ගල උඩ සටනේ තත්වය

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගල උඩ සටනේ තත්වය

    ගල උඩ සටනේ තත්වය: රාජපක්ෂ පවුල තවම ජයගෙන නැත.

    රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් රාජපක්ෂ පවුල මේ වන විට බරපතල ගැටලුවකට මුහුණ දී සිටියි. ඒ වනාහි අන් යමක් නොව, සරළ බහුතරය වන මන්ත්‍රීන් 113දෙනෙකුගේ සහයෝගය තමන්ට ඇති බව පෙන්වීමට ඔවුන් අසමත් වීමයි.

    රාජපක්ෂ පවුල නැවත බලයට පැමිණීම ගැන මේ වන විට වැඩියෙන් ම උදම් අනමින් සිටින්නේ විදර්ශන කන්නන්ගර වැනි ආන්තික වාමාංශිකයන්, ඔවුන්ගෙන් නායකත්වය ලබන පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ජවිපෙ වෙත නැඹුරුවක් දක්වන නිර්මාල් දේවසිරි වැනි පිරිස් පමණි. මේ වන විට ජවිපෙ පවා තත්වයේ ගැඹුර වටහා ගනිමින් සිටියි.

    කෙතරම් මුදල් විසි කළත්, රාජපක්ෂ පවුල සිතූ අන්දමින් මන්ත්‍රීවරුන් බාගැනීමට නොහැකි වීම ඔවුන් ලැබූ දරුණු පරාජයකි. රාජපක්ෂ පවුලේ ආධිපත්‍යය හා එයින් නිර්මාණය විය හැකි ව්‍යසනය පිළිබඳ කුකුස හේතුවෙන් බොහෝ අය පස්ස ගසමින් සිටීම එයට හේතුවයි. අනෙක් පැත්තෙන් තනතුරු බෙදාගැනීම පිළිබඳ රාජපක්ෂ පවුලේ හා එහි අන්තේවාසිකයන් අතර ම මේ වන විට ඒ සම්බන්ධයෙන් තිබෙන පොරය තුළ පිටතින් පැමිණෙන අයට බලයක් ලැබෙන තත්වයක් ඇත්තේ ද නැත. රූපවාහිනියේදී රොජර් සෙනෙවිරත්නගෙන් පළ වූ හා මේ මොහොතේ විමල් වීරවංශගෙන් පළ වන මජර, ප්‍රචණ්ඩ චර්යාව හා රාජපක්ෂවාදීන්ගේ පොදු අන්තවාදය තුළ රාජපක්ෂ පවුල් පාලනයට අවම හෝ සාධනීය දිශානතියක් වෙත චලනය වීමේ හැකියාව ගිලිහී යමින් තිබේ. මේ බව බැසිල් රාජපක්ෂ හිතවතකු වන මහින්ද පතිරණ ෆේස්බුක්හි තබා ඇති සටහන්වලින් ද පෙනේ.

    බලය තහවුරු කරගැනීමටත් පෙර ම තනතුරු සම්බන්ධයෙන් මරාගන්නා තත්වයක් රාජපක්ෂ පවුල් පාලනය තුළ නිර්මාණය වී තිබේ.

    මෙම තත්වය තුළ මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී යා හැකි පිරිස පාලනය වෙමින් තිබේ. සෙලවෙන දත් ලෙස සිටි රවී කරුණානායක, වසන්ත සේනානායක වැනි අය පවා මේ වන විට පක්ෂයෙන් ඉවත් නොවන ස්ථාවරයන් වෙත පැමිණ ඇති බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාස වැනි අය කිසියම් දුරකට පසුබා සිටිය ද ඔවුන් ද පක්ෂය හැර නොගොස් දිගුකාලීන අරමුණු මත කටයුතු කරන බව පෙනේ. එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ සජිත්, නවීන් වැනි අයගේ පසුබෑම නිසා එක්සත් ජාතික පෙරමුණ හරහා චම්පික, රාජිත වැනි අය ඉදිරියට එමින් තිබීම ද දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. සටන්කාමී එක්සත් ජාතික පාක්ෂිකයන්ට මේ මොහොතේ නායකත්වය දෙන පිරිස් අනිවාර්යයෙන් ම අනාගතයේදී එම බලවේගයේ නායකයන් වනු නියත ය.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ ද යම් පිරිසක් රාජපක්ෂ පවුල සමග නැවත එක් නොවන ප්‍රවණතාවක සිටිති. මේ හේතුවෙන් ඉදිරි දින කීපය තුළ සිදු වන ක්‍රියාකාරකම්වල අතිශය වැදගත්කමක් නිර්මාණය වී තිබේ.

    රාජපක්ෂ පවුල් පාලනයට කටයුතු කරන්නට සිදු වී තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී පසුබිමක් තුළ වන අතර, මේ වන විට ඔවුන්ට ජාත්‍යන්තර සහයෝගයක් යම් දුරකට ලැබී තිබෙන්නේ චීනයෙන් පමණි. එහෙත්, චීනයට බදු දුන් හම්බන්තොට වරාය නැවත ලබාගත යුතු ය යන රාජපක්ෂ පවුලේ ස්ථාවරය සමග මෙම ගනුදෙනුව කෙසේ පෑහේ ද යන්න තවම පැහැදිලි නැත.

