මරණය පෙනී පෙනී

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මරණය පෙනී පෙනී

    427303_480034768675513_109942712_n.jpg


    මරණය පෙනී පෙනී කිරිමව හඩා වැටුණි. ඝාතකයෝ පසු බට වෙති.
    මෙය සිදුවුනේ කෙසේද? තවත් අනුවේදනීය සත්‍ය කතාවක්. මොහොතක් සාවදානව මෙය කියවන්න.
    <ඔබගේ දැසට කදුලක් එක් වනු නොඅනුමානය>

    ගව ඝාතකාගාරයකට ගෙනයනු ලැබූ ගවයකුගේ දැස්‌ වලින් කඳුළු ගලා යැමේ සිද්ධියක්‌ ඔබ අසා තිබේද? චීනයේ "පීපල්ස්‌ නිව්ස්‌" පුවත්පත මෑතකදී මේ විස්‌මය ජනක සිද්ධිය අනාවරණය කළේය.

    මේ කඳුළු සැලූ ගවයා ගව ඝාතකයන්ගේ සිත් සතන් පවා වෙනස්‌ කරනු ලැබීය.

    ගව ඝාතකයෝ සුපුරුදු පරිදි මේ ගවයාව ඝාතකාගාරයේ දොරටුව වෙත දක්‌කාගෙන පැමිණියහ. එහෙත් මේ ගවයා දොරටුව ළඟ නතර වූවා මිස ඇතුළට ගියේ නැත. මෙම ගව ඝාතකාගාරය විසින් සේවයට ගෙන තිබුණේ ගවයකු බිම දැමිය හැකි ශක්‌තිමත් මිනිසුන් කීප දෙනෙකි. මෙකී මිනිස්‌සු ගවයාව ඇතුළට තල්ලු කිරීමට දැරූ සෑම උත්සාහයක්‌ම ව්‍යර්ථ වූහ. ගවයා සිටි තැනින් අඩියක්‌වත් සෙලවූයේ නැත.

    මෙයට හේතුව සොයා බැලූ එක්‌ ගව ඝාතකයකු වූ ෂියු-ටැච් කින් පුදුමයට පත්වූයේ ගවයාගේ දැස්‌වලින් කඳුළු ගලා ඒමත් එම දැස්‌ බියෙන් රතු පැහැ ගැන්වී තිබීමත් නිසාය. මට මේ සිද්ධිය අදහාගන්න බැරිවුණා කී ගවයාගේ දැස්‌වලින් නොකඩවා ඇද හැලුණු කඳුළු බිමට වැටුණා. මම විගස අනිත් අයටත් පෙන්වා ගවයාව තල්ලු කරන්න උත්සාහ කළත් ඌ සෙලවූයේ නැහැ. එකවරම බිම වාඩිවුණා. ඒ වෙලාවේ දැස්‌ වලින් දිගටම කඳුළු වැගිරුණා යෑයි ෂියු-ටැට්‌ කින් කියා සිටියේය.

    මේ නිසා ගව ඝාතකාගාරයේ ප්‍රධානියා වූ බිලි පොන් වෙත මෙම විස්‌මයජනක සිද්ධිය දැනුම් දී ඇත. "මිනිසුන් සෑමදාම සිතන්නේ මිනිසුන්ට මෙන් සතුන්ට හඬන්න බැහැ කියලයි. නමුත් මේ ගවයා ළදරුවකු මෙන් හැඬුවා යෑයි බිලිපොන් පැවැසීය.

    ගවයාගේ මේ හැŽම අනිකුත් ගව ඝාතකාගාරවලටද පැතිර ගියේය. ඔවුහු විගස එම ස්‌ථානයට පැමිණියහ. අවට ජනතාවද ගව ඝාතකාගාරය අසලට එක්‌රොක්‌ වූහ. ගවයා හඬනු දුටු ජනතාවද හැඬූහ. මේ ගවයා ඝාතනය කිරීමට ඝාතකයන් කිසිවකු ඉදිරිපත් නොවුණි. අවසානයේදී ගව ඝාතකයෝ තීරණයකට එළැඹීයහ. ඒ සිය මුදලින් ගවයාව මිලට ගෙන බෞද්ධ ආශ්‍රමයකට යෑවීමයි.

    ඒ සඳහා රැස්‌ව සිටි ජනතාවද සම්බන්ධ වූහ. ගව ඝාතකයෝ පිරිස රැස්‌ව සිටි ජනතාව අමතමින් මේ ගවයා ඝාතනය නොකිරීමට තමන් තීරණය කළ බවත් උගේ අවසානය දක්‌වා බෞද්ධ ආශ්‍රමයක සිටීම සඳහා ඉඩදෙන බවටත් පැවැසූහ.

    මේ තීරණයෙන් විනාඩි දෙකකට පසු ගවයා නැගිට්‌ටේය. අපට මෙය සිතා ගන්නටත් බැරි දෙයක්‌. මිනිසුන්ගේ වචන තේරුම් ගැනීමට ගවයාට හැකි වූයේ කෙසේද යෑයි ෂියු ටැට්‌ කින් සඳහන් කළේය.

    මගේ මුළු ජීවිතය තුළට මෙවන් දර්ශනයක්‌ දුටු මුල් වතාව මෙයයි. ගවයාගේ දැස්‌වල තිබූ බියට පත්වූ ස්‌වභාවය මට කිසි දිනෙක අමතක වන්නේ නැහැ යෑයි ඔහු තවදුරටත් කියා සිටියේය.

    චීනයේ "පීපල්ස්‌ නිව්ස්‌" පුවත්පත වැඩිදුරටත් පවසන්නේ මේ විශ්මයජනක ගවයා ඝාතකයන්ගේ මනස මුළුමනින්ම වෙනස්‌ කළ බවයි. මේ පුවතින් පෙන්නුම් කරන්නේ ගව ඝාතකයන්ගේ හදවත උණුවීමයි.

    එහෙත් දිනකට කොළඹ දෙමටගොඩ ගව ඝාතකාගාරයේ ඝාතනය වන ගවයන් සංඛ්‍යාව කොතෙක්‌ යෑයි ඔබ සිතන්නේද?
    ධර්මද්දීපය ලෙස විරුදාවලිය ලැබූ, බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පහස ලැබූ ලාංකීය පුණය බුමියේ තත්වය දෙස බලන්න.

    මෙයට දින කීපයකට පෙර ඝාතනය වූ ගවයන්ගේ සිරුරු කොටස්‌ කොළඹ මස්‌ කඩයක්‌ වෙත ලොරියකින් ගෙන එන අයුරු අපි දුටුවෙමු. එම සිරුරු ගැහෙමින් පැවතුණි. මග යන්නෝ මේ සිද්ධිය දැකගත්හ. එහෙත් ගව ඝාතනය මෙතෙක්‌ නතර වී නැත. ප්‍රසිද්ධියේ ගවයන් දක්‌කාගෙන මහමග යන පිරිස්‌ නිරතුරුවම දැක ගත හැකිව තිබේ.

    මෙයට වසර ගණනකට පෙර තංගල්ලේ සුපිරි හෝටලයක්‌ ඉදිරිපිට වෙරළ අසලම ගව ඝාතකාගාරයක්‌ විය. එම ස්‌ථානයේ ගවයන් මරණ අයුරු සංචාරකයන්ට පවා දැක ගත හැකිය. එහෙත් සුනාමිය එම ගව ඝාතකාගාරය විනාශ කළේය
     
    • Like
    Reactions: wisal and Ereshaz77

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කොහෙදි හරි දැක්කා මේ නිව්ස් එක මෙතන දාපු එක හොදයි...+5