ගලෝපියව් ෂර්ට් දාපියව් පාවඩ මෙන්න තොපේ ගැලවුම් කාරයාකාරයා 😁

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ශ්‍රී ලංකාවට නුහුරු ඇන්ඩෘ ටේට්, ආචාර්ය ජෝර්ඩාන් පීටර්සන් අපි අත්හදා බැලීමක් විදියට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා.

    ලෝකයේ ජනප්‍රියම, මිලියන ගානක් රසිකයො හිටියට ශ්‍රී ලංකාවේ අතිබහුතරය ඔවුන් දැන සිටියේ නැහැ.

    අපේ රටේත් බොහෝ දෙනෙක් මේ තිත්ත ඇත්ත ආදරයෙන් වැළද ගත්තා.

    කොහොමවුනත් ඇන්ඩෘලාගේ, ඩොක්ටර් පීටර්සන්ලාගේ කියවීම්, ඉගැන්වීම් මේ වෙද්දි බටහිර අතිශය ගෞරවයට ආදරයට ලක් වෙලා.

    බටහිර ඔවුන් දකින්නේ තමන් උවදුරකින් ගලවගන්න ආපු වීරයො විදියට..

    ඔබට මේ ඔවුන්ගේ ඉගැන්වීම් තේරුම් ගන්න නම් වර්තමාන බටහිර සමාජීය තත්ත්වය තේරුම් ගන්න වෙනවා.

    මොකද මේ ඉගැන්වීම් වලට පසුබිම සහ අදාලත්වය එන්නේ එතනින්.

    අප කැමති වුනත් නැතත් ලෝකයම පාලනය කළ මහා සංස්කෘතියක් වුනු ඇංග්ලො සැක්සන් සංස්කෘතියෙන් ගොඩනැගුනු බටහිර බිඳ වැටෙමින් තියෙනවා.

    බටහිර බිඳ වැටෙන්නේ ඉතාම මානවප්‍රේමි ලෙසින් බටහිර සමාජය කිදා බැස ගත් මතවාදයන් නිසා.

    උදාහරණ ලෙසම කිව්වොත් කාන්තාවාදය (Feminism) , විෂම ලිංගික අයිතීන් (LGBT Rights) පිරිමි විරෝධය (Toxic Masculinity concept), කාලගුණ විපර්යාස (Climate Change) ආදි සංකල්ප මෙයට දැඩිව හේතුවුනා.

    මේ හැමදේම දේශපාලනිකයි.

    අද ඔබ බලන නෙට්ෆ්ලික්ස් ඩොකියුමන්ට්‍රි වල කැරැක්ටර්ස් කලු කරන්නේ, lgbt කරන්නේ මේ අහම්බෙන් නෙවෙයි.

    ගැටවර වයසේ දරුවන්ට "ට්‍රාන්ස්" වෙන්න එන්කරේජ් කරන ටීවි ශෝස් එන්නේ අහම්බෙකින් නෙවෙයි.

    අද බටහිර පිරිමියා දුර්වල කරන, "ටොක්සික්" විදියට ලේබල් කරන සමාජයක්.

    ඔබ දන්නවද බටහිර පාසල් වලින්ම දරුවො ලිංගික සංක්‍රාන්තිකයො වෙන්න එන්කරේජ් කරනවා ?

    විවාහය වගේ සංකල්ප රිජෙක්ට් කරවනවා ?

    බටහිර දහස් ගානක් දරුවො තමන්ගේ ජෙන්ඩර් එක මොකක්ද කියලා හොයාගන්න බැරිව ස්ට්‍රගල් කරනවා ?

    පුදුම වගේ හිතුනට ඒ දේවල් ඇත්තටම සිද්ධ වෙනවා.

    පිරිමින්ට විරුද්ධව අලුත් නීති පනවනවා.

    ඔය ඕස්ට්‍රේලියාවේදි ධනුෂ්ක ගුණතිලකගේ "කොන්සන්ට්" සිදුවීම වගේ නොකරපු වැරදි වලටත් පිරිමින්ට ලේසියෙන් දඬුවම් කරන්න නීති ගේනවා.

