්, එයට විසඳුමක් වශයෙන් වේල්ලක් ඉදි කිරීමට අවශ්‍ය වීමත් නිසා ඊජිප්තුවේ ම පිහිටා ඇති අබුසිම්බල් නම් දේවස්ථානය වෙනත් ස්ථානයකට රැගෙන යාමට අවශ්‍ය වුණා. මෙම දේවස්ථානයේ තිබුණේ පාෂාණ කුට්ටි 2000 ක් පමණ යි. මෙම පාෂාණ රැගෙන යාමට වසර 5 ක් ගත වුණා. එයට අමරිකානු ඩොලර් මිලියන 42 ක් වැයවී තිබෙනවා. මෙලෙස පාෂාණ 2000 ක් නූතන තාක්ෂණය භාවිත කරමින් රැගෙන යාමට වසර 5ක් ගත වූවා නම් පාෂාණ මිලියන 2.3 ක් වසර 20-27 අතර කාලයක නිවැරදි ව සැකසීමට භාවිත වූ ක්‍රමවේදය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් ඉස්මතු වුණා.

    මෙම ගීසා හි මහා පිරමීඩය සූක්ෂම ව උතුරු පසට වන්නට පිහිටා තිබෙනවා. 17 වන ශතවර්ෂයේ එලෙස නිර්මාණය කිරීමට උත්සාහ කළ ගොඩනැඟිලි පවා එලෙස උතුරට මුහුණලා නිවැරදිව ම නිර්මාණය කිරීමට හැකියාව ලැබුණේ නෑ. පිරමීඩයේ උස හරියටම දෙකෙන් බෙදූ විට එහි ඉහළ ම කාමරය සහ වහළ අතර උස සමපාත වනවා. පිරමීඩයේ උස 5 න් බෙදූ විට එහි අභ්‍යන්තර කාමරය සහ පිරමීඩය අතර උස සමපාත වනවා. එහි උස 7 න් බෙදූ විට දෙවන කාමරයේ පිහිටීම සහ පිරමීඩයේ පතුළ එකිනෙක සමපාත වනවා.

    shutterstock-397432201-1024x667.webp


    අබුසිම්බල් දේවස්ථානය – www.worldatlas.com

    මෙම පිරමීඩ නිර්මාණය කිරීමට සිමෙන්ති භාවිත කර නෑ. නමුත් ඒවා අතරින් කුඩා බ්ලේඩ් තලයක් යැවීමට හෝ නොහැකි පරිද්දෙන් සුමටව ඒවා නිර්මාණය කර තිබෙනවා. මේ හේතුව මෙන් ම ගණිතමය නිවැරදිභාවය නිසාම ඉංජිනේරුවන් මේවා යන්ත්‍ර භාවිතයෙන් නිර්මාණය කර ඇති බවට ප්‍රකාශ කරන ආකාරය දකින්නට පුළුවන්. මෙවැනි හේතු නිසා පිරමීඩ නිර්මාණය කළ ඇති ආකාරය පිළිබඳව ප්‍රශ්නය තවම හරි ආකාරයෙන් විසඳී නෑ.

    ඊජිප්තුවට සංවේදී වූ පිරමීඩ​

    මෙම පිරමීඩ මාතෘකා අද වන විට ඊජිප්තුවට අතිශය සංවේදී කාරණා බවට පත්ව තිබෙනවා. මේ පිරමීඩ නිර්මාණය කළේ ඇයි? එම පිරමීඩ නිර්මාණයට වෙනත් අදිසි බලවේගයක සහාය ලැබුණා ද යන කාරණාවලට ඊජිප්තු ජාතිකයන් වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. එයට හේතුව තම ජාතිය නිර්මාණය කළා යන නිර්මාණයක් ලෙස මේවා ඊජිප්තු වැසියන්ගේ සිත් තුළ පැවතීම බව ප්‍රසිද්ධ කාරණයක්.


