ගලේ දේවාලෙටත් වැඩේ දෙන්න වගේ හදන්නේ මුන්. ලංකාවේ කපුවෙක් නැති එකම දේවාලේ. ආගම් භේදයක් නැතුව රට වටෙන්ම එතනට මිනිස්සු ඇවිත් තනියෙම භාර වෙනවා. කාරණාව හරි ගියොත් ඇවිත් පූජා වට්ටියක්, කිරිබත් දීලා භාර නිදහස් කරනවා. හොර කපුවොත් නෑ. ගමේ සමිතියකින් මේක ලස්සනට පාලනය කරනවා. මෙතනට එන අයගේ කාරණා ඉෂ්ට වෙන ප්‍රමාණය වැඩි නිසා දැන් සෑහෙම මිනිස්සු ප්‍රමාණයක් එනවා. ඒ කියන්නෙ හොදට සල්ලි එකතු වෙනවා. ඒකටත් වැඩේ දෙන්නයි මුන් හදන්නේ. පිං කැටේටත් වැඩේ දෙන්න හදපු පීචන් ආණ්ඩුවක් මම නම් දැකලා නෑ. කතරගමටත් වැඩේ දුන්නා. කලින් බස් නායක නිළමේ දේවාලේ සල්ලිවලින් හොස්පිටල් එකක් හදලා දෙනකොට රජයට ඇති තරම් සල්ලි තියනවා කිව්වා. දැන් රජයෙන් ඒ වගේ හොස්පිටල් 1ක්වත් හදලද කියලා පොඩ්ඩක් හොයලා බලපන්කෝ. කතරගම දේවාලෙන් හදලාදෙන්න නියමිත ප්‍රොජෙක්ට් කීපයක්ම තිබුනා. දැන් ඒවා නැවතිලා තියෙන්නේ. අහිංසක මිනිස්සුන්ට තමයි ඒකේ පාඩුව. මාලිමාවේ උන් මෙච්චර කුහක, හොරහැත්තක් විදියට හැසිරෙන්නේ ඇයි සහෝදරවරුණි?
https://gampahanews.lk/ගලේ-දේවාලය-නියාමනයට-රජයේ/?fbclid=IwY2xjawQbImpleHRuA2FlbQIxMABicmlkETFPNHlBN1BMZGcwRm9BblRKc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHh4c3kwWKSa4uIXuhTSZ-GdfqXUQ-zJjTdlb7bDs--cF5dZnJ2dtxv-VrltS_aem_3zWZ_BdoPbVbBoc2SjnucQ
ගලේ දේවාලය නියාමනයට රජයේ මැදිහත්වීම අවශ්‍යයි – රුවන්තිලක ජයකොඩි
ගලේ දේවාලය සම්බන්ධ ගැටලු
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ගලේ දේවාලය පෞද්ගලික සමිතියක් යටතේ පාලනය වන බවත්, එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ ස්වේච්ඡා සමිතියක් ලෙස නිල ලියාපදිංචි වී නොමැති බවත් ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය සඳහන් කළාය.
එම දේවාලය මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතට පත් කිරීමට උත්සාහ කළද, පෞද්ගලික සමිතිය එකඟ නොවූ බවද ඇය පැවසුවාය.
පොලීසිය පෙන්වා දුන්නේ දේවාලය අසල කඩසාප්පු අපිළිවෙළින් පිහිටා ඇති අතර, පාරවල් අවහිර වීම හා තදබදය වැඩිවීම ගැටලුවක් බවයි......