ගල් වැලි පස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය න&#3537

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ගාල් , වැලි සහ පස් ප‍්‍රවාහනයේදී බලපත‍්‍ර ලබාගැනීමේ ක‍්‍රමය අහෝසි කර ඇත්තේ තාවකාලික අත්හදාබැලීමක් ලෙස බවත්, මෙම තීරණයෙන් ඇතිවන ප‍්‍රතිඵල අධ්‍යයනය කර එය දිගුකාලීනව ක‍්‍රියාත්මක කරන්නේද යන්න තීරණය කරන බවත් කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මෙලෙස බලපත‍්‍ර අහෝසි කිරීමෙන් වැලි, ගල් හා පස් මිල පහත වැටිය යුතු බව කී ඇමතිවරයා එම සහනය ජනතාවට ලැබෙන්නේද යන්න මෙන්ම මෙයින් අයහපත් ප‍්‍රතිඵල ඇතිවේද යන්න අධ්‍යයනය සදහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන බව ද සදහන් කළේය.

    එම කමිටුව විසින් මෙම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ලබාදෙන වාර්තා අනුව බලපත‍්‍ර අහෝසි කිරීමේ තීරණය ඉදිරියට ගෙනයන්නේද යන්න ගැන ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව ද බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීවේය.

    කෙසේ වෙතත් මෙම තීරණය හේතුවෙන් කිසිදු පරිසර හානියක් නොවීමට වගබලාගන්නා බව කී ඇමතිවරයා වැලි තොටුපලවල වැලි ගොඩදැමීම, පස් හා මැටි කැපීම ආදිය සදහා ලබාගත යුතු බලපත‍්‍ර ක‍්‍රමයෙහි හෝ පරිසර ආරක්‍ෂාව වෙනුවෙන් පනවා ඇති නීතිවල කිසිදු වෙනසක් කර නැතැයිද ප‍්‍රකාශ කළේය.



    කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී අද (5) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී අදහස් දක්වමිනි.

    වැලි,ගල් හා මැටි ප‍්‍රවාහනයට අදාළ බලපත‍්‍ර නිකුත් කිරීමේදී විවිධ අක‍්‍රමිකතා සිදුවීම, මේ හේතුවෙන් ඒවායේ මිල ඉහළයාම නිසා ඉදිකිරීම් කටයුතුවලදී දැරීමට සිදුවන පිරිවැය ඉහළයාම, උළු ආදී නිෂ්පාදකයින්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියුතුවූවන් අපහසුතාවයට පත්වීම ආදිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු දැක්වූ අදහස් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද ඇමතිවරයා කීවේය.

    මෙම තීරණය සමගම වැලි තොටුපලවල්, මැටි කපන ස්ථාන ආදියේ ආරක්‍ෂාව වැඩි කරමින් පරිසර හානි අවම කරගැනීමට පියවර ගෙන ඇතැයිද හෙතෙම සදහන් කළේය.


    http://www.lankadeepa.lk/latest_new...පත්‍ර-අහෝසි-කිරීමේ-තීරණය-තාවකාලිකයි‘/1-561740

    ඔයාලා ඉක්මනට වැඩේ කරගන්න ඊටපස්සේ අපි ආයේ තහනම් කරන්නම්.....
     
    • Like
    Reactions: ryandok

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    බලපත්‍ර අයින් කරලා කියලා වැලි ගල් මිල අඩුවෙලා මිනිස්සුන්ට සහනයක් එනවා කියන එක බොරු කතාවක්. බලපත්‍ර අයින් කළා කියලා ඕන නං 2000 ක් අඩු කරයි වැලි මිලෙන්. වැලි ලෝඩ් එකක් 20 000 - 30 000 ක් වෙනවා නේ. සහනයක් ඕන නං කරන්න තියෙන්නේ වැලි ගල් වෙනුවට විකල්ප මිල අඩු ක්‍රම සාමාන්‍ය ගෙවල් හදන්න හඳුන්වා දෙන එක. පිට රටවල වගේ. බලපත්‍ර අහෝසි කිරීමෙන් එන සහනය ගණන් ගන්නවත් බෑ ගෙවල් හදන්න යන වියදම් එක්ක. නමුත් කරපු දේ ගැටළුවක් නෑ. අනවශ්‍ය අය කිරීමක් නේ අයින් කරන්නේ.

    oka karanna ba, minissu kamathi na wikalpa walata yanna sampradayika kramayata thamai gewal hadanne, awrudu 30-40k inna ne gewal hadanne anika jeewitha kaletama hamba karapuwane yata karanne, kawruwath risk gannne na. Ara muhudu walithi thibbe ko minissu hadanawada lunu kiyala bayata ganne na ne. owa wenas karanna next generation eka thamai.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113


    මේ බල්ලගේ කතාවනං වැරදි මචං .
    හොද breed එකක බල්ලෙක්ට ගලකින් ගැහුවොත්
    ඒක අපිව ඇවිල්ල හපනවා . :no::no:
    මම කිව්වෙ වල් බල්ලො බන්
     

    Similar threads