    මේ හේතු නිසා ම පිරමීඩ ගවේෂණය කිරීමට පෙර තරම් අවස්ථාවක් ඊජිප්තුව තුළ නිර්මාණය වී නොමැති බව ප්‍රකාශ කිරීම නිවැරදි යි. කෙසේ වෙතත් මෙතරම් වෙහෙස වී මෙතරම් කාලයක් ගෙන මෙම පිරමීඩ නිර්මාණය කළේ පාරාවෝ රජවරුන් ගේ දේහයන් තැන්පත් කිරීමට පමණක් ම නොවෙන්නට ඇති බවට මතයක් ද වර්තමානයේ නිර්මාණය වී තිබෙනවා.

    කෙසේ වෙතත් ඉහත සඳහන් කාරණා මෙන්ම පිරමීඩ සම්බන්ධයෙන් ඇති මති මතාන්තර 100% ක් සත්‍ය යැයි ප්‍රකාශ කළ නොහැකියි. තවමත් ලොව පුරා ඇති හරියට ම විසඳා ගන්නට අපහසු ප්‍රශ්න අතරට ඊජිප්තුවේ පිරමීඩ ද එක්ව තිබෙනවා.

    roar.media
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,488
    3,918
    113
    Good information. But just watch this

    3.5 hrs long. This explains from A to Z being practical without any conspiracy parts. Egyptions dont like to accept the truth as it causes many issues to archeologists , professors and countries income. As long as its a mystery, they will get people
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    3,549
    3,637
    113

    නූතන තාක්ෂණයටත් නොහැකිද?​

    1960 වර්ෂය වන විට නයිල් ගඟ පිටාර ගැලීමත්, එයට විසඳුමක් වශයෙන් වේල්ලක් ඉදි කිරීමට අවශ්‍ය වීමත් නිසා ඊජිප්තුවේ ම පිහිටා ඇති -----------------
    thanks bro good one
     
    • Like
    Reactions: NRTG and imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,371
    7
    33,744
    113
    • Love
    Reactions: NRTG and mayadmax

    EON

    Well-known member
  • Nov 4, 2012
    2,763
    2,415
    113

    නූතන තාක්ෂණයටත් නොහැකිද?​

    1960 වර්ෂය වන විට නයිල් ගඟ පිටාර ගැලීමත්, එයට විසඳුමක් වශයෙන් වේල්ලක් ඉදි කිරීමට අවශ්‍ය වීමත් නිසා ඊජිප්තුවේ ම පිහිටා ඇති අබුසිම්බල් නම් දේවස්ථානය වෙනත් ස්ථානයකට රැගෙන යාමට අවශ්‍ය වුණා. මෙම දේවස්ථානයේ තිබුණේ පාෂාණ කුට්ටි 2000 ක් පමණ යි. මෙම පාෂාණ රැගෙන යාමට වසර 5 ක් ගත වුණා. එයට අමරිකානු ඩොලර් මිලියන 42 ක් වැයවී තිබෙනවා. මෙලෙස පාෂාණ 2000 ක් නූතන තාක්ෂණය භාවිත කරමින් රැගෙන යාමට වසර 5ක් ගත වූවා නම් පාෂාණ මිලියන 2.3 ක් වසර 20-27 අතර කාලයක නිවැරදි ව සැකසීමට භාවිත වූ ක්‍රමවේදය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් ඉස්මතු වුණා.

    මෙම ගීසා හි මහා පිරමීඩය සූක්ෂම ව උතුරු පසට වන්නට පිහිටා තිබෙනවා. 17 වන ශතවර්ෂයේ එලෙස නිර්මාණය කිරීමට උත්සාහ කළ ගොඩනැඟිලි පවා එලෙස උතුරට මුහුණලා නිවැරදිව ම නිර්මාණය කිරීමට හැකියාව ලැබුණේ නෑ. පිරමීඩයේ උස හරියටම දෙකෙන් බෙදූ විට එහි ඉහළ ම කාමරය සහ වහළ අතර උස සමපාත වනවා. පිරමීඩයේ උස 5 න් බෙදූ විට එහි අභ්‍යන්තර කාමරය සහ පිරමීඩය අතර උස සමපාත වනවා. එහි උස 7 න් බෙදූ විට දෙවන කාමරයේ පිහිටීම සහ පිරමීඩයේ පතුළ එකිනෙක සමපාත වනවා.

