ගල්_කපනවා_බලන්න_වරෙන්

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ගල්_කපනවා_බලන්න_වරෙන්

    ඇතුලට වර තිය තිය බලන්නේ කුකුළා :lol::lol::lol::lol:











    කලාවට ආවේණික වූ විවිධ කලා පැතිකඩයන් ලෝකයේ පුරාවටම දකින්නට හැකිය. මෙවැනි විවිධ පැතිකඩ ඔස්සේ බොහෝ දෙනෙක් තමන්ට ආවේණික වූ අද්විතීය නිර්මාණ බිහි කරති. ඇතැමුන්ට නිර්මාණය හැකියාව තම සහජ හැකියාවෙන් පිහිටින අතර, ඇතැමුන් එම නිර්මාණය හැකියාව තම උත්සාහයෙන් ගොඩනගා ගනු ලබයි.

    tumblr_miire9S9xO1rdsvm1o4_1280.jpg


    ජපානය වැනි රටක කලා කටයුතු සඳහා ලොව පුරාම විවිධාකාරයෙන් ජනප්‍රියව පවතී. නමුත් මෑත කාලයේ ජපානය බොහෝ විට හඳුන්වනු ලබන්නේ තාක්ෂණය අතින් ඉහළ තලයේ රටක් ලෙසයි. එවන් වූ පරිසරයක් තුළ තම අභිමතයන් මල්ඵල ගැන්වීමට ජපාන කලාකරැවෙකු හට අවස්ථාව උදාවී තිබේ.

    gl-4e92ad6a748f9-340x277.jpg


    ජපානයේ නිවෙස් අලංකරණය යනු එම සංස්කෘතිය තුළ ඇති විශේෂ අංගයකි. එසේම එහි නිවෙස් අලංකරණය සඳහා බොහෝ සේ වෙහෙසෙනුද දක්නට ලැබේ. මෙවන් වූ වාතාවරණයක් ඇති රටක් තුළ නිවෙස් අලංකරණය වෙනුවෙන් කුඩා දෙයක් නිර්මාණය කිරීමට අද්විතීය නිර්මාණකරුවෙකු වූ Hirotoshi Ito හට හැකියාව හිමිව තිබේ. තම දෙමාපියන් නොමැතිව උස්මහත් වූ ඔහු අධ්‍යාපනය තුළින් ඉහළ යමින් තම ස්වෝත්සාහයෙන් මෙවැනි නිවෙස් අලංකරණය වෙනුවෙන් නිර්මාණය සිදුකරයි. ඔහු අාෙව්ණික වූ (තිරිවාන, කලු ගල්, මාබල්) ගල් යොදාගනිමින් මෙවැනි සුවිශේෂී නිර්මාණයන් සිදුකරනු ලබයි. මේ සඳහා ආවේණික වූ රසායනික ද්‍රව්‍යයක් ඔහු සොයාගෙන තිබේ.

    4(745).jpg


    b(6).jpg


    ටෝකියෝවේ National Fine Arts විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙකු ලෙසද මෙම නිරිමාණකරුවා කටයුතු කරයි. රසායනික ද්‍රව්‍යය එකතුවක් ඇති දියරයක් තුළ නිර්මාණය කිරීමට යොදා ගන්නා ගල බහා තබා එය මෙලෙක් වූ විට ඉතාමත් ක්ෂණිකව මෙම නිර්මාණයන් සිදුකරනු ලබයි. එයට හේතුව වන්නේ එම දියරය තුළ මෙම ගල එළියට ගත් මොහොතේ සිට එය නැවත යථා තත්ත්වයට පත්වීමට වෙර දරන හෙයිනි.

    bb.jpg


    Hirotoshi-Itoh-14.jpg


    ඔහුගේ මෙම නිර්මාණය ජපානය තුළ ඉතාමත් අධික මිලකට අලෙවි වෙයි. ඔහු විසින් මෙම නිර්මාණවලට නව වටිනාකමක් ලබා දීමට ඔහුට අවශ්‍යතාවක් නොමැත. තමා විසින් ඉගැන්වීම් කරනා විශ්වවිද්‍යාලය තුළ මෙවැන් හැකියාවලින් පිරිපුන් දරුවන් බිහි කිරීම ඔහුගේ ඒකායන අරමුණයි.

    hirotoshi-ito-stone.jpg


    Hirotoshi-Ito-stone-sculptures-1.jpg


    stone-sculptures-by-hirotoshi-itoh-gessato-gblog-7.jpg


    stone-sculptures-by-hirotoshi-itoh-gessato-gblog-9.jpg


    stone-sculptures-by-hirotoshi-itoh-gessato-gblog-17.jpg


    stone-sculptures-by-hirotoshi-itoh-gessato-gblog-15.jpg


    Source - Ada.lk




    හොදනම් සලකල යන්න. :lol::lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ ඉස්සර පිළිම නෙලද්දීත් ඒ ශිල්පියෝ ඔහොම රසායනික දියරයක් පාවිච්චි කරා කියල මම අහල තියෙනවා..එක ගැහුවම ගල මොලොක් වෙනවලු..ඊට පස්සේ එක හයි වෙන්න කලින් අර කැටයම් ටික කපනවලු...:nerd:

    නැත්තම් කොහොමද අර සද්ධන්ත බුදු පිළිම වල අච්චර සුමුදුවට ලස්සනට හැඩ වැඩ දාල නෙලන්නේ? මේවානම් මේ පොඩි පොඩි ගල් නේ...අරව එහෙමද..:baffled::baffled:

    මේ කතාවේ ඇත්ත නැත්ත දන්නේ නම් නැහැ..මටත් අපේ ඉස්කෝලේ සර් කෙනෙක් කියපු දෙයකින් තමයි ඕක අහන්න ලැබුනේ..:)
     
    • Like
    Reactions: cnk_123