ගස් කැපීමට ලැයිස්තුගත කෙරේ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ව්‍යාපෘතියක් හේතුවෙන් ගස් විශාල සංඛ්‍යාවක් කැපීමට ලැයිස්තුගත කෙරේ

    ව්‍යාපෘතියක් හේතුවෙන් ගස් විශාල සංඛ්‍යාවක් කැපීමට ලැයිස්තුගත කෙරේ

    March 17, 2021 08:06 pm



    මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භකර ඇති ඉහළ ඇලහැර ව්‍යාපෘතිය සඳහා යන්ත්‍රෝපකරණ රැගෙන යෑමට පාලමක් සහ නව මාර්ගයක් ඉදිකිරීමට යෑමේදී වටිනා ගස් 3,600කට අධික ප්‍රමාණයක් කපා දැමීමට ලැයිස්තුගතකර තිබුණි.
    මේ අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ සංවර්ධන කටයුතු සඳහා වනාන්තර හෙළිකිරීම නිසා ඉදිරියේදී දැවැත්න පරිසර අර්බුද රැසකට මුහුණදීමට සිදුවන බවය.
    ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේ දැවැන්ත යන්ත්‍රේපකරණ භාවිත කරමින් සිදුකෙරුණු කැළෑ කැපීමක් පිළිබඳව අද දෙරණ ඊයේ (16) රට හමුවේ අනාවරණකර තිබුණි.
    ඒ අනුව මෙම වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද එම ස්ථානයේ නිරීක්ෂණයක නිරතවිය.
    "පාලම ඉදිකරන භූමියේ දැනට පවතිනවා අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් වොට් 33,000 ක. ඒ වගේ විදුලි රැහැන් පද්ධතියක් යනවා නම් ඒකට දෙපැත්තෙන් අඩි 30ක ප්‍රමාණයක් ගස් කපන්න ඕනේ," යනුවෙන් ව්‍යාපෘති නිලධාරියෙක් සඳහන් කළේය.
    මෙම ව්‍යාපෘතිය සඳහා විවිධ ප්‍රමාණයේ ශාඛ 3,630 ක් කපා දැමීමට ලැයිස්තුගතකර තිබේ.
    ඒ අතර වෙලං, වීර, මොර, ඇහැටු සහ බුරුත ඇතුළු ශාඛ ද ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
    හුස්මට ජවයක් සංවිධානයේ කැඳවුම්කරු කවුටාමිණියේ සද්ධානන්ද හිමි "ආණ්ඩුවට අපි කියන්නේ සංවර්ධනය කරන්න. හැබැයි ගස්වලට අත තියන්න එපා." යනුවෙන් පවසති.
    මේ සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී පරිසර අමාත්‍යවරාගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළ අතර එහිදී, "ලොකු සංවර්ධන ව්‍යාපෘතියක් කරනකොට යම් හානියක් සිද්ධ වෙනවා." පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
    මෙවන් පසුබිමක පරිසරවේදීන් පෙන්වාදෙන්නේ සංවර්ධන කටයුතු සඳහා වනාන්තර හෙළි කිරීම නිසා ඉදිරියේදී දැවැත්න පරිසර අර්බුද රැසකට මුහුණදීමට සිදුවන බවය.


    http://sinhala.adaderana.lk/news/15...්-ගස්-විශාල-සංඛ්‍යාවක්-කැපීමට-ලැයිස්තුගත-කෙරේ
    ------ Post added on Mar 18, 2021 at 8:32 PM
     

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    මන් නම් කිය්න්නෙ කැලැ කැපුවට කමක් නැ.. එ වගෙම ටිකක් කොහෙන් හරි හිටවන්න ඔන..

    මොනවත් කරන්නෙ නැතුව හිටියම කියොනව මුකුත් කලෙ නැ කියල

    දෙයක් කරන්න ගියාම අපෙ උන්ගෙ ගොන් මොල එක්ක වැඩ කරන්න ගොඩක් අමාරුයි..

    :D :D :D
     

    Similar threads