ගවයාගේ

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    කඳුළු සැලූ ගවයාගේ දිවි ගැලවේ
    චීනයෙන් ඇසුනු කතාවක්‌


    p15-1.jpg

    ගවයාගේ ඇසකින් කඳුළු වැගිරුණ අයුරු.

    ගව ඝාතකාගාරයකට ගෙනයනු ලැබූ ගවයකුගේ දැස්‌ වලින් කඳුළු ගලා යැමේ සිද්ධියක්‌ ඔබ අසා තිබේද? චීනයේ "පීපල්ස්‌ නිව්ස්‌" පුවත්පත මෑතකදී මේ විස්‌මය ජනක සිද්ධිය අනාවරණය කළේය.

    මේ කඳුළු සැලූ ගවයා ගව ඝාතකයන්ගේ සිත් සතන් පවා වෙනස්‌ කරනු ලැබීය.

    ගව ඝාතකයෝ සුපුරුදු පරිදි මේ ගවයාව ඝාතකාගාරයේ දොරටුව වෙත දක්‌කාගෙන පැමිණියහ. එහෙත් මේ ගවයා දොරටුව ළඟ නතර වූවා මිස ඇතුළට ගියේ නැත. මෙම ගව ඝාතකාගාරය විසින් සේවයට ගෙන තිබුණේ ගවයකු බිම දැමිය හැකි ශක්‌තිමත් මිනිසුන් කීප දෙනෙකි. මෙකී මිනිස්‌සු ගවයාව ඇතුළට තල්ලු කිරීමට දැරූ සෑම උත්සාහයක්‌ම ව්‍යර්ථ වූහ. ගවයා සිටි තැනින් අඩියක්‌වත් සෙලවූයේ නැත. මෙයට හේතුව සොයා බැලූ එක්‌ ගව ඝාතකයකු වූ ෂියු-ටැච් කින් පුදුමයට පත්වූයේ ගවයාගේ දැස්‌වලින් කඳුළු ගලා ඒමත් එම දැස්‌ බියෙන් රතු පැහැ ගැන්වී තිබීමත් නිසාය. මට මේ සිද්ධිය අදහාගන්න බැරිවුණා කී ගවයාගේ දැස්‌වලින් නොකඩවා ඇද හැලුණු කඳුළු බිමට වැටුණා. මම විගස අනිත් අයටත් පෙන්වා ගවයාව තල්ලු කරන්න උත්සාහ කළත් ඌ සෙලවූයේ නැහැ. එකවරම බිම වාඩිවුණා. ඒ වෙලාවේ දැස්‌ වලින් දිගටම කඳුළු වැගිරුණා යෑයි ෂියු-ටැට්‌ කින් කියා සිටියේය.

    මේ නිසා ගව ඝාතකාගාරයේ ප්‍රධානියා වූ බිලි පොන් වෙත මෙම විස්‌මයජනක සිද්ධිය දැනුම් දී ඇත. "මිනිසුන් සෑමදාම සිතන්නේ මිනිසුන්ට මෙන් සතුන්ට හඬන්න බැහැ කියලයි. නමුත් මේ ගවයා ළදරුවකු මෙන් හැඬුවා යෑයි බිලිපොන් පැවැසීය.

    ගවයාගේ මේ හැසිරීම අනිකුත් ගව ඝාතකාගාරවලටද පැතිර ගියේය. ඔවුහු විගස එම ස්‌ථානයට පැමිණියහ. අවට ජනතාවද ගව ඝාතකාගාරය අසලට එක්‌රොක්‌ වූහ. ගවයා හඬනු දුටු ජනතාවද හැඬූහ. මේ ගවයා ඝාතනය කිරීමට ඝාතකයන් කිසිවකු ඉදිරිපත් නොවුණි. අවසානයේදී ගව ඝාතකයෝ තීරණයකට එළැඹීයහ. ඒ සිය මුදලින් ගවයාව මිලට ගෙන බෞද්ධ ආශ්‍රමයකට යෑවීමයි.

