ගල උඩ සටන ඇරඹේ..

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ගල උඩ සටන ඇරඹේ..

BRICS ඩොලර් බිලියන 100ක යෝධ බැංකුවක් අරඹයි

ලෝකයේ ඉස්මතු වෙමින් පවතින ආර්ථිකයන් වන BRICS රටවල් විසින් ඩොලර් බිලියන 100ක BRICS සංවර්ධන බැංකුව ගොඩනගා ඇතැයි වාර්තා වේ.

බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප‍්‍රිකාව යන රටවල් සාමාජිකත්වය දරන BRICS සංවිධානයට අයත් මෙම බැංකුව විසින් එහි සාමාජිකත්වයේ යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මුදල් ලබාදීමට නියමිතය.

බැංකුවේ කටයුතු ආරම්භ කිරීම සඳහා ඩොලර් බිලියන 50ක මුදල සම්පාදනය කරගැනීම සඳහා සාමාජිකත්වය විසින් සමාන මුදලක් ලබාදී ඇතැයි පැවසේ.

බ‍්‍රසීලයේ ෆෝටලේසාහි පැවැත්වෙන 6වන BRICS සමුළුව අතරවාරයේදී මේ සඳහා ගිවිසුම් අත්සන් කර ඇති අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ මෙය ලෝකයේ ප‍්‍රධානතම බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයක් වනු ඇති බවයි.

මෙය ඇමරිකානු ඩොලරයේ ගෝලීය ආධිපත්‍යය බිඳ දැමීමේ පළමු පියවර වනු ඇති බව විචාරකයන් පවසා තිබේ.

එමෙන්ම ඇමරිකාව විසින් හසුරුවනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවට එරෙහි උපකරණයක් ලෙසින්ද BRICS සංවර්ධන බැංකුව ක‍්‍රියාත්මක වනු ඇති අතර ඒවාට වෙනස් ලෙස සියලූ සාමාජිකත්වයට සමාන බලතල ලබාදීමටද පියවර ගෙන තිබේ.

මේ අතර ආර්ථික අර්බුද වලදී උපයෝගී කරගැනීම සඳහා තවත් ඩොලර් බිලියන 100ක හදිසි සංචිත එකතුවක් ගොඩනගා ඇති අතර ඒ සඳහා ඩොලර් බිලියන 41ක මුදලක් චීනය විසින් ලබාදී ඇතැයි පැවසේ.


ලංකා සී නිව්ස්.කොම්​