    ඉන්දීය කුමන්ත්‍රණ චෝදනාව සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන ගමන ද රාජපක්ෂ පවුල් පාලනයට දැඩිව බලපානු ඇත.

    කෙසේ වෙතත්, මෙම අර්බුදය අවසානයේ විසඳෙන්නේ ලංකාවේ මහපොළවේ ය. රාජපක්ෂ පවුල බලාපොරොත්තු වූ තරම් සරල අන්දමේ බල හුවමාරුවක් සිදු වන්නේ නැති බව පෙනේ. රනිල් වික්‍රමසිංහ ඔවුන් බලාපොරොත්තු වූ තරම් සරල ලෙස අතහැර යන බවක් නොපෙනේ. මෙය ඔහුගේ පමණක් නොව, ලංකාවේ දේශපාලනයේ බොහෝදෙනෙකුගේ අවසන් අවස්ථාව විය හැකි බව පැහැදිලි ය. මෙය ගල උඩ සටනක් වන්නේ ඒ නිසා ය.

    රාජපක්ෂ පවුල් පාලනය නැවත බලයට පැමිණීමෙන් කුහක සතුටක් ලබමින් සිටින වාමාංශික අන්තවාදීන් මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදයේ සටන් පාඨය අතහැර දැමීම හරහා ඔවුන්ගේ අනාගත අවස්ථා මුළුමනින් ම අහිමි කරගනු ඇත.

    එහෙත්, වඩා නම්‍යශීලී වාමාංශික පක්ෂයක් ලෙස ජවිපෙ ගන්නා තීරණය මෙහිදී ඉතා වැදගත් ය. ලබන සතිය වන විට නාට්‍යය වඩා ගැටුම්කාරී ලෙස ඉදිරියට යනු ඇත.

    රාජපක්ෂ පවුල තවම ජයගෙන නැත. ඔවුන් පරාජය වී ද නැත. ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු වෙනවා නම් වන්නේ බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායකත්වයක් තුළ ය.


    http://www.w3lanka.com/%E0%B6%9C%E0%B6%BD-%E0%B6%8B%E0%B6%A9-%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%9A-%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B6%B4/
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113


    රාජපක්ෂ පවුල තවම ජයගෙන නැත. ඔවුන් පරාජය වී ද නැත. ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු වෙනවා නම් වන්නේ බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායකත්වයක් තුළ ය.


    http://www.w3lanka.com/%E0%B6%9C%E0%B6%BD-%E0%B6%8B%E0%B6%A9-%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%9A-%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B6%B4/


    චන්ද පැවැත්වීම අවුරුදු ගණන් කල් දාන එක ප්‍රජාතන්ත්‍ර විරෝධී නැද්ද? ;)

     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Election kal daddi Pambaya president, Ponil PM.

    පඹයට තිබුණා පොනිල්ව ඒ චෝදනාවට අස් කරන්න.... දැන් කියන්නේ මාව මලන්න ගිය කුමන්තනේ ගැන හෙව්වෙ නැති එකට මං තලායි කියලා........

    මූනේ බන් යුද්ධෙ අන්තිම සති දෙකේ මහින්දත් පැනලා ගියා, ගෝඨත් පැනලා ගියා, ෆොනිත් පැනලා ගියා....මං තමයි ගේම ගැහුවේ කියලා කියපු එකා....

    What more to day about this fucker dude?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මහින්ද දෙමල සන්ධානේ සහය ගනී. අන්තිම තුරුම්පුව ඒක
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද දෙමල සන්ධානේ සහය ගනී. අන්තිම තුරුම්පුව ඒක
    පිස්සුද බන් ඕකුන් උතුරට ගිහින් රෙද්දක් ඇඳගෙන චන්දෙ ඉල්ලන්නේ කොහොමද මහින්දට චන්දෙ දීල
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද දෙමල සන්ධානේ සහය ගනී. අන්තිම තුරුම්පුව ඒක


    "උනුත් ජාතික වීරයෝ තමයි.... කොටි කියන්නේ ජාතික වීරයෝ...දක්ශ කොල්ලෝ....." - නුදුරු අනාගතයේ බයියන් එලකිරියේ දමන්නට නියමිත කොමෙන්ටුවකි...

    හැක් හැක් හැක්.....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    පඹයට තිබුණා පොනිල්ව ඒ චෝදනාවට අස් කරන්න.... දැන් කියන්නේ මාව මලන්න ගිය කුමන්තනේ ගැන හෙව්වෙ නැති එකට මං තලායි කියලා........

    මූනේ බන් යුද්ධෙ අන්තිම සති දෙකේ මහින්දත් පැනලා ගියා, ගෝඨත් පැනලා ගියා, ෆොනිත් පැනලා ගියා....මං තමයි ගේම ගැහුවේ කියලා කියපු එකා....

    What more to day about this fucker dude?

    මම කියන්නේ මේකයි - අවුරුදු ගණන් චන්ද කල් දම දමා හිටපු මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රැකීම ගැන Moral high ground එක නෑ :no: චන්ද කල් දැමීම පොනිල් අයින් කරන්න හේතුවක් කියල නොකීම (සමහරවිට ඒකත් හේතුවක් කියල කියයි අද ජාතිය අමතද්දී) ඒ චෝදනාවෙන් රනිල් නිදහස් වෙන්න හේතුවක් නෙමෙයිනේ
     

    Similar threads