    ඒ සඳහා රැස්‌ව සිටි ජනතාවද සම්බන්ධ වූහ. ගව ඝාතකයෝ පිරිස රැස්‌ව සිටි ජනතාව අමතමින් මේ ගවයා ඝාතනය නොකිරීමට තමන් තීරණය කළ බවත් උගේ අවසානය දක්‌වා බෞද්ධ ආශ්‍රමයක සිටීම සඳහා ඉඩදෙන බවටත් පැවැසූහ.

    මේ තීරණයෙන් විනාඩි දෙකකට පසු ගවයා නැගිට්‌ටේය. අපට මෙය සිතා ගන්නටත් බැරි දෙයක්‌. මිනිසුන්ගේ වචන තේරුම් ගැනීමට ගවයාට හැකි වූයේ කෙසේද යෑයි ෂියු ටැට්‌ කින් සඳහන් කළේය.

    මගේ මුළු ජීවිතය තුළට මෙවන් දර්ශනයක්‌ දුටු මුල් වතාව මෙයයි. ගවයාගේ දැස්‌වල තිබූ බියට පත්වූ ස්‌වභාවය මට කිසි දිනෙක අමතක වන්නේ නැහැ යෑයි ඔහු තවදුරටත් කියා සිටියේය.

    චීනයේ "පීපල්ස්‌ නිව්ස්‌" පුවත්පත වැඩිදුරටත් පවසන්නේ මේ විශ්මයජනක ගවයා ඝාතකයන්ගේ මනස මුළුමනින්ම වෙනස්‌ කළ බවයි. මේ පුවතින් පෙන්නුම් කරන්නේ ගව ඝාතකයන්ගේ හදවත උණුවීමයි. එහෙත් දිනකට කොළඹ දෙමටගොඩ ගව ඝාතකාගාරයේ ඝාතනය වන ගවයන් සංඛ්‍යාව කොතෙක්‌ යෑයි ඔබ සිතන්නේද?මෙයට වසර ගණනකට පෙර තංගල්ලේ සුපිරි හෝටලයක්‌ ඉදිරිපිට වෙරළ අසලම ගව ඝාතකාගාරයක්‌ විය. එම ස්‌ථානයේ ගවයන් මරණ අයුරු සංචාරකයන්ට පවා දැක ගත හැකිය. එහෙත් සුනාමිය එම ගව ඝාතකාගාරය විනාශ කළේය.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ කතාව මටනම් මහ අරුමයක් නෙමෙයි බන්
    මමත් දෑකල තියෙනව හරක් අඩනව
    ඒ අපේ ගෙදරදී.... :)

    ඇයි ඔයාලා ගෙදරත් හරක් මරනවද ??
    මචන් පව් නේද ??
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    anee.. man nam harak mas kanneth na... maranawata kohethma ekagath na... kawru hari harakage as deka diha kelin balagena tikak wela hitiyoth man hitanne na... e kena kawadawath e ahinsaka sata maragena kawi kiyala...
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    හරක් මස් කන්න එපා එක තමයි අපිට කරන්න පුලුවන් එකම පුන්යකර්මය. අපිට හරක් මරන එක නවතන්න අමාරුයි
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔව් යාලුවනේ මන් දන්නා හැමෝටම කියන්නේ මස් කන්නෙපා .හරක් මස් විශේෂයෙන්ම.පොඩ්ඩක් බලපන් ඒ සතාගේ මූණ.මේ තරම් අහිංසක සතෙක්ව ජරා විදියට එල්ලලා මරණ එවුන් කවදා හරි මැරෙන්නේ ඊට වැඩ ජරා විදියට.මරණ අය වගේම කන අයටත් මේකම තමා.මන් වැඩ කරන තැන ගොඩක් ඉන්නේ මුස්ලිම් අය,උන්ටත් මන් මුනට කිව්වා.උන් කන එකත් නවත්තල තියෙන්නේ.ගෙදරනම් කොහොමද දන්නා.එත් office එකේ කන්න,හැමෝම මේ ගැන හදවතින් හිතන්න