    ජොනි ඩෙප් කාලයක් සමාජයේ, මාධ්‍යයේ දුෂ්ටයෙක් වෙන්නේ මේ පදනමින්.

    විල් ස්මිත් දුර්වලයෙක් කරන්නේ, ඔහුගේ බිරිඳ ඔහුට චීට් කරපු කතා ප්‍රසිද්ධියේ කියලත් ගාලා වලට ඉන්විටේෂන්ස් ලැබෙන්නේ මේ පදනමින්.

    ලංකාවේ තාම ඒ වගේ බරපතල සමාජ සෝදාපාලු තත්ත්වයක් නැහැ.

    ඇන්ඩෘ ටේට්ලා, ඩොක්ටර් ජෝර්ඩාන්ලගේ ඉගැන්වීම්, මත එන්නේ එහෙම පසුබිමක.

    ඔවුන් විවාහ වෙන්න එපා කියන, ෆෙමිනිසම් මත එක්ක හැප්පෙන්නෙ.

    සමාජයක් තියෙන්න පිරිමි අවශ්‍ය නෑ කියන මත එක්ක හැප්පෙන්නේ..

    දරුවන් බලෙන් LGBT කරවන රැලි වලට පහර දෙන්නෙ..

    බලෙන් ඇගේ ගහන්න හදන රැලි එක්ක හැප්පෙන්නේ..

    කොහොම වුනත් ඉහත කියු මතවාද මතවාද, සංකල්ප, ක්‍රියාකාරීත්ව දැඩි අන්තගාමී ස්වරූපයකට පත්වී, ඒ ඔස්සේ බටහිර බිඳ දමමින් තිබෙනවා.

    මේ හැමදේම පටන් ගත්තේ "වික්ටිම් ෆ්‍රෙන්ඩ්ලි" මානසිකත්වයකින්.

    ඒ කියන්නේ කාන්තාව වික්ටිම් එකක්.

    කලු ජාතිකයන් වික්ටිම් එකක්.

    LGBT ප්‍රජාව වික්ටිම් එකක්.

    ඒ වික්ටිම්ස්ලට විශේෂ වරප්‍රසාද දිය යුතුයි. පීඩකයා දුර්වල කළ යුතුයි කියන පදනමින්.

    කවුද එතකොට පීඩකයා ? ඔබ්වියස්ලි සුදු ජාතික පිරිමියා.

    සුදු ජාතික පිරිමියා දුර්වල කරන්න නීති එනවා, රැලි හැදෙනවා.

    මේ හැමදේම දේශපාලනිකයි.

    මේ දේවල් පටන් ගත්තෙම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අතර "සුදු මැස්කියුලින් පිරිමි" වැඩියි කියලා අදුරගත්තට පස්සේ රැඩිකල් වම විසින්.

    ඊටපස්සේ හොලිවුඩ් වලින්ම ක්‍රියාත්මක මේන්ස්ට්‍රීම් මතය එය වෙනවා .

    අලුත් පොලිටිකලි කරෙක්ට් රැලි එනවා.

    විවාහය, දරුවො වගේ දේවල් "ටොක්සික්" වෙනවා.

    පිරිමියෙක් වීම පාපයක් වෙනවා.

    ඇන්ඩෘලා, JP ලා, ජෝ රෝගන්ලා ෆයිට් කරන්නේ ඒ මේන්ස්ට්‍රීම් කල්ට් එකත් එක්ක.

    ඒකයි ලෝකය පුරා පිරිමි මිලියන ගණනක් ඔවුන් එක්ක ඉන්නේ.

    අපිට බටහිර බිඳ වැටීම අවුලක් නෑ.

    හැබැයි බටහිර වට්ටපු ඒ කොන්සෙප්ට්ස්, මතවාද වල සියුම් ස්වරූපයන් ඉතාම රොමාන්තික, මානවප්‍රේමි සංකල්ප විදියට අපේ රටේ මහපොළොවේත් පැලවෙමින් තියෙනවා.

