මේක කාලෙකට කලින් වෙච්ංහි සිද්දියක්.කොච්චර පරනද කියනව නම් ඒ කාලෙ w200 sony ericson පෝන් එක රු 18000ක් වෙනවා.
ඉතින් කතාව මෙහෙමයි. අපේ සෙට් එකේ එකෙක් හෙන ගේමක් දීලා w200 එකක් ගත්තා. ඒ දවස් වල හැම එකා අතේම පෝන් නෑ අපේ සෙට් එකටම තිබ්බෙ පෝන් 2ක් වගේ. මං ලගත් නෑ.
ඉතින් දවසක් අපි බන ගෙදරකට සෙට් වෙලා ඉදියා දහ දෙනෙක් විතර. ඔය ඉන්න ගමන් ඉතින් අරූ පෝන් එක ඔබනවා ගත්තු දවස් වලමනේ පට්ට ආසාවෙ. පස්සෙ බන ගෙදරින් පොඩ්ඩක් එහා පාරක් අයිනේ ඇන තියාගෙනමූ පෝන් එකෙ පොටෝස් පොඩි වීඩියෝ කෑලි බලනවා එකා දෙන්නා දැන් මුගේ පිටිපස්සෙන් හිටගෙන ඕව බලනවා ඔහොම ටික වෙලාවකින් ඔක්කොම මුගේ පිටිපස්සෙ හිටගෙන මූ ඇනතියාගෙන පොටෝස් යව යව පෙන්නනවා. කෙල්ලොන්ගෙ, කාර්, නලුවො, නිලියො, ලස්සන තැන් වගේ ඉතින් පොටෝස් ගොඩයි. සමහර ඒව මූ විස්තර කරනවත් එක්ක. දැන් කට්ටිය වටවෙලා වැල බලනවා වගේ අපි පොටෝස් බලනවා.
අම්මට සිරි කිව්ව වගේ අපේ ඔක්කොම මූට හිනා උනා. මටත් බඩ අල්ලන් හිනා. වැඩේ කියන්නේ මූට මල පැන්නනේ.
දැන් ඉතින් තොපි, ඉතින් අපිට පාන්ද අහන්නෙ නැතිව උබලගේ තියෙනරස කතා ටිකක් හලන් පලයන්. පට්ට කම්මැලිකමේ ඉන්නෙ.
