ගස් නොකපා දැව ලබා ගන්නා ජපන්නු 

ජපානය කියලා කියන්නේ අද වෙනකොට ලෝකයේ දියුණුම රටක්. මේ විදිහට ජපානයේ අති දැවැන්ත දියුණුවට ප්‍රධානම හේතුව තමයි ජපන් වැසියන්. ජපානය හැම විටම ගුණාත්මක සංවර්ධන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒත් මොන ප්‍රතිපත්තියකදි වුණත් හැම අවස්ථාවකදිම පරිසරය රැකගන්න තමයි ඒ අය මුල් තැන දෙන්නේ.
අපි දැන් මේ ලිපියෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ ඒ වගේ ජපන්නු අනුගමනය කරන පට්ටම පරිසර හිතකාමී ක්‍රමවේදයක්. අපි හැමෝම දන්නවනේ දැව, එහෙමත් නැත්නම් ලී ලබා ගන්න අනිවාර්යයෙන්ම ගස් කපන්න වුවමනයි කියලා. ගස් කපන එක පරිසරයටත් ලොකු හානියක්. ඒත් ගස් කපන්නැතුව ලී ගන්න පුළුවන්නම්!!! ඇත්තටම ඒක කරන්න පුළුවන්!!!
විශ්වාස කරන්න අමාරුද? ඒත් මේ වැඩේ හරිම දක්ෂ විදිහට ජපන් වැසියන් සිදු කරනවා. ඒත් කොහොමද? අපි ඒ දැන් ඒ ගැන කතා කරමු.
මේකට ජපන් ජාතිකයන් පාවිච්චි කරන්නේ ලෝකය පුරාම ප්‍රසිද්ධ "බොන්සායි ක්‍රමය". බොන්සායි ක්‍රමය කියන්නේ ශාක නඩත්තු කරගෙන පවත්වාගෙන යන ක්‍රමයක්. බොන්සායි කියන්නේ වෙනම ක්ෂේත්‍රයක් නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු. කොහොම හරි මේ බොන්සායි ක්‍රමය පාවිච්චි කරලා විශාල ගස් නඩත්තු කරන එක තමයි කරන්නේ. තේරුණේ නැද්ද? හරි මෙහෙමයි.
සාමාන්‍යයෙන් බොන්සායි ක්‍රමයේදි පොඩි පොඩි ගස් තමයිි නඩත්තු කරලා පවත්වගෙන යන්නේ. ඒත් අපි දැන් කතා කරන මේ දැව ලබාගන්නකොට බොන්සායි ක්‍රමයට විශාල ගස් නඩත්තු කරනවා. තවත් වැදගත් දෙයක් කියන්නම්. මේ ක්‍රමය නිසා ඔය ගස්වල තියෙන ඇද කුද එහෙම නැති කරලා දාන්න පුළුවන්. ඒ නිසා හොද ගුණාත්මක බවෙන් ඉහළ දැව තමයි මේ ගස් වලින් ලැබෙන්නේ. මරු නේ.
ඊළගට කරන්නේ මේ නඩත්තු කරපු ගස් හොදට උසට මහතට ශක්තිමත්ව වර්ධනය වුණාට පස්සේ ගස්වල අතු කපා ගන්න එක. මේ අතු තමා දැව විදිහට පාවිච්චි කරන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් මතු වෙන්න ඇති දැව විදිහට ගස්වල අතු පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. හරි සාධාරණයි ප්‍රශ්නේ. එහෙනම් මෙන්න උත්තරේ... මම මුළින්ම කිව්වනේ මේ ගස් බොන්සායි ක්‍රමයට නඩත්තු කරනවා කියලා. එතකොට ගස්වල කද වගේම හොදට අතුත් වර්ධනය වෙනවා. කද කැපුවත් එකයි, අතු කැපුවත් එකයි. පැහැදිළිනේ.
හරි. ගස්වල අතු කපා ගන්නවා. කද ඉතුරුයි. ඊළගට කරන්නේ ආයෙත් මේ ගහ නඩත්තු කරන එක. එතකොට ආයෙත් කලින් විදිහටම ගහේ අතු වර්ධනය වෙනවා. හොදට ශක්තිමත්ව විශාලව.
මේක තමයි ක්‍රමය. ගහ කපන්න ඔන නෑ. අතු කපා ගන්නවා. අයෙත් අතු වර්ධනය වෙනවා. එතකොට ආයෙත් අතු කපාගන්නවා. එහෙමයි. විශ්වාස කරන්න , මේ විදිහට නඩත්තු කරන අවුරුදු 500 කටත් වඩා පරණ ගසුත් ජපානයේ තියෙනවා. කොහොමද වැඩේ!! මේක තමා නියම දියුණුව.
අවාසානයටම අපි මේ ක්‍රමයේ ඉතිහාසය ගැනයි, තවත් වැදගත් කරුණු කීපයක් ගැනයි කතා කරලා ඉමු. මේ ක්‍රමය හදුන්වන නම තමයි "ඩේසුගි ක්‍රමය". 14 වෙනි ශතවර්ශයේදි තමයි මේ ක්‍රමය ජපන්නු හොයාගෙන තියෙන්නේ. දැනට අවුරුදු 700 කට විතර ඉස්සර ඉදන්, තාම මේ වෙනකලුත් ජපානයේ මේ ක්‍රමය පාවිච්චි වෙනවා. ඉතිං කොහොමද නේද වැඩේ. මේ වගේ දියුණු ක්‍රම අනුගමනය කරන නිසා තමයි ජපාන ලෝකයේ ඉදිරියෙන්ම තියෙන රටක් බවට දැන් වෙනකොට පත්වෙලා තියෙන්නේ.