    "පොලිටිකල් කරෙක්ට්නස්" වචනයට ගැලපෙන සිංහල වචනයක් හොයාගන්න මට බැරි වූවත්, බටහිර විනාශ කළ ඒ "පොලිටිකල් කරෙක්ට්නස්" එකම අපේ සමාජයේත් පැළ වෙමින් තිබෙනවා.

    අපේ රටේත් හොයන්නෙ බලන්නෙ නැතුව එක කාන්තාවකගේ චෝදනාවකින් පිරිමියා දඩු කදේ ගහනවා.

    ෆේස්බුක් එකේ දවසකට එකක්වත් වන තරමින් මහා පරිමාණයෙන් ශෙයා වෙන කාන්තා අයිතිවාසිකම්, ලිංගික නිදහස, දරුවන්ට නිදහස ආදි පදනම් මත ලියැවෙන පට්ට මානුෂික, රොමාන්තික සටහන් අන්තිමට පැල කරන්නේ මේ පොලිටිකල් කරෙක්ට්නස් එක.

    මේවා කියවන, ශෙයා කරන, ඔලුවට ගන්නා බොහො දෙනෙකුට එතනින් එහා මහා කියවීමක්වත්, ගැඹුරු වැටහීමක්වත් නැහැ.

    ඔවුන් එතැන ඉදලා තමන්ට පැහැදිලිව නොපෙනෙන, නොදන්නා පද්ධතියක් වෙනුවෙන් පවතින පද්ධතිය විනාශ කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා.

    මානව වර්ගයා යනු පරිණාමනය වෙමින් ගොඩනැගෙන ශිෂ්ඨ බුද්ධිමත් ජීවි කොඨ්ඨාසයක්.

    අද අපි බුද්ධිමත්, ශිෂ්ඨ ජීවින් කොටසක් කළ හර පද්ධතීන් බිඳ දැමීම,

    ජීව විද්‍යාත්මකව අප ගොඩ නැගු ආකාරයත්, ජීව විද්‍යාත්මකව අපිට පැවරු වගකීම් විකෘති කිරීමට යාම,

    සංස්කෘතිමය වශයෙන් අප ගොඩ නැගු ධර්මතා විනාශ කිරීම,

    ඇතුලේ සිද්ද වන්නේ මහා විනාශයක්ම විතරයි. ඕන නම් බටහිර දෙස බලලා එය ඉගෙන ගන්න පුලුවන්.

    වරක් කාලගුණ විපර්යාස (Climate Change) මිත්‍යාව පිළිබඳව දේශනයක් සිදු කළ, ආචාර්ය ජොර්ඩාන් පීටර්සන් මෙහෙම කතාවක් කියනවා.

    " ඔවුන්ට (මේ මතවාද පැළ කරන්නන්ට) ඇත්තේ පරිසරය පිළිබඳ ආදරයක් නොවේ, මනුෂ්‍යත්වය පිළිබඳ වෛරයකි."

    එය යථාර්තයක්.

    මේ කාලගුණ විපර්යාස කතා, පරිසර් ප්‍රේමි කතා අපේ රටෙත් ප්‍රොග්‍රෙස් එක නවත්තලා තියෙනවා ඔබට හොදට බැලුවොත් පෙනේවි.

    අසල්වැසි ඉන්දියාවෙ තාම කෝල් බලාගාර හදනවා.

    බංග්ලාදේශේ, චීනේ කෝල් බලාගාර හදනවා.

    ඒ රටවල විදුලිය තව මිල අඩුවේවි.

    මේ මිලියන 20ක් ඉන්න අපේ පොඩි රටේ ගල් අගුරු බලාගාරයක් හදන්න ඉඩ නොදී, ග්‍රීන් පවර් ඉල්ලනවා.

    හැබැයි ග්‍රීන් පවර් එෆිෂන්ට් නෑ, මහා පරිමාණයෙන් හදන්න බැ, ඉල්ලුමට සැපයුම දෙන්න බෑ කියලා ඔවුන් හිතන්නෙ නෑ.