    shutterstock-397432201-1024x667.webp


    අබුසිම්බල් දේවස්ථානය – www.worldatlas.com

    මෙම පිරමීඩ නිර්මාණය කිරීමට සිමෙන්ති භාවිත කර නෑ. නමුත් ඒවා අතරින් කුඩා බ්ලේඩ් තලයක් යැවීමට හෝ නොහැකි පරිද්දෙන් සුමටව ඒවා නිර්මාණය කර තිබෙනවා. මේ හේතුව මෙන් ම ගණිතමය නිවැරදිභාවය නිසාම ඉංජිනේරුවන් මේවා යන්ත්‍ර භාවිතයෙන් නිර්මාණය කර ඇති බවට ප්‍රකාශ කරන ආකාරය දකින්නට පුළුවන්. මෙවැනි හේතු නිසා පිරමීඩ නිර්මාණය කළ ඇති ආකාරය පිළිබඳව ප්‍රශ්නය තවම හරි ආකාරයෙන් විසඳී නෑ.

    ඊජිප්තුවට සංවේදී වූ පිරමීඩ​

    මෙම පිරමීඩ මාතෘකා අද වන විට ඊජිප්තුවට අතිශය සංවේදී කාරණා බවට පත්ව තිබෙනවා. මේ පිරමීඩ නිර්මාණය කළේ ඇයි? එම පිරමීඩ නිර්මාණයට වෙනත් අදිසි බලවේගයක සහාය ලැබුණා ද යන කාරණාවලට ඊජිප්තු ජාතිකයන් වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. එයට හේතුව තම ජාතිය නිර්මාණය කළා යන නිර්මාණයක් ලෙස මේවා ඊජිප්තු වැසියන්ගේ සිත් තුළ පැවතීම බව ප්‍රසිද්ධ කාරණයක්.


    මේ හේතු නිසා ම පිරමීඩ ගවේෂණය කිරීමට පෙර තරම් අවස්ථාවක් ඊජිප්තුව තුළ නිර්මාණය වී නොමැති බව ප්‍රකාශ කිරීම නිවැරදි යි. කෙසේ වෙතත් මෙතරම් වෙහෙස වී මෙතරම් කාලයක් ගෙන මෙම පිරමීඩ නිර්මාණය කළේ පාරාවෝ රජවරුන් ගේ දේහයන් තැන්පත් කිරීමට පමණක් ම නොවෙන්නට ඇති බවට මතයක් ද වර්තමානයේ නිර්මාණය වී තිබෙනවා.

    කෙසේ වෙතත් ඉහත සඳහන් කාරණා මෙන්ම පිරමීඩ සම්බන්ධයෙන් ඇති මති මතාන්තර 100% ක් සත්‍ය යැයි ප්‍රකාශ කළ නොහැකියි. තවමත් ලොව පුරා ඇති හරියට ම විසඳා ගන්නට අපහසු ප්‍රශ්න අතරට ඊජිප්තුවේ පිරමීඩ ද එක්ව තිබෙනවා.

    roar.media

    me kiyana katha nam aththa thamai... e build quality eka api hithan inna ancient civilizations walata karanna puluwan unada kiyala prashanayak enawa.

    mama Giza pyramids walata giya, pyramids athulatath giya, mummy tomb ekaka nidagenath thiyanawa (mummy eka remove karala museum eke dala thiyanne)

    thawa Giza walata amatharawa Egypt walama thawa areas thiyanawa pyramids thiyanawa. podi podi ewath thiyanawa.
     
    • Like
    Reactions: NRTG and imhotep

    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,215
    56,296
    113
    Good information. But just watch this

    3.5 hrs long. This explains from A to Z being practical without any conspiracy parts. Egyptions dont like to accept the truth as it causes many issues to archeologists , professors and countries income. As long as its a mystery, they will get people

    Limestone nan geoplymer concrete kiyala hitaggath granite diya karanne kohomada ban granite glass wenawane melt karama
     
    • Like
    Reactions: NRTG