    අපේ රටේ මිනිස්සුත් ඒවා හොයලා බලන්නෑ.

    අන්තිමට කලුවරේ ඉන්නවා.

    මේ එක උදාහරණයක් විතරයි.

    අපේ රටේත් මේ "පොලිටිකලි කරෙක්ට්" පදනම ඇති කරන්න උත්සාහ කරන බහුතරයකට තියෙන්නෙත් මේ රටේ මනුෂ්‍යත්වය, මිනිස්සු, සංස්කෘතිය ගැන වෛරයක් විතරයි.

    මේ කියවීම්, ඉගැන්වීම් එතනින් අල්ලන් ඉගෙන ගන්න..

    ටට්ටාන්දරේ නොහොත් ඇන්ඩ්රූ ටේට් ⁣මෙසේ සුවහසක් ශ්රී ලාංකික කුකුලන් හට බාර දෙන ලදී 😁😁😁😁😁😁
    (වෙල්මා පේජ් එක)
     

    Attachments

    • FB_IMG_16721270440065913.jpg
      FB_IMG_16721270440065913.jpg
      127.5 KB · Views: 93

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    මොටිවේශන් අප්පොච්චා මැරිලා කිච වෙලා ගියා හින්දා ලංකාවේ උන්ට ඔහොම එකෙක් නැතුව හිටියේ, tate හොදයි 1 to 1 replacement
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මෙච්චර නෙට් තිබිලා ජොර්ඩන් පීටර්සන් ව අමුතුවෙන් ප්‍රමොට් කරන්න හදනවා කියන්නෙ ඉතින් අනෙ මන්දා ඉතින් .
    ලන්කාවට හඳුන්වා දුන්නෙ තමන් කියන එක කියන එක කියලා එක දාගන්න ගොඩක් අය කැමති නෙ ?
    මෙකත් ඒ වගෙ දෙයක් .
    තමන්ට බැරිද අළුත් දෙයක් නිර්මාණය කරන්න ?
    අන්න එතනයි වැදගත්කම ,අපි එතනදි ෆේල් .
     

    Sen-lu

    Well-known member
  • ඉන්දරය වගේ හීන මාන පොන්න පේජ් කාරයෙක්. මම තමා මුලින්ම දැක්කෙ කියන හීනමාන ලදරුවෝ.

    කිරියෙ ඔය මිනිස්සුන්ගෙ අදහස් ගැන කතා කරේ කොයිතරම් කාලෙකට කලින්ද. එහෙනම් කිරියෙ උනුත් දාන්න ඕන අපි තමා මුංව ලංකාවට අදුන්නලා දුන්නෙ කියල 😂😂.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113

    ගු ගියා..........


    ටෙට්නම් ස්කෑම් එකක් රන් කරන්නේ hustlers university කියලා එකට කට්ටිය අල්ල ගන්න එක තමයි පොරගේ ගෝල් එක jordan peterson නම් සිරා පොරක් .

    ඔය ගැනුන්ට තව පන්න පන්න ගහාන කෙනෙක් තමයි pearl davis කියන්නේ ගැනියක් වෙලා feminism/woke culture එකට විරුද්දව කතා කරනවා හැබැයි ඔය ෆ්බ් එකේ එවුන් නම් දන්නේ වත්නැ ඒ අය ගැන.
     
    • Like
    Reactions: War Fighter

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    322393463_876530277096390_295412610920271838_n.jpg


    Code:
    https://www.facebook.com/photo/?fbid=479983377613413&set=a.411200227825062

    322369383_1158026681515802_4170693668698112906_n.jpg

    ------ Post added on Dec 27, 2022 at 7:06 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    ජීවිත කාලෙම තරහින් කුඩුකේඩුකමින් පිපිරි පිපිරි ඉන්න පිරිමියෙක් බවට පත්වෙන්න පුලුවන් රෙසිපි එකක්. මුන්ට ජීවිතේට බවලත්තු එක්ක ජීවිතෙ සතුට ආදරය විඳින්ඩ හම්බවෙන්නෑ.
     
    • Haha
    Reactions: greenthunder